IMG-LOGO

මමත් ළඟදිම අම්මා කෙනෙක්

2016-06-03-ent-198

බොහෝ දෙනෙක් ආදරය කරන හැඩකාර කටකාර ලෝචනා ඉමාෂි මේ දිනවල උතුම් මව් පදවිය ලබන්න සූදානම් වෙමින් ඉන්නේ. ඉතිං අපි හිතුවා ලෝචනා ඉමාෂි එක්ක කතා කරන්න.

 

2016-06-03-ent-199ලෝචනා කොහොම ද ජීවිතේ?

තාමත් හොඳින්, සතුටින් ඉන්නවා. ජීවිතය හරිම සුන්දරයි.

 

ලෝචනා උතුම් මව් පදවියට සුදානම් වෙන කාලේ කොහොමද?

මගේ ජීවිතේ පළමු අත්දැකීම තමා මම මේ කාලෙ ලබන්නේ. ඉතිං ආසයි. මොකද මම දන්නෙ නෑනෙ කොහොමද බබෙක් ලැබෙන්න ඉන්නකොට දැනෙන දේ කොයි වගේද කියලා. පුදුම කතුහලයකින් ඉන්නේ මම. ඉවසිල්ලක් නැති තරම් ආසාවෙන්. මොකද එයාලගෙ පවුලේ පිරිමි අය තමා වැඩි. නමුත් අපේ පවුලෙ ගත්තොත් ගැහැනු ළමයි වැඩියි. ඒත් අපිට දුවෙක් ලැබුණත් පුතෙක් ලැබුණත් අපිට එකයි. මොකද ඒ අපේ බබානෙ. අපිට ලැබෙන දරැවා බාරගන්න ආසාවෙන් බලන් ඉන්නවා.

 

බබා ලැබෙද්දි මහත්තයා ලංකාවට එනවද?

ඔව්. එයා මම එද්දි ලංකාවට ආවා. මාස දෙකක් විතර මාත් එක්ක ඉඳලා ගියා. බබා ලැබෙන්න කිට්ටු වෙද්දි ආය එනවා.

 

බබා ලැබුණට පස්සෙ ලෝචනා විදෙස් ගත වෙනවද?

එහෙම තමා හිතන් ඉන්නේ. බබාටත් වීසා ලබා ගන්නත් එක්ක ගිහින් එන්න තමා අදහස.

 

දිගටම එහේ ඉන්නද අදහස?

නෑ දිගටම එහෙ ඉන්නවා කියන තීරණයක නැහැ. ඒක බලන්න ඕන බබාගෙ අනාගතේ සහ මගේ වැඩකටයුතුත් එක්ක තමා.

 

බබා ලැබුණාට පස්සෙ ආයේ රඟපානවද?

ඔව්. මොකද මම විදෙස් ගත වුණත් ඒ දේවල් අතහැරියේ නැහැ. මම ලංකාවට ආපු අවස්ථාවල ඒ ලැබුණ නිර්මාණවලට දායක වුණා. මේ සැරෙත් මම ලංකාවට ඇවිත් නිර්මාණ කිහිපයක් කළා. මේ දවස්වල බබා ලැබෙන්න ඉන්න නිසා පොඩ්ඩක් නතර කරලා තියෙනවා. මොකද අපිට වුණත් කලාවෙන් ඈත්වෙලා ඉන්න බැහැ. මට මගේ මවුපියන්, ආච්චි නංගිලා මේ හැමෝම උදව් කරනවා. ඉතිං රගපෑමෙන්, නිවේදන කටයුතු වලින් ඈත් වෙන්නේ නැහැ. ඒ දේවල් මම ඉදිරියටත් කරනවා.

 

මහත්තයගේ විරැද්ධතා නැද්ද රඟපානවට?

අනේ නැහැ. මගේ මහත්තයා ලසන්තත් කලාවට සම්බන්ධයි. නිෂ්පාදකවරයෙක්. ඉතිං එයා කලාවට ගොඩක් ආදරෙයි. මගේ වෙලාවට මට ලැබුණ මහත්තයා මට නීති රීති දාන කෙනෙක් නෙවෙයි. මම රඟපානවට අකමැත්තක් නැහැ. මගේ කැමැත්තට ඉඩ දීලා තියෙනවා. ඉදිරිය තීරණය වෙන්නේ මගේ කැමැත්තට තමා.

 

රසික රසිකයෝ ගොඩක් දෙනෙක් ඔබට ආදරෙයි. විදෙස් ගතවුණාම කොහොමද ඒ ජනප්‍රියත්වය දැනුණේ

අම්මෝ, ඒ ගැන නම් විදෙස් ගතවුණාම තමා තදින්ම දැනුණේ. මොකද ලංකාවේදී නිදහසක් නෑ කියලා හිතට දැනුණු අවස්ථා නැතුව නෙමෙයිනේ. නමුත් පිටරටකට ගියාම කතා කරන්න කවුරැත් නැහැ. කවුරැත් අඳුනන්නෙ නැහැ. ඒ වෙලාවට තමා ලංකාවේ තිබුණ සුහදකමේ වටිනාකම තදින්ම දැනුණේ. අනිත් පැත්තෙන් රඟපෑම තුළින් පවා ඈත්වෙලා ඉද්දී වටිනාකම මට තදින් දැනුණා.

 

විදෙස් ගතවීමට සිදුවීම පිළිබඳ දුකක්ද තියෙන්නේ

දුකක් නෙවෙයි. මම ඒ කාලේ ඒ රටේ විදිහට හැඩ ගැසුණා. ජීවත්වුණා. මගෙන් මහත්තයට වෙන්න ඕන යුතුකම් ඉටු කළා. ඒ දේවල් එක්ක සතුටින් හිටියා. නමුත් ආයේ ලංකාවට ආවේ කලාවට තියෙන ආසාව වැඩිවෙලා කිව්වොත් හරි.

 

මොනවද ලෝචනා අනාගත බලාපොරොත්තු

දැනට එකම බලාපොරොත්තුව මව් පදවිය. කොහොමත් මම ලොකු බලාපොරොත්තු එක්ක ජීවත් වන කෙනෙක් නෙවෙයි. නමුත් මම ගිය ආත්මෙක කරපු පින් කටයුතු නිසා වෙන්න ඇති මගේ මවුපියන්, මගේ සැමියා ඒ වගේම මෙතෙක් මගේ ජීවිතය සාර්ථක වුණේ. ඉතින් ඉදිරියත් මට හොඳ වේවි. බබා ලැබුණට පස්සෙ බබාගෙ වැඩත් එක්ක හොඳින් පවුල් ජීවිතය ගතකිරීම තමා බලාපොරොත්තුව.

 

අනූෂා රණසිංහ 

 

DESHAYA

 

2016-06-03-ent-201
2016-06-03-ent-200



අදහස් (0)

මමත් ළඟදිම අම්මා කෙනෙක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 125 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 400 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site