ඉතිහාසයේ පළමුවරට තම අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා දමිළ වැදි ගෝත්‍රිකයෝ සහ ආදිවාසීන් පිරිසක් එජාප බොරැල්ල කැම්බල් පිටියේ මැයි දින රැලියට පූනානි දුම්රිය ස්ථානයෙන් 30 වැනිදා දුම්රිය ගමන් ඇරැඹූහ.
මඩකලපුව කිරාන්, මිණිමිහින්තවලි, අක්කරාන සහ බිබිල නිල්ගල පාරම්පරිකව මී කැඩීම, දඩයම් කිරීම මෙන්ම ධීවර රැකියාවල නිරත තමන් දුම්රියේ ගමනක් යන පළමු වතාව මෙය බවද දෙමළ වැදි ගෝත්‍රික නායක වෛරමුත්තු නඩරාජා ඇත්තෝ පැවසීය.
මෙම මැයි දින රැලියට 30කට ආසන්න දෙමළ සිංහල ආදි වාසීන් කණ්ඩායමක් එක්වූ බව සංවිධායක අතුල ශ්‍රී ලාල් කීවේය.
‘එජාප රැලියට ගොස් ආධාර උපකාර ඉල්ලන්නේ නැහැ. අපේ සංස්කෘතිය පරිසරය, වනාන්තර බේරා දෙන්න කියා රනිල් වික්‍රමසිංහ අගමැතිට සංදේශයක් බාර දෙනවා‘ යැයි ආදීවාසී නායකයා සඳහන් කළේය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබලාගේ ඉල්ලීම් සහ අයිතිවාසිකම් ලැබෙන්න කියා මා පතනවා (බ)
හරිම හොඳයි. මේ අය අපේ ආදි මුතුන් මිත්තන්ගෙන් පැවතෙන්නෝ. (නි)
නියමයි. මේවා මෙහෙම වෙන්න ඕනෑ (නි)
මම අදමනේ මෙයාල ගැන දැන ගත්තේ.. (ර)
මේ අය රැකගන්න ඕනේ. ඔරිජිනල් ශ්‍රී ලාංකිකයන්. (ර)
මොන භාෂාව කතා කළත් මේ නියම හෙලයෝ (බ)
ඔව්නේ.පුදුමයි. (බ)
මන් ගච්චනවා රනිල් හූරා හම්බවෙන්න (බ)
අද සිට අලුත් වැදී පරම්පරාවක් බිහිවෙන්ට යනවද? (බ)
ඇත්ත තමයි. කැලේට මුළුගැන්විලා හිටියොත් කවදාවත් බලාපොරොත්තු ඉටුකරගන්න ලැබෙන්නෙ නැහැ (නි)
මමත් අදමයි ඇහුවේ මෙහෙම දෙයක් (නි)
කොහොමටත් ඔය පෙලපාලි වල මංගච්ඡන සමහර අයගෙයි මෙයාලගෙයි අතර එච්චර වෙනසක් අපිට නම් නැහැ. (නි)