IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


‘මයි ෆැමිලි’ කරන්න ස්වර්ණවාහිනියට ආ ජනප‍්‍රිය පවුල්වලට වුණු සිදුවීම්

2016-10-08-ent-133

ජයන්ත අතපත්තු කරන විස්තරයක්

 

ජයන්ත අතපත්තු ටෙලිවිෂන් ක්ෂේත‍්‍රයට පැමිණ වසර පහළොවක් විතර වෙනවා. එදා ‘‘හාට් බීට්’’ වැඩසටහන වෙතින් නිවේදනයට එක් වූ ජයන්ත ඉන්පසුව මුතු පලස ඇතුළු විවිධාකාර වැඩසටහන් රැසකටම නිවේදනයෙන් එක්වුණා. කෙටියෙන්ම කිව්වොත් මේ ගෙවී ගිය කාලයේ දී ප‍්‍රවෘත්ති හැරෙන්නට ජයන්ත ඉදිරිපත් නොකරපු වැඩ සටහනක් නොමැති තරම්. එලෙසින් කටයුතු කරන ජයන්න ස්වර්ණවාහිනිය වෙනුවෙන් ඉදිරිපත් කරන අලූත්ම වැඩ සටහන වන්නේ ‘‘මයි ෆැමිලි’’ නමැති විවිධ ක්ෂේත‍්‍රවලට අයත් ජනප‍්‍රිය පවුල් සහභාගී වන වැඩ සටහනයි.

2016-10-08-ent-130අපේ මාධ්‍ය ජාලයේ ප‍්‍රධාන විධායක අධ්‍යක්ෂවරයා වන අනිල් කුමාර මීගහගේ මහතා, ස්වර්ණවාහිනිය නව මානයකට ගෙන යාමේ අරමුණ ඇතිව විවිධ වෙනස්කම් කරමින් සිටි මොහොතක දී ඔහුගෙ අනුදැනුම ඇතිව අලූත් වැඩ සටහන් සඳහා යෝජනා අපෙන් විමසා සිටියා. ඒ අනුව මා ඉදිරිපත් කළ යෝජනාවකට අනුව ඔහුගේ අධීක්‍ෂණය යටතේ ‘‘මයි ෆැමිලි’’ වැඩ සටහන පටන් ගත්තා.

මේ වගේ වැඩ සටහනක් අපේ රටේ ටෙලිවිෂන් මාධ්‍යයට එක් වුණේ පළමු වතාවටයි. පේ‍්‍රක්ෂකයන්ට එය අලූත්ම අත්දැකීමක් කියලා කියන්න පුළුවනි. සෑම ඉරිදාවකම උදේ 9 සිට 11 දක්වා සජීවිව විකාශය කෙරෙන මෙම වැඩ සටහනට ජනප‍්‍රිය තරු දෙකක් ඔවුනගේ පවුලේ අය සමග පැමිණෙනවා. ඊට පස්සේ විවිධ විශේෂාංග යටතේ වැඩ සටහන පවත්වාගෙන යනවා. ඉතින් ඒ අතරේ හරි අපූරු සිදුවීම්වලටත් මුහුණ දෙන්න සිද්ධ වෙනවා.

අපි මේ වැඩ සටහනට දවසක් ජීප්සීස් කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා සහ පවුලේ අය ගෙන්නුවා. ඉතින් එදා සුනිල් අයියාට ෂේන් වෝන් වෙනුවෙන් ඩබිං කරන්න තිබුණා. එදා ෂේන්වෝන්, මාෂන් සැමුවෙල් එක්ක වූ සිදුවීම වෙනුවෙන් ඒ විදියට ඩබිං කරන්න තිබුණෙ. සුනිල් අයියා, පළවැනි වතාවට ඩබිං කළා. එදා සුනිල් පෙරේරාගෙ බිරිඳත් මේ වැඩ සටහනට සහභාගී වුණා. ඇය රූපවාහිනී වැඩ සටහනකට එක්වුණේ ප‍්‍රථම වතාවටයි. ඇයගෙන් ප‍්‍රශ්න කීපයක් අපි ඇහුවා. තම සැමියාගෙන් අපි අහන මේ දේවල් වලින් ඔබ අකමැති මොනවද කියලා?

