විවිධ පක්ෂවලින් ඉල්ලූ බස් සියල්ලම පාහේ ලබාදී ඇති බවත් මැයි රැලිවලට පමණක් බස් 3500ක් ලබාදී ඇති බවත් වෙන් කළ බස්වලින් ලැබුණු ආදායම රුපියල් මිලියන 45 ඉක්මවා ඇති බවත් ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී රාජා ගුණතිලක මහතා පවසයි.
සාමාන්‍ය මගී ප්‍රවාහන කටයුතු ද සිදුකැරෙන බව ඔහු කියයි.
මේ අතර කම්කරු අයිතීන් උල්ලංඝනය කරමින් ලංගම සේවකයන්ගේ නිවාඩු අවලංගු කිරීම පිළිබඳව සමහර දේශපාලකයින් අවලාද නැගුවත් දිවයිනේ අත්‍යවශ්‍ය ප්‍රවාහන සේවා පද්ධතියක් වන ලංගම ජන ජීවිතයේ වැදගත් දිනයක් සහ දේශපාලනික වශයෙන් වැදගත් දිනයක් වන මැයි දිනයේ සේවය කරන්නේ මනා කැපවීමකින් බවත් ඔහු පැවසීය.
රියදුරු හා කොන්දොස්තර මහත්වරු ‘කම්කරුවනි නැගිටිව්‘ කියමින් පෙළපාළි ගියානම් රැලි වලට ජනතාව යන්නේ කෙසේදැයි ඔහු විමසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි නොදන්නා ඔය අාදායම! ඔබගේ ප්‍රධාන අරමුණ මැයි දිනයට සේවා සපයන එක නොවෙයි මහත්තයෝ. සාමාන්‍ය ජනතාවට සේවා සපයන එක. (නි)
සෙබස්තියන්, බසයකින් දවසට 12000 මදිද? මුළු ආයතනයේම පාඩු මේකෙන් පියවන්න බැහැ. පහුගිය කාලේ අරගෙන ගිහිල්ලා තවමත් නොගෙවා ඉන්න එකේ මේක ඉතා හොඳ දෙයක්. (නි)
බස් 3,500 ටම ලැබුනේ මෙච්චරද? මේ පාඩුවට ආයෙත් මොනවට බදු ගහයිද දන්නේ නැහැ. (නි)