ඉන්දියාවේ මුම්බායි නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් සරෝජා සිරිසේන මහත්මිය විදේශ සේවයේ 17 වසරක අත් දැකිම් ලබා සිටින්නීය.
‘මම ඉන්දියාවට අමතරව තවත් රටවල් තුනක සේවය කර තියෙනවා. ඒ ප්‍රංශය බෙල්ජියම හා ස්ව්ට්සර්ලන්තය.
මම අධ්‍යාපනය ලැබුවේ ඔස්ට්‍රලියාවේ. ප්‍රංශ භාෂාව කතා කරන්න වගේම ලියන්නත් මට පුළුවන්. ප්‍රංශයට මා යවන්න ඒක විශේෂ සුදුසු කමක් වුණා. ඒ හැම රටකදිම මගේ උපරිම සේවය මගේ රටට ලබා දුන්නා.‘
ප්‍රශ්නය - ඔබේ අත්දැකීම් ඉන්දියාවේදී කොහොමද ප්‍රයෝජනයට ගන්නේ?
පිළිතුර - මුම්බායි කියන්නේ දකුණු ආසියාවේ ප්‍රධාන වාණිජ නගරය. අපිට කරන්න වැඩ ගොඩක් තියෙනවා. ප්‍රධාන වශයෙන් අපි අවධානය යොමු කරන්නේ ආයෝජකයන් ලංකාවට ගෙනියන්න. මේ අය ලංකාවට හරි ආසයි. ආයෝජකයෝ තම ආයෝජන කටයුතු වෙනුවෙන් ලංකාව තොර ගන්න කැමැත්තක් දක්වනවා. ඔවුන්ට ඒ සදහා මග පෙන්විය යුතුයි. මුම්බායි කොන්සල් ජනරාල් කාර්යාලය මගින් පාලනය වෙන ප්‍රාන්ත තුනක් තියෙනවා. මහාරාස්ට්‍රා ගුජරාට් හා ගෝවා., මහාරාස්ට්‍රා හා ගුජරාට් ප්‍රාන්ත ඒ අතරින් අපිට වැදගත්. මොකද ඒ ප්‍රාන්ත දෙකේ ඉන්නවා හොද ආයෝජකයෝ. ඔවුන් හොයාගෙන යා යුතුයි.
ප්‍රශ්නය - මුම්බායි නුවර ශ්‍රී ලාංකිකයින් කොපමණ ප්‍රමාණයක් ජිවත් වෙනවද? ඔවුන් හා ඔබේ කාර්යාලය අතර ඇති සම්බන්ධය කොහොමද?
පිළිතුර - මම දන්නා විදියට ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් මෙහෙ නැහැ. සියයකටත් අඩු පිරිසක් තමයි මෙහි ඉන්නේ. ඉගෙන ගන්න ටික දෙනකු සිටිනවා. ඔවුන්ට අවශ්‍ය රාජකාරිමය උදව් කරන්න අපි සුදානම්. අපේ රටේ ඉදලා මෙහි ඇවිත් බොලිව්ඩ් සිනමාව ජයගත්තු අග්‍රගන්‍ය නිළිය ජැකලින් ප්‍රනාන්දු මම මේ අවස්ථාවේ සිහිපත් කරනවා. ඇය අපේ රටට ආඩම්බරයක් . ඇගේ ප්‍රසංගයක් බලන්න මම ගියා. ඇය එහිදී සිංහලෙන් කතා කරනවා දැක්කාම මට පුදුම සතුටක් දැනුණා. අපි මාස ගානක් උත්සහා කර ඉන්දියානුවන් අතරට ගෙනියන්න හදන දේ ඇයට සුළු මොහොතකින් කරන්න පුළුවන්.
ප්‍රශ්නය - මෙම මුම්බායි කොන්සල් කාර්යාලය පිහිටි ගොඩනැගිල්ල අපිටම අයිති එකක්. මේකේ වටිනාකම අති විශාලයි. නමුත් ගොඩනැගිල්ල ජරාජීර්ණ වෙලා කියලා ගොඩනැගිලි දිහා බැලුවාම හොඳට පේනවා. මෙම ගොඩනැගිල්ලේ නඩත්තු කටයුතු කොච්චර කාලෙකින් සිදුවෙලා නැත්ද?
