(සිරංගිකා ලොකුකරවිට)
වර්ෂාව නිසා ඇතිවී තිබෙන ආපදාවෙන් මියගිය අයගේ අවසන් කටයුතු සඳහා සියලුම වියදම් රජය විසින් දරනු ලබන අතර ඔවුන් විපතට පත් පුද්ගලයන්ට වන්දි ගෙවීමත් හානියට පත් නිවාස හා දේපල සඳහා වන්දි ලබාදීමත් ඉදිරි දින කිහිපයේදී රජය විසින් සාකච්ඡා කර තීරණය කරන බවද අමාත්‍යවරයා පැවසීය.
වෙනත් ප්‍රදේශයකින් පැමිණි පුද්ගලයෙකු මියගොස් ඇත්නම් එම පුද්ගලයාගේ ඥාතීන් සම්බන්ධ කරගෙනහැකි උපරිම ගෞරවය ලබාදී ආදාහන කටයුතු සිදුකරන බවද අමාත්‍ය වරයා පවසයි.
රජයේ නිලධාරීන් විශාල සංඛ්‍යාවක් ගංවතුරට කොටුවී සම්බන්ද කරගත නොහැකි තත්වයකට පත්ව සිටින බැවින් ආපදා තත්වයන් පිලිම්බන්දව තොරතුරු ලබාගැනීමේදී විශ්‍රාමලත් රජයේ නිලධාරියෙකුගෙන් ලැබෙන තොරතුරක් වුවද සත්‍ය තොරතුරක් ලෙස සලකන්නැයි ද අමාත්‍යවරයා පැවසීය. විපතට පත්වූ දිස්ත්‍රික්ක හතෙහි සේවය සඳහා රජයේ සේවකයින් ප්‍රමාණවත් නොවන්නේ නම් වෙනත් දිස්ත්‍රික්ක වලින් නිලධරීන් අනුයුක්ත කරන බවද ඔහු තවදුරටත් පැවසීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපද අරමුදලක් ඇතිකොට මියගිය සහ අාපදාවට ලක්වූවන්ට ඉක්මණින් උදව් කරන්න ඕනේ...රජය විසින් මහජනයාගේ අධාර ලබාගැනීමේ අරමුදල පිහිටුවිය යුතුයි.
මේකෙනුත් බඩ වඩා ගන්නද හදන්නේ... අරමුදල් එකතු කරලා මොනවද කරන්නේ... ?
හැම දෙයකින්ම බලය අතට ගත් දේශපාලකයෝ ඉන්න රටකට අහිංසක, දුප්පත් මිනිසුන්ට පමණක් දුක්විඳින්නට හැමදාමත් ඇතිවන ඉරණමද මේ?