අපේ ශ්‍රී ලාංකික සිනමා ඉතිහාසයේ ඉංග්‍රීසි නම් යොදා නිර්මාණ වුණු සිංහල චිත්‍රපට ගොඩක් තිබුණනෙ. ඒවාට හොඳ ප්‍රසිද්ධියක් ලැබී තිබුණු නිසා ඒ චිත්‍රපට සිනමාලෝලීන් අතර ජනප්‍රිය වුණා.
ඔන්න ඒ වගේ ඉංග්‍රීසි නමක් සහිත සිංහල චිත්‍රපටයක් ළඟදි තිරගත වුණා. චිත්‍රපටයේ පෝස්ටර් නගරයේ ගමේ හැමතැනම දකින්නට ලැබුණා. ඒත් ප්‍රතිචාරය ගැන නිෂ්පාදන කණ්ඩායම සෑහීමකට පත්වෙලා නැහැ. බැලින්නම් ගොඩක් අය හිතලා තියෙන්නෙ ඒක ඉංග්‍රීසි චිත්‍රපටයක් කියලලු. ඔන්න ඒ පාර පොඩි ස්ටිකර් වගයක් මුද්‍රණය කළාලු ‘සිංහල චිත්‍රපටය’ කියලා. අර ලොකු පෝස්ටරවල මේ කුඩා ප්‍රමාණයේ පුංචි දැන්වීම් ඇලෙව්වලු. ඔන්න එදායින් පස්සෙ වැඩේ ටිකක් ගොඩගියාලු.
මේ කතාව කියද්දි අපේ මතකයට එන්නෙ 70 ගණන්වල සිදුවූවා යැයි කියන අපූරැ සිද්ධියක්. එදා විජය - මාලිනී රඟපාපු ‘මේ දෑස කුමටද’ රටේ හැමතැනම සාර්ථක ලෙස තිරගත වුණත් දකුණු පළාතේ සමහර ගම්වලට සෙනඟ ආවේම නැහැලු. පස්සේ ඒ ගැන හොයල බලලා ඒ පළාත්වල චිත්‍රපටයේ කටවුට්වල නම් වෙනස් කළාලු ‘මේ දෑස මක්කටැයි’ කියලා. ඔන්න එදායින් පස්සෙ චිත්‍රපටය බලන්න සෙනඟ ආවලු.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මෙය සිංහල චිත්‍රපටයකි