පිළිතුර- නඩත්තු කටයුතු නම් කාලෙකින් සිදුවෙලා නැහැ. මම පැමිණියාට පස්සේ යම් යම් වෙනස්කම් කළා. ඉදිරියේදී ගොඩනැගිල්ල හොඳ තත්වයට ගෙන්න අපි කටයුතු කරනවා.‘
2025 දෙසැම්බර් මස 04
736
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
563
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
453
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘මුම්බායි ආයෝජකයන් ලංකාවට කැමතියි‘
තිලක් Wednesday, 24 December 2014 04:23 AM
පුද්ගලයා කවුරුන් වුවද අප රටේ නායකත්වයට ගරුකළ යුතුය (නි)
අබේ Wednesday, 24 December 2014 12:09 PM
සුගුනවතී යන්නේ කොහෙද, මල්ලේ පොල් (නදී)
චාන්දනී කළුපෙරුම Tuesday, 23 December 2014 04:24 PM
පිස්සුද හේරත් මහතෝ, මෙයා අපේ පොදු අපේක්ෂක සිරිසේන මහතාගේ කෙනෙක් නොවේ. (නදී)
ධනන්ජය Wednesday, 24 December 2014 05:14 AM
තිලක් මොනවා කතා කරනවාද මන්දා? (නි)
තිලක් ඩුබායි Tuesday, 23 December 2014 06:02 PM
රන්ජිත්. ඔබ හරියටම හරි. (නදී)
සුගුනවති Wednesday, 24 December 2014 01:40 PM
අබේට මම කියන වහෙන් හොරෝ භාෂාව තේරෙන්නේ නැත්තේ, ඔහෙත් මොලේ උඩ වාඩි වෙලා ඉන්න නිසා. (නදී)
සේනක Tuesday, 23 December 2014 11:10 PM
රන්ජිත්, ඔය ඔලුව උඩ ඉන්න කෙනා නැත්නම් අද ඔයාලගේ ඔලු විතරක් නෙමෙයි කඳත් නැහැ (නි)
ජොහාන් Wednesday, 24 December 2014 01:02 AM
සුබ පතනවා යහපත් අනාගතයකට! (නි)
අබේ Wednesday, 24 December 2014 04:30 PM
සුගනවතී ඕවා ගැලරියට හොඳ කතා. ඔබගේ බුද්දි මට්ටම බිංදුවේ නේද? (නදී)
හේරත් Tuesday, 23 December 2014 12:59 PM
මෙතුමිය අපේ පොදු සිරිසේන මහත්තයාගේ නෑයෙක් එහෙම නෙමෙයි නේද ? (නදී)
අබේපාල Wednesday, 24 December 2014 02:18 AM
රන්ජිත්, ඔයාට ඔලුවක් තියනවද? අනේ ටිකිරි මොළේ! (නි)
අසංක Tuesday, 23 December 2014 01:23 PM
කව්ද අනේ ඉන්දියාවේ රස්සාවල් කරන්න යන්නේ. දඹ දිව යන අය නම් ඉන්නවා (නදී)
රන්ජිත් Tuesday, 23 December 2014 01:32 PM
ඔය ඔලුව උඩ ඉන්න එක්කෙනා ලබන මාසේ අයින්කරන්න අමතක කරන්න එපා. (නදී)
සුගුනවති Wednesday, 24 December 2014 03:02 AM
අබේපාල මලයගෙනුත් මට අහන්න තියෙන්නේ මලයා, රන්ජිත් මහත්මයාගෙන් අහපු ප්‍රශ්නයම තමයි. (නදී)
කසුන් Thursday, 25 December 2014 08:58 AM
මෙතුමිය රටම පිළිගත් වෛද්‍ය විමල් සිරිසේන මැතිතුමාගේ සහ වෛද්‍ය චන්ද්‍රා සිරිසේන මැතිනියගේ එකම දියණියයි. පොදු අපේක්ෂකයාට සම්බන්දයක් නැත (නදී)
සිල්වා Tuesday, 23 December 2014 01:55 PM
රන්ජිත් කට්ටියගේ කතා අහල ඔයාගේ මොලේ හොදටම කොලොප්පන් වෙලා නේද (ස)
අසංග අතපත්තු Wednesday, 24 December 2014 03:13 AM
ඹබතුමියට යහපත් සේවයක් කිරීමට ධෛර්යය ශක්තිය ලැබේවා! (නි)
සමන්ති Tuesday, 23 December 2014 02:01 PM
මේක අර නුවර තානාපති ගැන දැම්මාම ආපු පිළිතුරක් . (ස)
පද්මසිරි Tuesday, 23 December 2014 02:35 PM
ඒක හොදයි.(හේ)
ටානියා Tuesday, 23 December 2014 02:57 PM
ඒක හොඳ ආරංචියක් (නි)