(චමින්ද ජයලත්)
මව මියගිය පසු ඇය භූමදානය කිරීමට පෙට්ටියක් ගැනීම මුදල් සොයා ගිය දියණියක පිළිබඳ පුවතක් කෑගල්ල දේවාලේගම ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
දරුවන් තිදෙනකුගේ මවක වූ 76 හැවිරිදි කේ.රේජොනා නමැති මව ඉකුත් 12 වැනිදා මියගොස් ඇති අතර ඇයගේ දේහය ලෑල්ලක්මත තබා රෙදි කැබැල්ලකින් වසා ඇය අසලින් කුප්පිලාම්පුවක්ද දල්වා දොරගුළු දමා මේ ආකාරයෙන් නිවෙසින් පිටව ගොස් ඇත.
වැඩිමහල් දරුවන් දෙදෙනා ඊට ආසන්න ගමක ජීවත්වන අතර අවිවාහක දියණිය කුලිවැඩ කරමින් මවට සාත්තු සප්පායම් කර ඇත.
දියණිය ජාඇළ ප්‍රදේශයට මුදල් සොය යද්දී මව මියගිය බව ආරංචි වූ එක් සහෝදරයකු ඒ සම්බන්ධයෙන් ග්‍රාමසේවකවරයා දැන් වූ බව පොලිසිය කියයි.
අනතුරුව කෑගල්ල නාගරික රෝහලේ නාගරික හදිසි පරික්ෂක රේණුකා සුබෝධනී කළුආරච්චි නිශ්ශංක මහත්මිය අදාල නිවෙසට ගොස් දේහය සම්බන්ධයෙන් මූලික විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව වැඩිදුර පරික්ෂණය සඳහා දේහය කෑගල්ල රෝහලට රැගෙන ගොස් ඇත.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
මියගිය මවට පෙට්ටියක් ගන්න දියණිය සම්මාදමේ ගිහින්