මොහොමඩ් බුහාර්ඩීන් සහ කාංචන කුමාර ආරියදාස
දඹුල්ල මූලික රොහලට දරු ප්‍රසුතියක් සඳහා ඇතුළුකළ මවක දරුවා ප්‍රසූතියෙන් පසු මියයැමේ සිද්ධියට විරෝධය පළ කරමින් ඇගේ දේහය අනුරාධපුර මාර්ගය මැද තබා ගම්වාසීහු අද විරෝධතාවක් පැවැත්වූහ.
ගලේවෙල වෙත්තියාය පදිංචි දිපිකා ප්‍රියංගිකා(27) නැමති දෙදරු මව පසුගිය මස 21 වැනි දා දරු ප්‍රසුතිය සදහා දඹුල්ල මුලික රෝහලට ඇතුලත් කළ 25 වැනි දා රාත්‍රියේදි සිසේරියන් සැත්කමකින් දරුවා ප්‍රසුත කිරිමෙන් පසු ඇය දැඩි ලෙස රෝගාතුර වූවාය. අසාධ්‍යව දින හතරක් දැඩි සත්තාර ඒකකයේ ඇය ප්‍රතිකාර ලැබුවාය. ඇගේ වකුගඩු වලට හානි වි ඇති බව කියමින් වැඩිදුර ප්‍රතිකාර සදහා නුවර මහ රොහලට මාරු කර යවනු ලැබූ අතර දින 19ක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියිදි පසුගිය 15 දා සවස මිය ගියාය.
මෙම මවගේ මරණය වෛදයවරුන්ගේ නොසැලකිල්ල නිසා සිදුවු බව කියමින් ඇගේ සැමියා වු නන්දසිරි අධිකාරි මහතා ප්රමුඛ ගම්වාසින් ඇගේ අවසන් කටයුතු සිදුවු අද සවස ගලේවෙල වෙත්තියාය මන්සංධියේ අගේ මිනිය තබමින් විරෝදතාවක් සිදු කළහ. ඇගේ මරණයට සාදාරණයක් ඉටුකර දෙන ඉල්ලා සිටියහ.
උද්ඝෝෂණය නිසා කොළඹ - අනුරාධපුර, කොළඹ - පොලොන්නරුව, කොලඹ - ත්‍රිකුණාමලය මාර්ගවල ගමනාගමනයට පැයකට ආසන්න කාලයක් සම්පූර්ණයෙන්ම නැවතී තිබිණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සයිටම් දොස්තරලා නෙමෙයිනේ. කොහෙන් ඉගෙන ගත්ත දොස්තරලද දන්නේ නෑ.
ඉතින් මේක නේද හේතුව සයිටම් එක වහන්න කියන්න. දැන් පේනවානේ ප්‍රමිතිය !!!
මෙහෙම පාරවල් වහගෙන උද්ඝෝෂණ කළා කියලා මැරුන කෙනාට පණ එන්නේ නැති නිසා පරලොවට යහපතක් වන දෙයක් කරානම් හොදයි
ඉතාම කණගාටු පුවතක්. ගැබිණි මව රෝහලට එන්නේ බිලිදා සමග ගෙදර යන්න. ඒ වුනත් කිසියම් වරදක් වෙලා තියෙනවා. දෙවැනි දරුවා බොහෝවිට උවදුරක් නැතිව සාමාන්යව ප්‍රසුත වෙනවා. සැත්කමට භාජනය වූ හේතුව සොයාගත්තොත් විසදුම ලැබේවි . කොහොමුනත් මියගිය මවගේ දේහයට අගෞරවයක් කල බව නම් පැහැදිලිවම පෙනේ. මෙහෙම මලගිය මවට අගරු කරලා මොනවද බලාපොරොත්තු වෙන්නේ ?.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේවට මොකුත් කියන්නේ නැත්තේ මොකද?
මම දන්නා තරමට දඹුල්ල රෝහලේ රුසියානු සහ වෙනත් රටවල වෛද්‍ය උපාදිය ලබා ගත්ත වෛද්‍යවරු රාශියක් සේවය කරනවා.රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ අයගේ ප්‍රමිතිය ගැන වැඩි තැකීමක් කරන්නේ නෑ වගේ.එයාලට අදාල සයිටම් එකෙන් උපාදිය ගන්න හදන වෛද්‍යවරුන්ගේ ප්‍රමිතිය විතරද?
දඹුල්ල ඉස්පිරිතාලේ වුණ පලවෙනි සිද්ධිය නෙවේ. අනික නැති වුනේ අපේ අක්කා කෙනෙක්. ඒකයි දුක.
සයිටම් නෙමේ වැරැද්ද.. ඕනෑම දොස්තර කෙනෙක් අතින් වැරැද්දක් වෙන්න පුළුවන්. පෞද්ගලිකව ඉගෙන ගන්ඩ හොඳ ප්‍රායෝගික පුහුණුවක් දිය යුතු වගේම ලංකාවේ පෞද්ගලික විද්‍යා විද්‍යාල පිහිටුවීමට ඉඩදෙයි. දොස්තරලා පුද්ගලික වෛද්‍ය විද්‍යාල ලංකාවේ පිහිටුවනවාට විරුද්ධ චැනල් වලින් හම්බ කිරීම දොස්තරලා වැඩි වුණොත් බෙදී යන නිසයි. දොස්තර මාෆියාවට වැට බඳිමු.
අර ගලේවෙල දුවපු දොස්තරත් මාෆියා සංගමයේද? දඹුල්ල සිද්ධිය ගැන අපට මොනවත් කියන්න බෑ.
හොඳම විසදුම දොස්තරලා දෙතුන් දෙනෙකුට පාඩමක් කියල දෙන එක