”ස්නේහා” ස්නේහයේ කතාව ලතාවකට කියන්නීය. ඒ, කැලූම් පාලිත මහීරත්න ටෙලි තිරයට ගෙතූ, හිරු ඔස්සේ විකාශය කෙරෙන ”ස්නේහා” ටෙලිනාට්‍ය මාලාව වෙතිනි. ස්නේහයේ ජීවන කතාව කියන ඈ උපේක්‍ෂා ස්වර්ණමාලිනීය. අද දවසේ උපේක්‍ෂාගේ සැබෑ ජීවිතයේ ස්නේහයේ කතාව ගලා යන්නේ කෙසේද? ස්නේහා සමග ආලින්දයට පැමිණෙන ඇය මේ මුහුණන්නේ ඒ සැබෑ ජීවිතයේ කතාවය.
උපේක්‍ෂා කියන්නද? ස්වර්ණමාලිනී කියන්නද? ඔබ වැඩිය කැමති කොයි විදියට අමතනවටද?
කවුරුත් කාටත් අමතන්නේ මුල් නමින්නෙ. මගේ මුලට එන නම උපේක්‍ෂා. ඒත් ස්වර්ණමාලිනි නමටත් මම ආසයි. නමුත් උපේක්‍ෂා කියලා කියන එක හොඳයි.
ගෙවීගිය ජීවිතය ගැන අද ඔබට හැෙඟන්නෙ කොහොමද?
ජීවිතය වචනවලට පෙරළන්න හරි අමාරුයි. අද වන විට මගේ ජීවිතය දිහා බැලූවොත්, මටම පුදුම වන තරමට මම ශක්තිමත් වෙලා. කාන්තාවකට මානසික ශක්තිය බෙහෙවින්ම වැදගත්. අද මම ඒ වගෙයි. මනස හිත ශක්තිමත්.
ඇයි මීට පෙර එහෙම වුණේ නැද්ද?
අවුරුදු විසි ගණන් ලබද්දී ජීවිතය බොහොම සැහැල්ලූවට ගත්ත කෙනෙක් වුණා. ඒත් අද එහෙම නැහැ. ජීවිතයේ බැ?රුම් බව දැනෙනවා. ඒත් ඉදිරිය තීරණාත්මක බවයි දැනෙන්නෙ. ජීවිතයට බද්ද වෙලා තියෙන දේශපාලනය, කලාව, වෘත්තීය කටයුතු, සමාජ සේවය (යම්තාක් දුරකට) අධ්‍යාපනය මේ සියල්ල සමග යම්කිසි ව්‍යාකූල බවක් දැනෙන්නෙ. ආගම-දහම සහ අධ්‍යාත්මය හැර, ඒ ව්‍යාකූල බවත් එක්ක ගෙවී යන ජීවිතයේ සියල්ල කාලයට ඉඩදීලා, බුද්ධිමත්ව හිතට එකඟව තීරණ ගත යුතු කාලයක් එළැඹෙන්නෙ.
ජීවිතය අරගලයක් කියලද කියන්නෙ?
විටෙක අරගලයක්, සටනක්, ප‍්‍රහේලිකාවක්. නමුත් වඩාත් වැදගත් වන්නෙ තමන් සමාජයට හානි නොකර තමුන්ට හානියක් නොකරගෙන තමන්ට වැදගත් වන පරිදි, තෘප්තිමත්ව ජීවිතය ගත කිරීම මගේ ප‍්‍රයත්නයයි.
ඔබ ජීවිතයේ තෘප්තිමත් වන්නේ මොනවායින්ද?
එය එක එක පුද්ගලයාට අනුව සාපේක්‍ෂවන දෙයක්. දෙකෝටියක පමණ ජනතාවක් සිටින රටේ මාත් එක් චරිතයක් විතරයි. ජීවිතයේ සියල්ල අතිසාර්ථක නොවෙන්න පුළුවනි. නමුත් ඒ සමබර ජීවිතයට මම ආසයි. උපේක්‍ෂා ස්වර්ණමාලීනි, උපේක්‍ෂා ස්වර්ණමාලීනීව විඳිනවා. මට මගේ වටිනාකම දැනෙනවා. ඒක ආත්මාර්ථකාමී බවක් නෙවෙයි. කුඩා කාලයේ ඉඳලාම මම පීනන්න පුරුදු වෙලා හිටියා. චිත‍්‍ර අඳින්න ආසා කළා. නැවතත් ඒකට කාලය යොදා ගෙන. යම් තරමක සමාජ සේවයෙත් යෙදෙනවා. මේ දේවල් වෙතින් තෘප්තිමත් වෙනවා.
