දැනට අත්හදා බැලීමේ කටයුතු සඳහා ඉදිරිපත් කැර ඇති වින්ඩෝස් 10 මෘදුකාංගය වින්ඩෝස් මෙහෙයුම් ක්‍රමවේදයේ අවසන් සංස්කරණය බව මයික්‍රොසොෆ්ට් සමාගමේ ප්‍රවර්ධන විධායක ජෙරී නික්සන් පවසයි. ඔහු මේ බව කියා ඇත්තේ ඇමෙරිකාවේ චිකාගෝ හි පැවති සම්මන්ත්‍රණයක දී ය.
වින්ඩෝස් ක්‍රමය ඉවත්කරමින් ඉදිරියට වෙනත් මෙහෙයුම් පද්ධතියක් හඳුන්වාදීමට ක්‍රියා කරමින් සිටින බව ද මයික්‍රොසොෆ්ට් සමාගම පවසයි.
මයික්‍රොසොෆ්ට් සමාගමේ විශ්ලේෂණ සමාගමක් වන ගාර්ට්නර් හි පර්යේෂණ අංශයේ නියෝජ්‍ය සභාපති ස්ටිව් ක්ලින්හන්ස් පවසා ඇත්තේ මෙම තීරණය ධනාත්මක වුවත් එහි යම් අනතුරුදායක තත්වයක්ද පවතින බවයි.
කෙසේ නමුත් නව ක්‍රමයක් ගැන මයික්‍රොසොෆ්ට් ගනුදෙනුකරුවන් දැනුම්වත් කිරීමේදී බෝහෝ ගැටළු මතුවිය හැකි බවද ඔහු කියයි. මේ නව හඳුන්වාදීම හේතුවෙන් මයික්‍රොසොෆ්ට් සමාගමට විශාල මුදල් සම්භාරයක් වියදම් කිරීමට සිදුව ඇතැයි ද ඔහු පෙන්වාදෙයි. සෑම වසර තුනකට වරක් මයික්‍රොසොෆ්ට්හි අධ්‍යක්ෂක මණ්ඩලය ඒකරාශි වි මී ළඟ පරිඝණක පද්ධතිය සකස් කරන අකාරය ගැන සාකච්ඡා කරණ බව ද හෙතෙම කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එ්ක හොදයි. ඒ මොකට උනත් අපිත් ඔට්ටුයි.(නදී)
වින්ඩෝස් 8 වලටත් තාම හොඳ හැටි හුරු නොවූ අපට, ඔය නව මෙහෙයුම් පද්ධතිය පැමිණි පසුව, එයට හුරු වන්නට බොහෝ කාලයක් ගතවේවි.(නදී)
මෙම නව පද්ධතිය පැරණි වින්‍ඩෝස් 7 8 පද්ධති වලටද නොමිලේ ලැබේ. ගූගල් ක්‍රෝම් මෙන් පිටු පසින් යාවත් කාලීන වේ. එවිට 10 ද 11ද නැත්නම් 50 යන්න ඉදිරියට දිස් නොවේ. සමාගමට මෙයත් සමග අවශ්‍ය අවම දෘඩාංග පහසුකම් නවීකරණය කල හැක. එවිට එක් කලකදී පැරණි පරිගණක නැවත යාවත් කාලීන නොකල හැකි පරිදි සීමා කල හැක. එමෙන්ම නව පරිගණකයක් සඳහා නව අවසරයක් (ලයිසන් එකක්) මුදල් ගෙවා ලබා ගත යුතු වේ. එවිට අළුත් වැඩ සටහන් සඳහා යාවත් කාළීන කිරීම අනිවාර්ය කල හැක. ඇපල් වැනි සමාගම් තම ජංගම මෙහෙයුම් පද්ධති සඳහා මෙම පැරණි (ඔබ්සොලීට්) කිරීම ඔබ දැක ඇත. (නදී)
වින්ඩෝස් නවත්තන්නේ නැහැ. ඒ වෙනුවට වින්ඩෝස් 10 එහෙම්ම තියල, එ්කට වෙනම කෝඩ් නේම් වලින් යාවත්කලින කරන්නයි ඉන්නේ. හරියට ඇන්ඩ්‍රොයිඩ් වගේ.(බ)
නොමිලේ ලබාදෙන ලිනක්ස් ඔපරේටින් සිස්ටම් එක මයික්‍රොසොෆ්ට් වලට වඩා දහස් වාරයක් හොදයි (බ)
නම සහ ඉන්ටෆේස් එක වෙනස්කරලා වින්ඩෝස් මෙහෙයුම් පද්දතියම දේවි. අපි නොදන්න වින්ඩෝස්. (නදී)
වින්ඩෝස් 10 බීටා ටෙස්ට් පද්දතිය මම පාවිච්චි කරනවා. එය ඉතා හොඳින් ක්‍රියාත්මක වෙනවා. වින්ඩෝස් එක්ස් පි වලට පසු ඇතිවූ සියලුම වින්ඩොව්ස් වලට වඩා හොඳින් ( වින්ඩොව්ස් 8 සාර්ථක නැහැ එයට වඩා වින්ඩොව්ස් 7 හොඳයි (නදී)
වින්ඩෝස් තිය මොන ඩොස් ආවත් පහුවදාට ලංකාවේ හොරට ගහපු එක ගන්න තියෙනවා. ඒකනිසා බයවෙන්න දෙයක් නැහැ. (බ)
මට හිතෙන හැටියට නම් එක්ස් පී වලට පස්සේ ආ වින්ඩෝස් 7 තව ගොඩක් කාලයකට වෙනස් කරන්න ඕනෑ නැහැ. ලෙහෙසියෙන් හසුරුවන්න පුලුවන් නම් තව වෙන මොනවද? (නි)
වින්ඩෝස් 8, වින්ඩෝස් 8.1 දෙකම වින්ඩෝස් 7 වලට වඩා අසාර්තකයි. මම වින්ඩෝස් 10 අත්හදා බැලීමේ සංස්කරණය පාවිච්වි කරනවා ඒක වඩා හොදයි මම හිතන්නෙ වින්ඩෝස් එක්ස්.පී වගේ කාලයක් වින්ඩෝස් 10 පවතියි. (නදී)
වින්ඩෝස් නවත්වනවා නම් හුළං එන්න 'ඩෝස්' වැඩිපුර දාන්න වේවි. (නි)
වින්ඩොව්ස් වලට සල්ලි දීල ගත්තු ඒවාට මොකද වෙන්නේ ???? (ම)
නිකම් හම්බ වෙන හින්ද දාල බැලුව.. වින්ඩෝස් 10 කියන්නේ ලෝක ලෙඩක්. අනේ ඔයාල ඕන දෙයක් කරගන්න..මගේ හොර කොපිය ඔය කෝකටත් වඩා හොදින් වැඩ කරනවා..(නදී)