‘දේශපාලනඥයෙක් විදියට මමත් යම්කිසි කාලයක් පත්තරකාරයෙක් විදියට පොළොන්නරුව සමූහ වාර්තාකරු ලෙස වැඩ කළා. ඒ නිසා මමත් යම් කොටසක් ඒ අත්දැකීම් ලබා තිබෙනවා. ලංකාවේ පත්තරකාරයෙක් ජනාධිපති වෙච්චි පළවැනි වතාව මෙය ලෙස මම හිතනවා. රැහේ උන්ට සලකන්න ඕනේ රැහේ උන්ගේ නායකයා වුණාම‘ යැයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (30) කොළඹ මහවැලි කේන්ද්‍රයේදී මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ 6 වැනි නියෝජිත සමුළුව අමතමින් පැවසීය.
පූර්ණ කාලීන ප්‍රාදේශිය ජනමාධ්‍යවේදීන්ගේ ජාතික සමුළුව හා තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ සම්මන්ත්‍රණය ද එහිදී පැවැත්විණි.
‘මාධ්‍යවේදීන් ඇතැම් අවස්ථාවල බොහෝ පීඩාවට ලක්වෙනවා. මේ රටේ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ මාධ්‍යවේදීන් වගකීම ඉටු කිරීමේදී ජනතාවගේ අයිතිය සුරක්ෂිත කළ යුතුයි. තොරතුරු දැනගැනීමේ පනත පසුගිය කාලයේ සම්මත කරගන්න අපිට පුළුවන් වුණා. පොළොන්නරුව ප්‍රාදේශිය වාර්තාකරුවන් කොළඹ ඉන්න මාධ්‍යවේදීන් දන්නවා මම මන්ත්‍රී කෙනෙක් ඇමැති කෙනෙක් ලෙස ඉන්න විට මගෙන් කිසිම හිරිහැරයක් නොවුණු බව. රජය මාධ්‍යවේදියාගේ අයිතිය සුරක්ෂිත කරනවා. මාධ්‍යවේදීන් ඉදිරිපත් කළ සංදේශය අනුව වෘත්තීය ඉල්ලීම් ලබාදීමට කටයුතු කරනවා‘ යැයි ද ජනපති කීය.
වීඩියෝ - සෙනරත් බණ්ඩාර
ඡායාරූප - ඉෂංක සුනිමල්





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නෑයන්ට සංග්‍රහ කරන හැටියෙන්ම ඒබව පේනවා (බ)
සමහර මාධ්‍යයට කුණු රහ ඕනයි කියපු කටින්ම දැන් මාධ්‍ය වර්ණනා කරනවා එයාල ගැන හොද කියල අනික් අයට මඩ ගහනවානම් මාධ්‍ය හොඳටම රසකරනවා කියයි (බ)
පසුගිය දිනක ‘පත්තර මුල් පිටුවල තියෙන්නේ ආණ්ඩු පෙරළන්න හදන මඩ‘ කියලා කට ගන්නත් ඉස්සර මෙන්න දැන් කියන කතාව... (නි)
මේ ප්‍රවෘත්තිය ඇහුනාම මට හිතුනා පරණ පත්තර ටිකක් අවුස්සලා බලන්න ඇත්තටම අතිගරු ජනාධිපතිතුමා ඉස්සර කාලේ කියපු විදිහටම ජනමාධ්‍යවේදියෙකු විදිහට සේවය කරලා තියෙනවාද කියලා. නමුත් එතුමා කියලා තියන නිසා එහෙම සේවය කරලා ඇතැයි කියලා අපට හිතන්න පුලුවන්. නමුත් පහුගිය දවස්වල එතුමාම මාධ්‍යවේදීන්ට දිගට හරහට පහර දුන්නා මට මතකයි පත්තර මුල් පිටුවලින් රට පෙරළන්න හදනවා කියලා. අනේ මන්දා අදහස් දෙකක් එක පාරටම ඇත්ත වෙන්නේ කොහෙමද කියලා. (නි)
