IMG-LOGO

2025 ඔක්තෝබර් මස 12 වන ඉරිදා


මම විපක්ෂයට යන කතාව බොරුවක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

තමා විපක්ෂයට යන කතාව අසත්‍යයක් බව හිටපු ක්‍රීඩා අමාත්‍ය  පොළොන්නරු දිස්ත්‍රික් මන්ත්‍රී රෝෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (13)  පැවසීය.

මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමිනි. රොෂාන් රණසිංහ මහතා මෙසේද  ප්‍රකාශ කළේය.

අද පත්තර වල දාලා තියෙනවා මම විපක්ෂයට යනවා කියලා.මේක අසත්‍ය ප්‍රකාශයක්. සමහරු උත්සාහ කරනවා ඇති විපක්ෂයට යවන්න. මම ඉටුකරන්නේ හැට නව ලක්ෂයේ  ඉල්ලීම.

මට අයිතිය දෙන්න කතා කරන්න. කඩේ යන එකේ සීමාවක් තියෙන්න ඕන. මම නියෝජනය කරන්නේ හැට නව ලක්ෂය. ඒ අනුව තමයි මම කතා කරන්නේ. ක්‍රීඩා අමාත්‍යවරයා මගේ අතුරු කමිටුව ඉවත් කරලා තිබුණා. ඒ කියන්නේ දුෂණය ආණ්ඩුව නිල වශයෙන් අනුමත කරනවා කියන එක. විගණකාධිපති දෙපාර්තමේන්තුවට එහා ආයතනයක් නැහැ.



අදහස් (7)

මම විපක්ෂයට යන කතාව බොරුවක්

fairoos Wednesday, 13 December 2023 12:40 PM

69 ලක්ෂය දැන් නැහැ. රට කන්න එපා.

:       1       12

HELAYA Wednesday, 13 December 2023 01:36 PM

ගෝඨාභයගේ 69 දැන් ඉවරයි. දැන් තියෙන්නේ රනිල්ගේ වැට් 69...

:       1       11

Niyama Baiya Wednesday, 13 December 2023 04:55 PM

ඔබතුමා ඉන්න ඕනේ... අපි නැවත නැගිටිනවා. ජනාධිපති තුමාත් එක්ක ඡන්දෙකට යමු. අපි දිනනවා. 69 තියනවා තාමත්... ජෙප්පෝ සද්ද විතරයි, ඡන්ද නැහැ...

:       3       1

kamal Wednesday, 13 December 2023 05:42 PM

මේ මනුස්සයාත් අර මිහින්තලේ හාමුදුරුවෝ වගේනේ. හැමෝගේම අවධානය හොයන්නේ...!

:       1       3

Perera Thursday, 14 December 2023 07:04 AM

මට මතක් වෙන්නේ අර දයාසිරි හොටු පෙර පෙර අඬලා ලේ වලින් අත්සන් කරලා කිව්වේ එජාපෙන් යන්නේ නැහැ කියලා.මුන් එකෙක්වත් විශ්වාස කරන්න බැරි එවුන්

:       0       2

Dananajaya mudalige Thursday, 14 December 2023 08:40 AM

ඔව් උඹලා කොහෙවත් යන්නේ නෑ .බොරුවට කහින එක තමයි කරන්නේ

:       0       1

Kamal Friday, 15 December 2023 08:43 AM

අපි පොළොන්නරුවේ උන් බන් .මේකා මොකාද කියලා අපි හොඳට දන්නවා .අහු වෙන්න එපා මුගේ වදන් වලට

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 480 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 757 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 334 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site