(විනීතා එම් ගමගේ)
මයික්‍රෝන 20ට අඩු පොලිතින් භාවිතා කරන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය තීරණය කර ඇත.
2006 වසරේ සිට මයික්‍රෝන 20 ට අඩු පොලිතින් භාවිතය, අලෙවිය, හා ළඟ තබා ගැනීම වරදක් බවට පත්වූ නමුත් මේ වන තුරුත් ජාවාරම්කරුවන් පිරිසක් තහනම් පොලිතින් නිෂ්පාදනය කරන බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි මහතා පවසයි.
ඉදිරියේ දී පරික්ෂා කිරීම් හා වැටලීම් දැඩි කිරීමට පියවර ගත් බව ද ධර්මසිරි මහතා කියයි.
භාවිතය තහනම් කොට ඇති මයික්‍රෝන විස්සට අඩු තුනී පොලිතින් නිපදවූ හා අලෙවි කළ ස්ථාන 1648 ක් වටලා 254 දෙනෙකුට එරෙහිව නඩු පවරා ඇති බව ද ධර්මසිරි මහතා ප්‍රකාශ කරයි.
ආහාර එතීමට තුනී පොලිතින් භාවිතය හා ආහාර ගැනීමෙන් පසු ඒවා ඉඳුල් සමඟ පරිසරයට මුදා හැරීම නිසා කිසිදු කළමණාකරණ ක්‍රමවේදයකට නතු කර ගැනීමට නොහැකි වීමත් පවතින බරපතලම පාරිසරික ප්රශ්නය මතු කරන්නේ යැයි ඒ මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මිනිස්සුන්ට මොනවා වෙලාද? මයික්‍රෝන 20ට අඩු පොලිතින් පාවිච්චිය තහනම් කරලා ගොඩක් කල් නමුත් හැම තැනම ඒවා පාවිච්චි උණා අඩු නැතුව. සුපිරි වෙළඳසැල්, ඇරුනාම ගොඩක් කඩවල් වල තියෙන්නේ මේවා. දැන් තමා පරිසර අධිකාරියේ මිනිස්සුන්ට මේව මතක් වෙන්නේ. හානිය වෙලා ඉවර උණාම තමා බොරුවට කෑගහන්නේ. කමක් නෑ මේක ලංකාව නේ. මෙහෙ ඉන්නේ ඉක්මණට රවට්ටන්න පුළුවන් සහ ඉක්මනට රැවටෙන මිනිස්සු.
පොලිතීන් මිල 200% කින් වැඩිකොට විකල්ප ද්‍රව්‍ය වල මිල 50% කින් අඩු කරන්න.
මයික්‍රෝන 20 අඩු පොලිතින් නිෂ්පාදනය ගෙන්වීම විකිණීම තහනම් කරන්න. වැඩි දඩ පනවන්න.
පොලීතීන් සහ ප්ලාස්ටික් නැත්නම් මේ කසළ ගැටළුව විසඳන්න පහසුයි. අනිත් ඔක්කොම දිරනවා. ඒ නිසා නොදිරන දේවල් සම්පූර්ණයෙන්ම තහනම් කළ යුතුයි. විකල්ප තමන්ම හදා ගනියි.
ඔය පොලිතීන්වල මෛක්‍රෝන ගණන මැන ගන්න අවශ්‍ය උපකරණ පොලිසියේ සහ වෙනත් රජයේ නිලධාරීන්ට තියෙනවාද? විකාර... මම නම් කරන්නේ ඔය පොලිතින්, ප්ලාස්ටික් ටික එකතු කරලා ගිනිගොඩක් ගහල පුච්චලා දමනවා... දිරායන කුණු පරණ බැරල් දෙකකට එකතු කරනවා. මාසයක් විතර යනකොට බැරල් එක පිරුණම අනිත් බැරල් එකට කුණු එකතු කරනවා. මාසයක් විතර කුණු බැරල් එකේ ගොඩ ගැහිලා තිබුණට පස්සේ තුනී කර අවුවේ වෙලාගෙන, පැලවලට දමනවා, එතකොට රටපෝර අවශ්‍ය වෙන්නේ නැහැ...