අද ඔබට හිතෙන්නෙ නැද්ද දේශපාලනය නොකර කලාවම කළා නම් හොඳයි කියලා?
සෑම දෙයකම හොඳ පැත්ත වගේම නරක පැත්තකුත් තියෙනවා. අපි කළ යුත්තේ මොන පැත්තේ හිටියත් හොඳ හඳුනාගෙන එයින් සේවයක් කිරීමයි. කලාවට හෝ දේශපාලනයට හෝ තවත් ඕනෑම දෙයකට මම ලෝභ නැහැ. මොකද සෑම දෙයක්ම ඇතිවෙලා-නැතිවෙලා යනවා. ඒ දහම මම හඳුනනවා. ඒත් ඒවා පරාජයන් ලෙස බාර ගන්න මම කැමති නැහැ. ජීවිතය කොතැනින් හෝ අරඹාවි. මගේ ගතේ ශක්තිය තියෙනතාක් එහෙම කරාවි. දැන් මට 30 යි. පුද්ගලික ජීවිතයේ මම දික්කසාද වූ කෙනෙක්. හැමෝටම හැම දෙයක්ම ලැබෙන්නෙත් නැහැනෙ. නමුත් ලැබුණු දෙයට වටිනාකමක් දීමට මම කැමතියි. අනෙක් ජීවිත එක්ක මම සසඳන්නෙ නැහැ. ඒත් ආත්ම ශක්තිය හරි වැදගත්.
ඉදිරි ගමන ගැන හිතෙන්නෙ කොහොමද?
පැහැදිලිවම ඒ ගමන මම හඳුනාගත යුතුයි. දැන් මම සිටින්නෙ මගේ ජීවිතයට වග කියන වයසක. දැන් කාටවත් ඒ ජීවිතයට බලපෑම් කරන්න මම ඉඩ තියන්නෙ නැහැ. ගැටලූ මැද්දෙ හරි ගෙවෙන ජීවිතය මට සුන්දරයි
.
ඔබ වැඩිපුර කැමති දැන් මේ ගෙවන ජීවිතයටද? නැතිනම් බිරිඳක, මවක වී ගෙවන ජීවිතයකටද?
ආසියාතික කාන්තාවක ලෙස ජීවිතය ගත කළ යුතු විදියක් සම්ප‍්‍රදායයක් සහ සංස්කෘතියක් තියෙනවා. ඒ පරිසරය ඇතුළේ සෑම කාන්තාවකම බලාපොරොත්තු වන අරමුණු සහ සම්ප‍්‍රදාය තමයි මටත් තියෙන්නෙ.
පිරිමි සමාජය ඔබට ලොල් කරන්නෙ ඔබගෙ රූ සපුව නිසා කියලද හිතන්නෙ?
ඒක සාමාන්‍ය දෙයක්. පිරිමියකුට කාන්තාවක් ලස්සනම වෙන්න ඕනෑ නැහැ. ආච්චි අම්මා කෙනෙක් උසාවි ඇවිත් හිටියා. ඇයි දන්නවද? ඇයව දූෂණය කරලා. ඉතින් බලන්න මම කියන කතාව හරි නේද? රූපයටත් අගයක් තියෙන බව ඇත්ත. ඊළඟට කරන්නෙ වර්ණනා කරන එකයි. මොන විදියට වුණත් ඒ පිරිමි සමාජයෙන් ලැබෙන ප‍්‍රතිචාරවලට සහ අනෙකුත් අයගේ ප‍්‍රතිචාරවලට මම ගරු කරනවා. මොකද මට ජීවිතයට ලබා ගත හැකි බොහෝ දේ ඒ සියල්ලෙහි තියෙන නිසා.
