නාරාහේන්පිට ශාලිකා ක්‍රිඩාපිටියට මැයි දිනයේ එකාබද්ධ විපක්ෂයේ හෝ ගමනාගමන මණ්ඩලයට අනුබද්ධිත මෝටර් රථ සේවක සංගමයේ සාමාජිකයකුට හෝ ඇතුළුවිම වළක්වමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පිරිස් මහතා අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
එකාබද්ධ විපක්ෂයේ මැයි රැලිය එම පිටියේ අනවසරයෙන් ආරම්භ කිරිමට පිරිසක් සැරසෙතියි ද එම නිසා ශාලික පිටිය පැත්තේ සාමය කඩවීමට ඉඩ ඇතැයි ද කියමින් නාරාහේන්පිට පොලිසිය අධිකරණයට කරුණු දැක්විය.
මෝටර් රථ සේවක සංගමයේ ටී.එම් ජයසිංහ, එකාබද්ධ විපක්ෂයේ විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන, ඩලස් අලහපෙරුම, උදය ගම්මන්පිල ඇතුළු පිරිසකට හෝ ඔවුන්ගේ දේශපාලන පක්ෂ සාමාජිකයකුට හෝ සමිති සාමාජිකයනට එහි ඇතුළු විම තහනම් කර ඇත.
අදහස් ප්‍රකාහනය කිරිම හා භාෂණය සම්බන්ධයෙන් කිසිදු නියෝගයක් නිකුත් නොකරන බව මහේස්ත්‍රාත් ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිරුලපන පිටියත් දෙන්න එපා .... (ර)
මේ වගේ කාලයක් ඉතිහාසේ කොහේවත් තිබුනේ නැහැ (නි)
කඳුළු ගෑස් ටිකක් ලෑස්ති කරලා තිබ්බොත් හොඳය් නේද ? (බ)
මෙය තියන්න ඉඩ දුන්නා නම් හොඳයි.(බ)
සැබැ ජන මතය පාගා දැමීමට තැත් කිරීමකි ගාලු යන අයට අබසරණයි (බ)
තව ටික කාලයක් යද්දී කියයි අපි යහපාලනයක් ගැන පොරොන්දු වුනේ නැහැ කියල ..(බ)
ලෝකයේ වෙනත් රටවල් වල නම් මැයි දිනය කියන්නේ වැඩකරන කම්කරු ජනතාවගේ බලය පෙන්වන හා කම්කරු අයිතිවාසිකම් දිනා ගන්නා උත්තරීතර දිනයක්. එත් මේ ලෝකෙන් උතුම් රටේ, ඒ දිනය..වන්දිබට්ටයින් විසින් පාලකයින්ට පිදුම් දෙන, පාලකයින් විසින් ඔවුන්ගේ පුරාජේරුව ගයන විට චුන්වී හුරේ දමමින් නටමින් ප්‍රීතිවන පිරිසක් ඉන්න දිවයිනක් මේක. (බ)
මේවා අන්තිමට කෙලවර වෙන්නේ 88/89 වගේ කැරැල්ලකින් එතකොට අපි කාටත් වන්දි ගෙවන්න වෙනවා. (බ)
මැයි දින පෙළපාලි පවත්වන්නේ කුමක් අරබයාද කියලවත් නොදන්නා ආණ්ඩුව (බ)
මේ තරමට විපක්ෂයට බය වුනු රජයක් මින් පෙර කිසි දාක තිබුනේ නැත. (ර)
මැයි දිනයට බාධාකළා කියන්න නම් සූදානම් වෙන්න එපා ඔන්න කවුරුවත් (නි)
මේ හුඟක් දෙනා අදහස් ලියන්නේ කරුණු දන්නේ නැතුවයි. ඔය පිට්ටනිය ඉල්ලලා තියෙන්නේ වෘත්තීය සංගම් සාකච්චාවක් තියන්න කියා මිස මැයිදින රැස්වීමක් සඳහා නොවෙයි කියායි අපිට නම් ආරංචි. එතනදීත් කරලා තියෙන්නේ කපටිකමක්නේ. පොදු විපක්ෂය කියන එකේ කෙරුවාවල් තේරුම් ගැනීමට එයත් ප්‍රමාණවත් කරුණක්. (නි)
හරියට තැනක්වත් කලින් වෙන්කරගන්න දන්නේ නැති කට්ටියක්. (නි)
කොන්ද පණ තිබෙන අය වගේ වැඩ කරන්න. සම්බන්ධන් හමුදා කඳවුරට ගියා වගේ යන්න. (නි)
මේක ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි. ඕවට වන්දි ගෙවන්න වෙන්නේ පැත්තක ඉන්න අපිට. (නි)
මේ දේශපාලන පලිගැනීම් වලින් වෙන්නේ සාමාන්‍ය මිනිස්සුන්ගේ පවා පවතින පාලනයට විරෝධී හැගීම් අවදි වෙන එකයි. (ර)
සෙනග එන්නේ නැති මැයි රැලියකට මොකද බය? (ර)
පුදුම විදිහට බය වෙලා... ඒකාබද්ධ විපක්ෂයට ජය වේවා...! (ර)
ඒකාබද්ධ විපක්ෂයට ජයවේවා. (ර)
මේවා ඔක්කොම බොරු වැඩ දෙවෙනිදා ඉදන් මොනාද හම්බෙන්නේ උත්තරේ මොකුත් නෑ අලියා ගිල්ල දිව්ලේ වගේ දේසපලනේට හොඳයි. (ර)
ඇයි ඕක තියන්නෙ කිරුලපන කිව්ව නේද? (බ)
ඕක කලයි කියල ඔතනට එන මිනිස්සු නවතීද.? (ර)
ඇයි මෙච්චර බය..... (ර)