‘පක්ෂය සම්බන්ධ තීරණ ගත යුත්තේ පක්ෂයේ සභාපති. මම පක්ෂයේ සභාපති වෙලා හිටියනම් කරන්න ඕන දේ මම දන්නවා අනික් අයගේ අතේ තියන ඒව ගැන කියන්න මම දන්නෙ නෑ‘ හිටපු ජනපතිනිය ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු මහින්ද රාජපක්ෂ මහතා සමග වෙනත් පක්ෂයක් සෑදීමට යෑම සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් පැවසුවාය.
යුද්දය අවසන් කළ පමණින් රටට සාමයක් ඇති නොවන බවත් එසේ ඇතිවන සාමය තාවකාලික බවත් කුමාරතුංග මහත්මිය අද (25) ගන්නෝරුව රණබිම රාජකීය විද්‍යාලයේ පැවැති මධ්‍යම පළාත් තෛපොංගල් උත්සවයට එක්වෙමින් කීවාය.
මහ ජාතිය සිංහල ජාතිය කියලා පසුගිය රජයන් විසින් අනිකුත් ජාතින්ට ඔවුන්ගේ අවස්ථාවන් නොදි මග ඇරිම නිසා පසුගිය රජයන් තමන්ගේ දේශපාලනික අවශ්‍යතාවයන් සපුරා ගැනිමට මුස්ලිම් විරෝධි දේශපාලනය, දෙමළ විරෝධි දේශපලනය කියා ජාතිවාදය වැපිරූ බවත් හිටපු ජනපතිනිය කීවාය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිර්භීත කතාවක්. (නි)
බලය තිබෙන කාලේ කකුලෙන් ඇදපු අය එක්ක නේද අද එකතුවෙලා ඉන්නේ? එදා කැබිනට් රැස්වීම් වලට ගියාම තිබුන තත්වය ගැන කියපුවා ඔබට මතක නැතිවුණාට අද වගේම මතකයි අපට (නි)
මේ නෝනා අපරාදේ අවුරුදු දොළහක් කාලය නාස්ති කළා. කළ දෙයක් නැහැ. එයාගේ යකඩ ගතියෙන්වත් රටට වැඩක් වුණේ නැත්නම් තවත් මොකටද කතා? (නි)
තිලක් ඩුබායි, පුත්තලම පැත්තේ ගියා නම් එහෙ ඉන්න ඔයගොල්ලන්ගේ නෑ පරපුර හම්බවෙන්න තිබුනා (නි)
එයාට යුද්ධය අවසන් කරගන්න බැරිවුණාට අපි මොනවා කරන්නද? (නි)
ජනතා රැල්ලට ගිහින් ක්‍ෂණිකව රටේ නායකත්වය භාරදීමෙන් රටට කෙළව ගත්ත හොඳම උදාහරණය මේතුමියගේ පාලන සමයයි. රටේ මුලතිව්, අලිමංකඩ සම්පූර්ණ හමුදා කඳවුරුපිටින්ම රණවිරුවන් 3000, 5000 ප්‍රමාණවලින් එකවර මියගියේ මේතුමියගේ පාලන කාලය තුළදීය. (අ)
තිලක් ඩුබායි කියන්නේ කවුද කියලා හිතාගත්තැකි (බ)
අපොයි ඔවු හොඳට මතකයි කළ දේවල් අපිට (නි)
අම්මෝ! නොලැබුණ එකමයි හොඳ බලනකොට (නි)
තිලක්-ඩුබායි, ඔබේ කතාව හරි. මෙයාට තුබුන කොන්ද මහින්දට ගියා නම් අද රටින් බාගයක් අපේ නොවෙයි. (නි)
