IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මම නොදැන කොහොමද ඒක කළේ?

20160329-ent-18පහුගිය කාලෙ තරමක් නිහඬව උන්න රටේ හිටපු බලවත් කාන්තා චරිතයක් ආයෙමත් සීන් එකට ඇවිල්ලා වැඩ පටන් අරන්ලු... මේ දවස්වල එයා උනන්දු වෙන්නෙ විදේස කස්ටිය කරන තානාපති පත්කිරීම් ගැන කියලත් ආරංචියි...

කාලයක් තිස්සෙ පුරප්පාඩුව තියන ප්‍රබල යුරෝපා රටක තානාපති පුටුව පුරවන්න පහුගියදා රජය කෙනෙක් තෝරාගත්ත... නිතර ඒ රටට එන මේ බලවත් නෝනා ඒ තෝරාගැනීම ගැන දැනගත්තෙ ටිකක් පහුවෙලා...

ඒක දැනගත්ත ගමන් විදේශ අංසෙ ලොක්කෙකුට කතා කරපු මේ බලවන්තිය මම දැනගන්නෙ නැතුව මේ වගේ රටවල්වලට පත්කිරීම් කරන්නෙ ඇයි කියල තදින් ප්‍රශ්න කළාලු. මේ යෝජනාව ඉහළින් ආ බව විදේශ අංසෙ කස්ටිය කිව්වත් තමන්ගෙ අනුදැනුමක් නැතුව යුරෝපයෙ බලවත් පුටුවලට කස්ටිය පත් කරන්නෙ නැහැ කියලා පොඩි සත්තමක් දැම්මය කියලත් ආරංචියි...

මේ ජරමරය නිසා දුර්මුඛ වුණු විදේශ අංසෙ ලොක්කො ඔන්න ඔය නම අනුමැතියට ඒ රටට යවන්නෙ නැතුව ඉඳිමු... අනේ අපි කී දෙනෙක් කියන ඒව අහන්නද? කියල යෝජනා වෙච්ච නම එහෙමම තියන්න කියල උපදෙස් නිකුත් කළාලු. මේ හේතු හින්ද ලෝකෙ බලවත්ම රටක සෑහෙන කාලයක් පුරප්පාඩුව තියන තනතුර තව කලක් හිස්ව තියේවි කියල විදේස කස්ටිය කියනවා.


DESHAYA



අදහස් (0)

මම නොදැන කොහොමද ඒක කළේ?

සුජිත් නිශාන්ත හේවගේ Thursday, 31 March 2016 02:51 AM

කරන දෑ කියලා කළා නම් මෙහෙම ප්‍රශ්න ඇති වෙන්නේ නැහැනේ. බලය තියෙද්දී මොළය නැත. මොළය තිබෙන විට බලය නැත. බලය හා මොළය අතර පවතින්නේ ප්‍රතිලෝම සමානුපාතයක් නොව අනුලෝම සමානුපාතයක් බව මෙයින් හෙළි වන වැදගත්ම සත්‍යය වේ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site