(ඉන්දිකා රාමනායක)
ගාලුමුවදොර පිහිටි ගෝඨා ගෝ ගමට ඉකුත් මැයි මස (9) දින එල්ල වු ප්‍රහාරය සම්බන්ධයෙන් රාජකාරි පැහැර හරින ලද පොලිස්පතිවරයා ඇතුලු එම ප්‍රදේශයේ රාජකාරි කළ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසට ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසම මගින් ජනාධිපතිවරයා වෙත නිර්දේශ කළ බව එම කොමිසම පවසයි.
මෙම පරික්ෂණයෙන් පසු සිද්ධියේ දී පහර කෑමට හා තුවාල ලැබු පිරිස් හදුනාගෙන එම වින්දිතයන්ට පොලිසිය ලවා ප්‍රමාණවත් වන්දි ගෙවීමට සිදු කරන ලෙසට මානව කොමිසම කළ නිර්දේශයේ සඳහන් වන බවද එම කොමිසම පවසයි.
මෙම සිද්ධියේ දී පොලිස්පතිවරයා සහ එම ස්ථානයේ රාජකාරි කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නතෝ මහතා ඇතුලු පොලිස් නිලධාරීන් අතින් රාජකාරි උල්ලංඝනය කිරීමත් සිදුව ඇති බවට නිරීක්ෂණ වී ඇති බවද කොමිසම සඳහන් කරයි.
සිද්ධිය වු දින අරලියහග මන්දිරය තුළ මන්ත්‍රිවරුන්, පිරිස කළ ප්‍රකාශ සම්බන්ධයෙන් නිසි පරිදි අනාවරණයක් කරගෙන නොමැති බවත්, සිද්ධියෙන් පසු ගාලුමුවදොර සාමාකාමී අරගලයේ නිරත අරගල කරුවන්ට එදින ආරක්ෂාව සහතික කිරීමට පොලිසිය අපොහොසත් වී ඇති බවද මානව හිමිකම් කොමිසම් නිවේදනයේ වැඩිුදරටත් සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සත්‍ය වශයෙන්ම, මේ සම්බන්ධයෙන් වගකිව යුතු සැමට නිසි දඬුවම් ලැබිය යුතුයි. එදා අරලිය ගහ මන්දිරයේ සිට සංවිධානය කළ මැර කල්ලි කණ්ඩායම් ප්‍රහාරය සිදු නොවන්නට, රටේ මෙතරම් ව්‍යසනයක් සිදුනොවීමට ඉඩ තිබුණි. රටේ ජනතාව විශාල ලෙස පාරට බැස්සේත්, ඔවුන් කලහකාරී ලෙස හැසිරුණේත්, මැති ඇමැතිවරුන්ගේ ගෙවල් ගිනි තැබීම් ඇතුළු සියල්ලටම හේතුවූයේ එම අනීතික මැර කල්ලි කණ්ඩායම් ප්‍රහාරය බව පෙනේ. අවසානයේ ඒ ප්‍රහාරය ගැන වගකිවයුතු අය බලයෙන් පහකර දැමීම දක්වා වර්ධනය විය..!
එදා ගාලු මෝදර සාමකාමී ප්‍රචණ්ඩකාරීන්ගේ ප්ලාස්ටික් කුඩාරම් කඩා බිඳ දැමීම පෙනුණාට ගෙවල් 100ක් පමණ ගිණිතබා තවත් දේපළ රාශියක් විනාශ කර මිනීමැරීම් කිහිපයක් හා තුවාල කිරීම් රාශියක් මෙම කොමිසමට නොපෙනීම අනුව පෙනෙන දෙයක් තමයි. මෙම කොමිසම පක්ෂග්‍රාහී බව. එවැන්නවුන්ට සමාජයේ තිබෙන ගරුත්වය සම්පූර්ණයෙන් නැතිවනබව තේරුම් ගත යුතුයි...