* ගායන හැකියාව

* ජනප‍්‍රියකම

* මුදල්

ඒ වගේම ඇයගේ ජනප‍්‍රියම ගායකයා ගැනත් ඇහුවා. ඇය ඒවාට කදිමට උත්තර දුන්නා. හැබැයි බන්දු සමරසිංහ විකට රජු ගෙන්වුවාම එහි අනෙක් පැත්ත සිද්ධ වුණේ. ඔහුගෙ බිරිඳගෙන් අපි ප‍්‍රශ්න කීපයක් ඇහුවා.

ඔබගෙ දුලා දෙන්නා විදෙස් ගත වෙලා ඉන්නෙ ඔබට දැනෙන හැඟීම් මොන වගේද කියලා?

මේ වෙලාවේ බන්ධු එක්වරම බිරිදට පෙර උත්තර දුන්නා.

‘‘ඔව් ඉතින් සබන් ටික ඉතිරියි. ටූත්පේස්ට් ටික ඉතිරියි. වතුර, ලයිට් ඔක්කෝම ඉතිරියි කියලා.

ඉතින් අපි හිනා වෙද්දී එයාගෙ බිරිඳ කිව්වෙ. අනේ මට දුලා නැතුව හරිම පාළුයි කියලයි.

ඔයාගේ බිරිඳ බැරිවෙලාවත් ඔයාගේ චිත‍්‍රපටයක රඟපාන්න ආවොත්? කියලා අපි බන්ධුගෙන් ඇහුවා?

ආ එහෙනං එයාගෙ පැත්තත් පණ නැහැ කියලා මහගෙදර යාවි කියලා. එවිට බන්ධු කිව්වා. ඒත් එයාගෙ නෝනා ඒක ප‍්‍රතික්ෂේප කළා.

ටෙනිසන් කුරේ ආ දවසක ප‍්‍රථම වතාවට ඔහුගේ බිරිඳත් මේ වැඩ සටහනට එක් වුණා.

ටෙනී අය්යට තියෙන ආදරයට ටෙනි අය්යගෙ නියපොතු පවා කපන්නෙ බිරිඳ බව එදා ඔක්කෝමලා දැන ගත්තා.

රොනී ලීච් සහ ක‍්‍රිකට් ක‍්‍රීඩක සචිත‍්‍ර සේනානායක ආ දිනෙක අපි අභියෝගයක් ලෙස පිඹුරෙක් අතින් අල්ලාගෙන සිංදුවක් කියන්න කියලා සචිත‍්‍රට කිව්වා. පිඹුරට බිය නොවී සචිත‍්‍ර පිඹුරාව අතගාමින් ‘‘මධුමල ලෙස මුදු මගේ ප‍්‍රියාදර මිහිරාවිය’’ කියන මිල්ටන් මල්ලවාරච්චිගේ ගීතය ගායනා කළා.

රොනී ලීච්ට සිද්ධ වුණේ අපි ගෙනැල්ලා හිටපු රිලවා සතුටින් උඩ පනින තෙක් ගීතයක් ගැයීමටයි. එයාගෙ ‘‘අපායේ’‘ ගීතය ගයලා ඒක කොහොම හරි කරලා පෙන්නුවා.

පබෝදා සහ මාදිනි ආ දිනෙක චරිත පහක් වෙනුවෙන් මාදිනිට ඒ චරිත ස්වභාවය රඟපාන්න සිද්ධ වුණා. ඒ චරිත ගැන පුවරුවකින් ප‍්‍රදර්ශනය කිරීම බාර වුණේ පබෝදාට. හැබැයි පබෝදා ඒ කවුද කියලා දැන සිටියෙත් නැහැ. මාදිනි රඟපාන ඉරියව් දිහා බලලා එයාට ඒ චරිත ගැන කියන්න සිදු වුණා.

මේ විදියට මේ වැඩ සටහන අපි බොහොම ලස්සනට පේ‍්‍රක්ෂකයන් වෙත ගෙන එනවා. මෙම එළැඹෙන 9 වැනි ඉරිදාට ක‍්‍රිකට් තරු යුගලක් වන චාමර කපුගෙදර සහ මිලින්ද සිරිවර්ධනගෙ පවුලේ අය සමග අපි ආලින්දයට එනවා.

 

සඳුන් ගමගේ



අදහස් (0)

‘මයි ෆැමිලි’ කරන්න ස්වර්ණවාහිනියට ආ ජනප‍්‍රිය පවුල්වලට වුණු සිදුවීම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 59 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 216 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 555 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site