මේ ගැනිව කිසිම තැනකට සම්බන්ද කර නොගැනීම තමයි හොඳම දෙය.මේ වගේ නරක ජනාධිපති කෙනෙක් ලංකාවේ හිටියේ නැහැ.(රේ)
නිර්භීත කතාවක්? මට නම් එය නිර්භීත කතාවක් නොවේ (නි)
නෝනා..., නානවා නම් නාන්න නෝනා, හැබැයි අපිව නාවන්න එපා. (නි)
රටට කරපු සේවය අපි නොදන්නවා නෙමෙයි. (නි)
අනේ මේ නෝනට අපි ලියන ඒවා පෙනෙනවා නම් (නි)
ධනුක, එතුමිය යුද්ධය බොහෝදුරටම අවසන් කරලයි තිබුනේ. අවසන් කිරීමට මහින්දට හැකිවුණේ කරුණා අම්මාන් ප්‍රභාකරන්ගෙන් ඉවත්වුණ නිසයි. ඒ වගේම, යුද්ධය අවසානයක් දක්වා කරගෙන යන්න සිදුවුණේ ජවිපෙ සහ හෙළ උරුමයෙන් එල්ලවුණ බලපෑම නිසයි. ඒවා අමතක කරන්නත් එපා! (නි)
මෙතුමියගේ කාලයේ කළ එකම දෙය පළිගැනීම පමණයි. දැන් සිදුවෙන්නෙත් ඒකයි. (අ)
රොක්සි, 2001 අවුරුද්දේදී මෙතුමියගේ පාලන කාලයේ තමයි අපිට අලිමංකඩ අහිමිවුණේ. 2005 මහින්ද එනකොට කොටි තදබලව බලය තහවුරු කරගෙන තිබුනේ. ඒ තත්වය වෙනස් වෙන්න ගත්තේ 2006 කාලයේ වසන්ත කරන්නාගොඩ මහතාගේ නායකත්වයෙන් නාවික හමුදාවත් රොෂාන් ගුණතිලක මහතා හෝ ඔහුට පෙර සිටි ගුවන් හමුදාපතිතුමාගේ නායකත්වයෙන් ගුවන් හමුදාවත් එක්වෙලා කොටින්ගේ ආයුධ නැවු විනාශ කරන්න ගත්තාම. ඒ එකමුතුව ඇතිකළේ ගෝඨාභය මහතා. (නි)
මෙතුමිය කවදාවත් හොරකම් කරලා නැහැ. කියන දේ කෙළින් තියන්න තරම් ආත්ම ශක්තියක් එතුමියට තිබුනා (නි)
අපි දන්නව ඒ කාලේ කරපුව යන්න වැඩක් බලාගෙන (අ)
ඊළඟට කරවෙන්න ඉන්න රොටියේ මුණමයි දැන් තියෙන්නේ (අ)
ඔබතුමියගේ කාලයේ ජාතික සමගියට කරපු දේවල් කියන්න. මගේ හිතේ රොටිය කරවෙන්න ළඟයි වගේ. (නි)
මෙයාට ඒ කාලේ තැනක් නැතුව ඉන්නකොට කොහොමහරි කට්ටිය අල්ලගන තැනකට ආවා.දැන් මොනවද මේ කියවන්නේ වෙලා තියන දේවල් නොදැන වගේනේ කතා කරන්නේ. (අ)
මෙතුමිය නිවැරදියි (නි)
පුදුම තරහක් දැනෙනවා මට ඇය කියන දේවල් අහනකොට (නි)
අපිට නම් මතක විදිහට ඔබතුමියගේ කාලේ තමා වැඩිම යුධ මරණ සිදුවුණේ (නි)
ඔබතුමිය සභාපති නම් 94 අගමැති ජනාධිපතිකම් ලැබුනාම කළා වගේ නැවත කරාවි. (නි)
