මැයි දිනය නිමිත්තෙන් ප්‍රධාන දේශපාලන පක්ෂ කිහිපයක්ම මෙවර කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් සිය මැයි දින රැලි පැවැත්වීමට සැරසේ.
අද (1) බොරැල්ල කැම්බල් පිටියේ එක්සත් ජාතික පක්ෂ මැයි රැලිය පැවැත්වීමට මේ වන විට කටයුතු සූදානම් කරමින් පවතී. දිවයිනේ විවිධ ප්‍රදේශලින් මැයි රැලිය සඳහා ජනතාව පැමිණෙමින් සිටිති.
ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැලිය කිරුළපන ලලිත් ඇතුලත්මුදලි ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට මේ වන කටයුතු සූදානම් කර ඇති අතර වේදිකා ඉදිකර සැරසිලි කටයුතු කරන ආකාරය දැකිය හැකි විය.
ජනතා විමුක්ති පෙරමුණ ද සිය මැයි දින රැලිය නිමිත්තෙන් කොළඹ තිඹිරිගස්යායේ සියලු කටයුතු සූදානම් කැර ඇත.
පෙරටුගාමී සමාජවාදී පක්ෂය සිය මැයි දින රැලිය කොළඹ පිටකොටුවේ පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා දැවැන්ත වේදිකාවක් ඉදිකර සැරසිලි කටයුතු සිදුකරමින් පවතී.
මැයි දින රැලි පැවැත්වෙන සෑම ස්ථානයකම ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් රැසක්ම යොදවා ඇති අතර කොළඹට පැමිණෙන රථවාහන සඳහා අද පස්වරුවේ විශේෂ රථවාහන සැලැස්මක්ද ක්‍රියාත්මක කිරීමට නියමිතය.






















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ආපහු රට පාලනය කරන්නෙ මහින්ද අංක 2. බස්, කෝච්චි වලින් සෙනග අදිනව. විරුද්ධ රැළි අවහිර කරනව. ආපහු මහින්ද ආවත් ඔච්චරයි. රනිල් හා සිරිසේන දිගටම හිටියත් ඔච්චරයි. ඒ රටේ හොරකම, නාස්තිය හා ප්රජාතන්ත්රවාදය පැත්තෙන්. හැබැයි රටේ ආරක්ෂාව පැත්තෙන් නම් මහින්ද තමා ඉන්න ඕන. (බ)
රටේ ආරක්ෂාවට මහින්දද ඕනෑ. එතකොට මහජනතාවගේ ආරක්ෂාවට? සුදු වෑන් සෙල්ලම් දැන් අමතකද? සියලුම මිනිසුන්ට, තමන්ගේ හිසට තම අතමය සෙවණැල්ල (නි)
හෙට 2 දා පාසැල් නිවාඩුද නැත්ද විතරක් කියන්න. (ර)