හරියට හරි. ටික ටික ඔය එන්නේ හොඳ මඟට බව සක්සුදක් සේ පැහැදිලියි. රැහේ උන්ගේ සමහරවිට බරපතල ගැටළු තියෙන්න පුළුවන්. එ්ත් ඒවා නිසා රැහේ නැති කරගන්න හොඳ නැහැ. අමාරුවෙන් හරි රැහේ එකමුතු කරගත්තොත් අපි ගොඩ. (නි)
මොකද අප්පේ මෙච්චර ආදරයක්. දැන්ද මතක් වෙලා තියෙන්නේ අතීතය. (බ)
සුබවාදීව හිතමු. රැහේ නායකයො කිව්වොත් කිව්වම තමයි. (බ)
ඡන්දෙ ළඟයි. මාධ්‍යවේදීන්‍ෙගේ උදව්ව ඕනෑ (බ)
එ්ක නිසා වෙන්න ඇති රටේ ජනාධිපති වෙලා පත්තරෙන් රටේ තොරතුරු දැන ගන්නේ !! (බ)
ජනාධිපති තුමෝ, දැන් බයිලා කියා කියා ඉන්න කාලය ඉවරයි. දැන් ඉතින් සැබෑ වෙනස ඇතිකරන්න බලන්න ඔය වටේට ඉන්න හොර නඩේ පැත්තකට කරලා. (බ)
නොකරපු රස්සාවල් ? ග්‍රාමසේවක වැඩෙත් කරලා, මාධ්‍ය වැඩෙත් කරලා, ගොවිතැනත් කරලා. මම හිතන්නේ ඔය ඔක්කොම අමාරු වැඩ කියල හිතල වෙන්න ඇති දේශපාලනයට ආවේ. (බ)
ඔබතුමා පත්තර කියවන කෙනෙක් නිසා ලංකාදීප එසැණ පුවත්වල පාඨක අදහස් කියවනව අැති කියල හිතනව. ඔබතුමාට හැදෙනවනම් එ් ටිකමත් අැති. (බ)
මාධ්‍යවේදීන්ට බනින්න ජනපතිතුමාට බැරි මාධ්‍යවේදීන් එතුමා ගැන කරන විවේචන සහතික ඇත්ත නිසා නේද (බ)
අනේ මරු කියවනවා. මේ කනෙන් අහලා අනිත් කනෙන් පිටකළා (බ).
වැඩ කරපු පත්තරේ නම මොකක්ද ? (බ)
එහෙනම් ඇයි අර මේ ළඟදි දවසකදී පොළොන්නරුවේ මාධ්‍යවේදියෙක්ට පොලිසියෙන් ගැහුවම කතා නොකළේ (බ)
පාර්ලිමේන්තුවේ බහුතරයකගේ ක්‍රියාකාරිත්වයන්ට අනුව ඔබ රැහේ වුන් සමඟ බව අපට පැහැදිලියි . (හේ)
අනේ ජනාධිපති තුමෝ ,ඔබ තුමා කතාවට හරිම දක්ෂයි,එ්ත්... ක්‍රියාවට හරිම දුර්වලයි, බලන්නකෝ අපේ මහින්ද ජනාධිපතිතුමා .මොනවද එතුමාගේ පලාතට නොකළේ කියලා.,වරායවල් හැදුව, අධිවේගී මාර්ග හැදුව , ගුවන්තොටුපොල්වල් හැදුව, කොළඹ වගේම ගමත් දියුණු කළා. කෙටියෙන්ම කියන්වනවානම් පොළොන්නරුවට එන පාරත් මහින්ද මහත්තයනේ හැදුවේ. ඉතින් ජනාදිපති තුමෝ ඔබතුමාට උතුරුමැද පළාතේ මිනිස්සුන්ට දැනෙන පලදායි වැඩක් තාමත් කරන්නන බැරි වුනානේ. (බ)
අනේ යන්ඩ මහත්තයෝ ..ඔයාට හපාකන්න බැරි අත ඉඹින්න මතක් වෙලා තියෙන්නේ දැනුයි ..? ඔය මෙච්චර කාලයක් හිටියේ මේ ගෙන්ද ගම් පොලවේ පය ගහල මොකද මෙච්චර කාලයක් පරක්කු වුනේ ..? අපේ දේශ පාලකයෝ හරියට දක්ෂයි ...වචන හසුරුවන්න ...අවාසි වේගන යනකොට ..හරියට බැලන්ස් කරලා ...කොයි පැත්තෙන් හරි මල්ලට හලා ගන්න දක්ෂයෝ හැමදාම රටේ වැජඹුනා..අදත් එහෙමයි ....? (බ)
වැඩ කරපු පත්තරෙත් කිව්වනම් තවත් වටිනවා. (බ)