ඔබත් සහන් මමත් සහන්. එහෙත් මම වැඩ කරපු ශ්‍රී ලංකන් ගුවන් සේවය කැබිනට් එකටවත් නොදන්වා හොරෙන්ම එමිරේට්ස් ගුවන් සමාගමට විකුණුවේ මේ නෝනාම මිස වෙන කෙනෙක් නෙවෙයි. කටුනායක පාරවල් හදන්න මිලියන් ගණනින් ගත්ත ආධාර පාරවල් නොහදාම අතුරුදහන් වුනෙත් මේ නෝනා සභාපති කාලේ තමයි. (බ)
කොටින්ට පින් දෙන්න ඕන එක ඇහැක් හරි ඉතුරු කලාට (අ)
කොන්ද කෙලින් තියන් වැඩ කරන්න පුළුවන් ශ්‍රී ලංකාවේ"යකඩ ගැහැණිය" ඔබ තුමියයි.(අ)
මෙය රටට කළ දෙයක් නැත. තවත් රටට වින නොකර පාඩුවේ ඉන්නවා නම් හොදයි. (අ)
ඉස්සරහට මෙයාට මොනවා වෙයිද සම අනුශාසකට ගිය කල (බ)
ඔබ තුමියට තිබෙන කොන්ද, අපි ඉහලට ඔසවල තියපු පිරිමි නායකයෝ දෙන්නටම නැති එක ගැනයි මට දුක. (අ)
මම ප්‍රබාකරන්ට අදටත් වෛර කරනවා මේ වගේ අයව ඉතුරු කරලා ගියාට. (බ)
බණ්ඩාරනායකල කියන්නේ දේශපාලනය කරන්න ගිහින් තමන්ගේ දේපල ජනතාව සතු කරපු ශ්‍රේෂ්ඨ නායක,නායිකාවන් බිහි කරපු පරපුරක්. (කෞ)
බලය තියනකොට නොකරපු දේවල් දැන් කියනව (කෞ)
තිලක් ඩුබායි කවුද යන්න දැන් නම් හොදටම පැහැදිලියි. අදනම් බළලා දන්නෙම නැතුව එළියට පැනල තියනවා. මෙයාට දිවවල් කීයක් තියනවද මන්ද. යුද්ධය අවසන් කරන්න මේ හැම නායකයෙකුටම අවස්ථාවක් තිබුණා එහෙත් කාටවත් යටවෙන්නේ නැතුව ඒක කළේ මහින්ද මහතාගේ නායකත්වය යටතේ අපේ රණවිරුවෝ එතුමා රණවිරුවන්ව බිල්ලට දීල සල්ලිකුට්ටි ගත්තෙ නෑ. ඒනිසා අපි අද නිදහසේ ඉන්නවා. මෙතන ඉන්න අය මැරිල ඉපදිලාද මන්ද (බ)
ඒ මරුන දෙමව් පියන්ට ජනතාවට කියල බැනුම් අස්සවන්න එපා .(කෞ)
ඔබතුමියගේ කතාව සහතික ඇත්ත. (නි)
අනේ යන්න නෝනා. අපි නොදන්නා කෙරුවාව! වැඩක් කරන්න ගියොත් ප්‍රමාදයි. වැඩක් කළාද රට වෙනුවෙන්? දැන් එනවා බයිලා කියන්න. (නි)
මෙතුමිය දෙපාරක් විධායක ජනාධිපතිනිය වෙලා ඉඳලා වැදගත් විදිහට ගෙදර ගියා. ජනතාව ප්‍රතික්ෂේප කරලා ගෙදර ගියෙත් නැහැ, නැවත මන්ත්‍රී කෙනෙක් වෙන්න ගියේත් නැහැ. ඒ අතින් බණඩාරනායක කියන නම තියපු ශ්‍රේෂ්ඨ නායිකාවක්. (නි)
ඔබතුමියට පින් සිද්ධවෙනවා වහල්භාවයෙන් අපි සහ අපේ දරුවන් නිදහස් කර දුන්නාට. (නි)
රටට කළ විපත අපිට මතකයි (නි)
තිලක්-ඩුබායිට පිස්සු හැදිලද? (නි)
අනේ මට කට අවුස්සලා මොකුත් අහගන්න එපා. (නි)
මෙයා කළ ඒවා ගැන කවුද නොදන්නේ? (නි)
චෞර රැජින කිව්වේ නිකම්ම නෙවේනේ. (බ)
