හලාවත මෝය කටේ දැවැන්ත වැලි පරයක් ගොඩ ගැසීම නිසා බෝට්ටු කලපුවේ සිට මුහුදටත්,මුහුදේ සිට කලපුවටත් යාත්‍රා කිරීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බව ධීවරයෝ කියති.
බහු දින යාත්‍රා 25 ක් පමණද,විශාල ප්‍රමාණයේ එක් දින යාත්‍රා 100 ක් පමණ සහ කුඩා ප්‍රමාණයේ එක් දින යාත්‍රා 2000 කට වැඩි ප්‍රමාණයක්ද හලාවත සහ ඒ අවට ඇත.
මේ අවහිරය නිසා යාත්‍රා හලාවත කලපුවෙන් දැදුරුඔය මෝය දක්වා පැමිණ මුහුදට යායුතු බව ධීවරයෝ කියති.
වයඹ පළාත් ධීවර අමාත්‍යය සුමල් තිසේරා මහතා පැවසුයේ සිරවී ඇති වැලි පරය ඉවත් කිරීමට රුපියල් ලක්ෂ 05 ක මුදලක් වෙන් කර ඇති බවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වැලි පරය ඉවත් කරනවාටත් මුදල් ගෙවන්න ඕනද ??මම හිතුවේ මේක අති විශාල මුදලකට වැලි ගොඩ දැමීම සඳහා විකුණන්න පුළුවන් කියලයි, දැන් බැලුවාම ඉවත් කිරීමේ ගාස්තුව ලක්ෂ පහයි , ඉවත් කරලා කියුබ් එකක් හය හත් දාහ ගානේ කියුබ් දහස් ගානක්? (බ)