(තරිඳු ජයවර්ධන,ඉන්දිකා රාමනායක,ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)
මීතොටමුල්ල කුණු කන්ද කඩාවැටීමෙන් මිය ගිය ගණන 21 දක්වා ඉහළ ගොස් ඇත. මියගිය 10 දෙනකුගේ මළ සිරුරු මේ වන විට මීතොටමුල්ල වෙත රැගෙන ආවේය.
මීට සුළු මොහොතකට පෙර මළ සිරුරු හතරක් කොලොන්නාව පුරාණ රජමහා විහාරයට ගෙන ආ අතර මීතොටමුල්ල බස් ඩිපෝව අසල සැකසූ අට්ටාලයක මළ සිරුරු හතරක් තැන්පත් කර ඇත.මළ සිරුරු දෙකක් යාබද නිවසක තැන්පත් කර තිබේ.
මළ සිරුරු කොලොන්නාව පුරාණ රජමහා විහාරයට රැගෙන ඒමට නියමිතව තිබූ නමුත් මළ සිරුරු ගමට ගෙන ආ යුතු බව කියමින් මිය ගිය අයගේ ඥාතීහු විරෝධය දැක්වූහ.
තුවාල ලැබූ 11 දෙනෙක් මේ වන විට රෝහල් ගත කරනු ලැබ සිටිති. අතුරුදන් වූ ගණන පිළිබඳ කිසිදු වගකිව යුතු ආයතනයක් මේ වන තෙක් ප්‍රකාශයක් කර නැත.
පූර්ණ හානි නිවාස 145ක් තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.තවදුරටත් අවදානම් නිවාස හඳුනාගෙන එහි පිරිස් ඉවත් කිරීමට වැඩ පිළිවෙලක් සකස් කරමින් සිටින බව එම මධ්‍යස්ථානය පවසයි.











COMMENTS
මොවුන්ගේ වේදනාව අපිට තේරුම් ගන්න පුළුවන්. ඔවුන්ගේ ඉල්ලීම් ගැන කාරුණිකව සවන් දීම බලධාරීන්ගේ වගකීම. එහෙත් මට තිබෙන ප්‍රශ්නය මෙය නෙමෙයි. මේ විනාශයට සහ ජීවිත හානිවලට වගකිව යුතු මේ රටේ පරිසර ඇමතිවරයාට, බස්නාහිර පළාත් සභාවේ මහඇමතිවරයාට, කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරයාට විරුද්ධව නඩු පවරා දඬුවම් දීමට මුලික වෙන්නේ කවද? කියන එක. මීතොටමුල්ලේ අසරණ ජනතාව අවුරුදු ගණනාවක් තිස්සේ අරගල කරපු ප්‍රශ්නයට අද කාගේත් අවධානය යොමු වුනත් ඒ වෙනුවෙන් මේ අහිංසක ජනතාවට ගෙවන්න වුණ වන්දිය ඉතාමත් කුරිරු එකක් වුන එක තමයි මට තියෙන ලොකුම වේදනාව . .
කුනු කන්ද ගෙනිහින් දමන්න පාර්ලිමේන්තු සංකීර්ණයට ...
කුණුවලට ඉඩදී ජීවිත හැරදා ගමබිම් හැරදා පිටව යනු මිනිසුනේ.. එය තමා මේ පාලකයන් නුඹට දුන් එකම දෙය නව අවුරුදු උදාවේදී ............