කළ දේවලුත් අපි දන්නවා (නි)
පහනක් නිවෙන්න ආසන්න වෙද්දී පහන් දැල්ලේ දීප්තිය වැඩිවෙනවලු. සභාපතිකම ගැන මොන කතාද? (නි)
තිලක් ඩුබායි, මට පෙනෙන විදියට ඔබට කොන්දක් නැහැ වගේ (නි)
ඉතින් සභාපති නෙමෙයිනේ. ඒකනිසා ඔය කතාව අර අපි පොඩිකාලේ "මම කුල්රුල්ලෙක් නම්" කියලා ලියපු රචනාව වගේ අපිට නම්. (නි)
අම්මෝ මගේ හිතට එන තරහක්... (නි)
වෛරය නැවත ඇවිල්ලා වගේ (නි)
අපිත් බලා ඉන්නේ ඊළඟ ඡන්දෙ එනතුරුයි මෙයාලගේ කට්ටියට තිබෙන බලය පෙන්වන්න. (නි)
ආ මේ අපේ මැඩම්නේ.... (නි)
අන්තර්ජාතික මැදිහත්වීම වලට නොබියව ශ්‍රී ලංකාව එක්සේසත් කළ මහින්ද රාජපක්ෂ මහතා හා අභියෝග කිරීමට චන්ද්‍රිකා මැතිනිය මොනවාද කරලා තියෙන්නේ? දේශපාලකයන් සැසඳීමට නිර්නායක වියයුත්තේ කළ සේවය විනා පරම්පරාගත විභූතිය නොවේ (නි)
එතුමියගේ කාලේ සුදු වෑන් නම් තිබුනේ නැහැ (නි)
තිලක්, ලංකාව එක්සේසත් කළ නායකයන්ට අවමන් කරන්න එපා. මට පෙනෙන්නේ ඔයා අපෘෂ්ඨවංශිකයෙක් බවයි (නි)
තිලක්-ඩුබායි, රට ගැන හිතලා පක්ෂය ගැන හිතලා හොඳ කොන්දක් තිබුණු නිසා වෙන්න ඇති ඒ කාලේ හොඳ හොඳ දේවල් වුණේ (නි)
බලය නැතිකොටත් පේනවා නේද කියන දේවල්? (නි)
සියල්ල දත් බව සිතන නමුත් කිසිත් නොදත් තිලක් ඩුබායි දන්නේ මොනවාද? (නි)
තිලක් ඩුබායි මහතාගේ මොළය කාන්තර වල දැඩි රශ්මියට දෙවැනි වරටත් නරක්‌වෙලා වගේ (නි)
සභාපති වෙන්නත් කලින් මෙහෙම කතාකරනවා නම් සභාපති වුණා නම් කොහොමට හිටීද? (නි)
කණගාටුත් හිතෙනවා. ඔහොම යමු! (නි)
ඔබ බලයේ සිටින කාලය තුළ රටට කළ විනාශය අපිට මතකයි, ඔබට අමතන වුණාට. මෙවැනි ප්‍රකාශයන් නිසා ජාතීන් තව තවත් බේදවෙනවා මිස සමගිවන්නේ නැත. (නි)
කට වහගෙන ඉන්න තරමට පක්ෂයට හොඳයි. ඔයා ගත් තීරණයමනේ ඕවා ඉතින් (නි)
අපි නොදන්නවායැ කරපු හරිය (නි)
ප්‍රබාකරන් ට මිස්ට ප්‍රබාකරන් කියපු කෙනා .ප්‍රබාකරන් මැතිදුනි ඔබ නැවත අපේ රටේ ඉපදේවා !අතීතය මටක් කරලා දෙන්න. (බ)
දැන් වැඩි කතා එපා (නි)
මෙතුමිය රටට කළ ලොකුම සේවය ලෙස මම දකින්නේ කලින් පාර්ලිමේන්තුව විසිරවීමයි. (නි)
හේමන්ත, මෝඩ කතා කියන්න එපා. (නි)
බලය ලැබුණ කාලෙත් ඉතින් කළ දෙයක් තිබෙනවද? (නි)