අද ඔබ වැඩිය රඟපාන්නෙ නැත්තෙ?
”ස්නේහා” දීර්ඝ නාට්‍යයක්. කොහොමටත් මගේ හැටි එහෙමයි. ඒක දීර්ඝ නාට්‍යයක රඟපාද්දී තව ගොඩක රඟපාන්නෙ නැහැ. එදා අතිශය ජනප‍්‍රිය වූ ”පබා” නැවත විකාශය වෙනවා. සින්ඩරෙල්ලා සහ මායා චිත‍්‍රපට තිරගත වීමට නියමිතයි.
වෙනත් චරිත ලැබුණොත් බාර ගන්නවද?
අනිවාර්යෙන්ම ඔව්. රංගනය මගේ ආත්මයට මියෙනතාක් බද්ද වූවක්. මම ඒකට ගරු කරනවා.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිත් දන්නවා (නි)
ඔයා රඟ පාපු දීර්ගම නාට්ටියේ විස්තර ටිකක් කියන්නකෝ ඊළඟ ආටිකල් එකේ. (ස)
මන් හුඟාක් ආදරය කරන නිලියක් , ඔයාට හැමදේම සුබෙන් සුබම පතමි. ලංකාදීපයට ස්තුති මේ පින්තුර පල කරට , මේවා බොහොම ලස්සනයි. බලාගෙනම ඉන්න පුළුවන් වගේ. (ස)
හොඳ නිළියක් (නි)
අනේ රඟපාන්නත් බැහැ,කතාකරන්නත් දන්නේ නැහැ,දේශපාලනයත් දන්නේ නැහැ, (බ)
18 ගැන කතා කරපුවත් අපිට තාම මතකයි. (නි)
රොෂාන්, හරියටම හරි කිව්වා. අපේ ගම්පහ කට්ටිය මෙයාව වැඩිම ඡන්දෙන් පත්කළේ ටීවී එකේ දැකලා ප්‍රසිද්ධියටනේ. නැත්නම් මෙයාලා වගේ ගොඩක් අය පාර්ලිමේන්තුවේ ඉන්න විදියක් නැහැනේ. අපේ මිනිස්සු වැඩි දෙනෙක්ට සුදුස්සා සුදුසු තැනට පත්කරන්න ඔලුව කල්පනා කරන්න නම් තේරෙන්නේ නැහැ (නි)
ඔය ගැන අපිට කියන්න අප ඔයාට ඡන්ද දුන්න හරක්ට කියන්න (ස)
ඔයා හරි උපේක්ෂා.ඔයාගේ වටිනාකම අපිත් දන්නවා.ඔයා හොඳ නිළියක් (නි)
හදවතටම කතාකරන දක්ෂම නිළියක්.සුබ පැතුම්! (නි)
ඔයා හරිම දක්ෂයිනේ (ස)
දේශපාලනයට හොදට ගැලපෙනවා. නුගත් , මෝඩ ඡන්ද දායකයන් බහුතරයක් ඉන්න රටක් කවදාවත් දියුණු වෙන්නේ නෑ. ඔවුන් දුක උරුම කර ගන්නේ තමන්ගේම කැමැත්තෙන්. නිලියක් විදියට ඔබට සුභ පැතුම්. (නදී)
රටට වෙලා තියෙන එක හෙණයක් තමයි මේ නළු නිළියො පාර්ලිමේන්තු යාම (නි)
ඔයාගේ වටිනාකම තීරණය වෙන්නේ ඡන්ද කාලෙට. ඔයා නෙමෙයි අනිත් පක්ෂයි අගය තීරණය කරන්නේ. (නි)
මුලින්ම ෆොන්සේකා මහත්තයගේ වේදිකාවට නැග්ගා. ඊට පස්සේ යූඑන්පී එකෙන් පාර්ලිමේන්තු ආවා. ඊටත් පස්සේ සන්ධානෙට පැන්නා. මේ ටික කාලෙට කරපුවා තමයි ඒ. රටට සේවය කරන්න ඔයාට තියෙන උනන්දුව ඒකෙන්ම පේනවා. (නදී)
