නියෝජ්‍ය ඇමැති රංජන් රාමනායකගේ මාමා වන මාහාචාර්ය කාලෝ ෆොන්සේකා බෑණා ගැන මෙහෙම කිව්වාලු.
‘පොලිසියේ වංචා විමර්ශන අංශයක් සහ අපරාධ විමර්ශන අංශයක් තිබෙනවා. එසේ තිබිය දී අලුත් ඒකකයකුත් පටන් ගත්තා. එය ක්‍රියාත්මක වන්නේ පාර්ලිමේන්තුවේ කොමිටියක උපදෙස් අනුව. මගේ ආදරණීය බෑනා ජනකාන්ත නළු රංජන් රාමනායකත් එහි ඉන්නවා. මගේ ලාබාල අහිංසක නළු බෑනා නොදැනුවත්කම නිසා හෝ පක්ෂයට තියෙන අන්ධ භක්තිය නිසා හෝ එයත් මේ කොමිටියේ ඉන්නවා.‘
කාලෝ මාමාගේ ප්‍රකාශයට රංජන් බෑනා සිය ෆේස්බුක් පිටුවේ ප්‍රතිචාර දක්වා ඇත්තේ මෙසේය.
‘ආදරණීය කාලෝ මාමේ, ඔබතුමා කියන ඔය කොමිටියේ මම නැත, නමුත් ජනතා මුදල් හොරකම් කළ අය ගැන හොයන මෙවැනි ඕනෑම කොමිටියකට ඕනෑම වෙලාවකට සම්භන්ද වීමට ජනතා නියෝජිතයෙක් ලෙස මම සුදානම්.
අවාසනාවක් වන්නේ කිසි කරුණක් නොදැන අභයාරාමයේ වෙසෙන ඔබගේ පැරණි මිත්‍රයාගේ ඉල්ලීමට ඔහුගේ හොරු රැළ බේරීමට ඔබගේ නම ලබාදී ඔබ ඉදිරිපත්විමයි .‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහාචාර්ය කළෝ වැනි ප්‍රබුද්දයෙක් ඉදලත් රන්ජන්ලා හැසිරෙන විදිය. එතුමාටත් ලජ්ජා කරනවා. (ස)
අනේ ඉතින් අපි දෙන්නට පිස්සන් කොටුවේ සරණයි ....... (ස)
මාමාට දුන් ඔබේ එඩිතර අවංක පිළිතුරට අපේ ගෞරවය සහ ස්තුතිය ඔබට රන්ජන්. වංචාව, දුෂණය, අසාධාරණය ඉදිරියේ විජය මාමා මෙන් කෙලින් සිටින්න. මෙවරත් ඔබට අපේ මනාපය නිසැකයි. (ස)
මහින්දට බනින ඔබතුමා රට යුද්දේ තිබෙන කලේ පාරට බස්සෙවත් නැති වන්ෂොට් දැන්නම් කට තිබෙන්නේ කාගෙන් ඡන්දේ ගන්නද? (ස)
රටේ පවත්නා නීතියට පිටින් කව්රු හෝ තමනට අවශ්‍ය ආකාරයට වෙනත් නීතියක් ක්‍රියා කරනවානම් වැරදී කියලනේ මහාචාර්ය තුමා කියන්නේ. (ම)
අනේ කාලෝ,ඔයාට ගිය කලක්. කාලෝ මොකට භය වෙනවා හොරාකාලා නැත්නම්. කාලෝ, මේ කාලය ඕවා කතා කරන්න හොඳ කාලයක් නොවෙයි (ම)
වෙච්චි දෙයක්.(හේ)
මහාචාර්යතුමනි, ඔබ පසුගිය ආණ්ඩුව කාලයේ මේ වගේ උසාවි ගියද ඒ කාලේ වූ කැත දේවල් ගැන කට වහගෙන හිටියා නේද? (නි)
මහ්චාර්යතුමාට මේවගේ දෙකේ පන්තියේ වැඩ කරන මොලේ කලඳක් නැති අයෙක් බෑනා වුනේ කෝමද (බ)
කාලෝ ට මේ තරම් අමන බැණ කෙනෙක් ලැබුන එක හරිම අවාසනාවක්. මොලයක් නැති ගානට වාචාල කතා කිරීම තමයි බෑනගේ රක්ෂාව දැන්. (ස)
අනේ කාලෝ වනේ වාසෝ. (හේ)
කාගෙවත් රූකඩයක් නෙවි නළුවෙන් වුන එක ආඩම්බරයි කියපන් රන්ජන් මහත්තයෝ (හේ)
රන්ජන්ට නළුවෙක් විදියට අකමැතිමුත් හොරු හොයන එකට කැමතියි. ඒත් මේ කාලෝ කියන්නේ නිදහස් අදහස් තිබෙන පුද්ගලයෙක් (නි)
අකාලෝචිත කාලෝ. (ම)
අවාසනාවක් වන්නේ කිසි කරුණක් නොදැන නරි බෑනෝ කුකුල්ලු ගිලින එකයි.(හේ)