ඉන්දියාවේ මුම්බායි නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් සරෝජා සිරිසේන මහත්මිය විදේශ සේවයේ 17 වසරක අත් දැකිම් ලබා සිටින්නීය.
‘මම ඉන්දියාවට අමතරව තවත් රටවල් තුනක සේවය කර තියෙනවා. ඒ ප්‍රංශය බෙල්ජියම හා ස්ව්ට්සර්ලන්තය.
මම අධ්‍යාපනය ලැබුවේ ඔස්ට්‍රලියාවේ. ප්‍රංශ භාෂාව කතා කරන්න වගේම ලියන්නත් මට පුළුවන්. ප්‍රංශයට මා යවන්න ඒක විශේෂ සුදුසු කමක් වුණා. ඒ හැම රටකදිම මගේ උපරිම සේවය මගේ රටට ලබා දුන්නා.‘
ප්‍රශ්නය - ඔබේ අත්දැකීම් ඉන්දියාවේදී කොහොමද ප්‍රයෝජනයට ගන්නේ?
පිළිතුර - මුම්බායි කියන්නේ දකුණු ආසියාවේ ප්‍රධාන වාණිජ නගරය. අපිට කරන්න වැඩ ගොඩක් තියෙනවා. ප්‍රධාන වශයෙන් අපි අවධානය යොමු කරන්නේ ආයෝජකයන් ලංකාවට ගෙනියන්න. මේ අය ලංකාවට හරි ආසයි. ආයෝජකයෝ තම ආයෝජන කටයුතු වෙනුවෙන් ලංකාව තොර ගන්න කැමැත්තක් දක්වනවා. ඔවුන්ට ඒ සදහා මග පෙන්විය යුතුයි. මුම්බායි කොන්සල් ජනරාල් කාර්යාලය මගින් පාලනය වෙන ප්‍රාන්ත තුනක් තියෙනවා. මහාරාස්ට්‍රා ගුජරාට් හා ගෝවා., මහාරාස්ට්‍රා හා ගුජරාට් ප්‍රාන්ත ඒ අතරින් අපිට වැදගත්. මොකද ඒ ප්‍රාන්ත දෙකේ ඉන්නවා හොද ආයෝජකයෝ. ඔවුන් හොයාගෙන යා යුතුයි.
ප්‍රශ්නය - මුම්බායි නුවර ශ්‍රී ලාංකිකයින් කොපමණ ප්‍රමාණයක් ජිවත් වෙනවද? ඔවුන් හා ඔබේ කාර්යාලය අතර ඇති සම්බන්ධය කොහොමද?
පිළිතුර - මම දන්නා විදියට ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් මෙහෙ නැහැ. සියයකටත් අඩු පිරිසක් තමයි මෙහි ඉන්නේ. ඉගෙන ගන්න ටික දෙනකු සිටිනවා. ඔවුන්ට අවශ්‍ය රාජකාරිමය උදව් කරන්න අපි සුදානම්. අපේ රටේ ඉදලා මෙහි ඇවිත් බොලිව්ඩ් සිනමාව ජයගත්තු අග්‍රගන්‍ය නිළිය ජැකලින් ප්‍රනාන්දු මම මේ අවස්ථාවේ සිහිපත් කරනවා. ඇය අපේ රටට ආඩම්බරයක් . ඇගේ ප්‍රසංගයක් බලන්න මම ගියා. ඇය එහිදී සිංහලෙන් කතා කරනවා දැක්කාම මට පුදුම සතුටක් දැනුණා. අපි මාස ගානක් උත්සහා කර ඉන්දියානුවන් අතරට ගෙනියන්න හදන දේ ඇයට සුළු මොහොතකින් කරන්න පුළුවන්.
ප්‍රශ්නය - මෙම මුම්බායි කොන්සල් කාර්යාලය පිහිටි ගොඩනැගිල්ල අපිටම අයිති එකක්. මේකේ වටිනාකම අති විශාලයි. නමුත් ගොඩනැගිල්ල ජරාජීර්ණ වෙලා කියලා ගොඩනැගිලි දිහා බැලුවාම හොඳට පේනවා. මෙම ගොඩනැගිල්ලේ නඩත්තු කටයුතු කොච්චර කාලෙකින් සිදුවෙලා නැත්ද?
පිළිතුර- නඩත්තු කටයුතු නම් කාලෙකින් සිදුවෙලා නැහැ. මම පැමිණියාට පස්සේ යම් යම් වෙනස්කම් කළා. ඉදිරියේදී ගොඩනැගිල්ල හොඳ තත්වයට ගෙන්න අපි කටයුතු කරනවා.‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුද්ගලයා කවුරුන් වුවද අප රටේ නායකත්වයට ගරුකළ යුතුය (නි)
සුගුනවතී යන්නේ කොහෙද, මල්ලේ පොල් (නදී)
පිස්සුද හේරත් මහතෝ, මෙයා අපේ පොදු අපේක්ෂක සිරිසේන මහතාගේ කෙනෙක් නොවේ. (නදී)
තිලක් මොනවා කතා කරනවාද මන්දා? (නි)
රන්ජිත්. ඔබ හරියටම හරි. (නදී)
අබේට මම කියන වහෙන් හොරෝ භාෂාව තේරෙන්නේ නැත්තේ, ඔහෙත් මොලේ උඩ වාඩි වෙලා ඉන්න නිසා. (නදී)
රන්ජිත්, ඔය ඔලුව උඩ ඉන්න කෙනා නැත්නම් අද ඔයාලගේ ඔලු විතරක් නෙමෙයි කඳත් නැහැ (නි)
සුබ පතනවා යහපත් අනාගතයකට! (නි)
සුගනවතී ඕවා ගැලරියට හොඳ කතා. ඔබගේ බුද්දි මට්ටම බිංදුවේ නේද? (නදී)
මෙතුමිය අපේ පොදු සිරිසේන මහත්තයාගේ නෑයෙක් එහෙම නෙමෙයි නේද ? (නදී)
රන්ජිත්, ඔයාට ඔලුවක් තියනවද? අනේ ටිකිරි මොළේ! (නි)
කව්ද අනේ ඉන්දියාවේ රස්සාවල් කරන්න යන්නේ. දඹ දිව යන අය නම් ඉන්නවා (නදී)
ඔය ඔලුව උඩ ඉන්න එක්කෙනා ලබන මාසේ අයින්කරන්න අමතක කරන්න එපා. (නදී)
අබේපාල මලයගෙනුත් මට අහන්න තියෙන්නේ මලයා, රන්ජිත් මහත්මයාගෙන් අහපු ප්‍රශ්නයම තමයි. (නදී)
මෙතුමිය රටම පිළිගත් වෛද්‍ය විමල් සිරිසේන මැතිතුමාගේ සහ වෛද්‍ය චන්ද්‍රා සිරිසේන මැතිනියගේ එකම දියණියයි. පොදු අපේක්ෂකයාට සම්බන්දයක් නැත (නදී)
රන්ජිත් කට්ටියගේ කතා අහල ඔයාගේ මොලේ හොදටම කොලොප්පන් වෙලා නේද (ස)
ඹබතුමියට යහපත් සේවයක් කිරීමට ධෛර්යය ශක්තිය ලැබේවා! (නි)
මේක අර නුවර තානාපති ගැන දැම්මාම ආපු පිළිතුරක් . (ස)
ඒක හොදයි.(හේ)
ඒක හොඳ ආරංචියක් (නි)