උන්නත් දාහයි මලත්දාහයි.දාහයි. දැන් පෙන්ෂන් එක හරිනේ. ජීවිත කාලයම අපේ බදු සල්ලි වලින් ජිවත් වෙයි. රටට කරපු දෙයක් නැහැ. මෙය කපන්න එපා. ඇත්ත එකයි. (අ)
රොෂාන් හරියට හරි! (නි)
කොහොම කොහොම හරි අවුරුදු 5 ඇද ගත්තොත් කාටද ඉතිං? මෙයාලා ඩුබායි වලින් ගොඩ බැහැලා පාලිමන්ට් ගිහින් විශ්‍රාම වැටුපකුත් ගනියි රට වෙනුවෙන් කළ සේවය කියා නමුත් ඉගෙනගත්ත මිනිස්සු මහපාරේ...(ම)
ඔයා රඟපාන්න. දේශපාලනයට ඔයා සුදුසු නැහැ. ගම්පහ මිනිසුන්ටත් අවනම්බුවක් කළේ දේශපාලනයට ඇවිල්ලා. (නි)
වටිනාකම කියන්නකෝ බලන්න ඉතින්... (නි)
හැමදේම බදාගෙන කිරිම හොඳ දෙයක් නෙමෙයි නංගි.(ම)
ඔයා එක්ක සජීවිව කතා කළහම ඔයාගේ දැනුමේ දිග පලල, දේශපාලනය ගැන ඇති හසල දැනුම් සම්භාරය ඕන පොඩ් ළමයෙකුට තේරෙනවා. අනේ මේ කාවද රවට්ටන්න හදන්නේ. අපේ රටේ ඉන්න නූගත් හැඟිම් වලට වහල් වෙන ටෙලි නාට්‍ය ඇත්ත කියලා හිතාගෙන බලන අහිංසක ජනතාව නේද? (බ)
උපේක්ෂා මමත් හරිම කෙමති නිළියක්.දක්ෂ නිළියක් වගේම හරිම සරල,නිහතමානී කෙනෙක්.මම සුබ පතනවා ඔයාගේ අනාගතයට!ඒ වගේම ඔයා ඉන්න නිසා තමා ස්නේහා බලන්නෙත් (නි)
තමන්ට හරි හැටි දැනුමක් සුදුසුකමක් නැතුව දේශපාලනයට එන කෙනත් කරන්නෙත් වැරැද්දක්. ඒ වගේ අයට නාමයෝජනා දෙන පක්ෂ කරන්නෙත් වැරැද්දක්. ඒවගේ අයට ඡන්ද දෙන ඡන්ද දායකයො කරන්නෙත් වැරැද්දක්. ඕකෙන් මේකෙන් වෙන්නෙ රටට හෙන ගහන එක තමයි. (දිල්)
කොච්චර ලස්සනද නම්බුද රඟපැම නර්තනය හරියට කරගෙන ඉන්නවා නම්. ඇයි තමන්ට කරන්න බැරි මහා ලොකු දේවල් මිනිස්සු බාරගන්නේ. (නි)
නොදන්නා දෙමළෙට ගිහින් වරිගෙ නහගන්නෙ නැතුව තමන්ට ගැළපෙන රඟපෑම කරගෙන ඉන්න නංගි. ඔයා ලස්සනයි. (නි)
අහිංසක ජනතාවගේ බදු මුදල් වලින් යැපෙන්නෙ නැතුව රක්ෂාවක් කරලා මුදල් හොයාගෙන ජීවත්වෙන්න. ඊළඟ අාත්මයේ මීටත් වැඩිය ලස්සන වෙලා ජනතාව අතර බැබළෙන්න පුලුවන් වෙයි (නි)
පාර්ලිමේන්තුවේ පුටු රත් කරන දේශපාලඥයින්ව වහාම ඉවත්කල යුතුයි. ඔවුන්ට බඩකට පිරෙන්න කන්න දෙන්නේ, ලක්ෂ ගනන් පඩි ගෙවන්නේ, විශ්‍රාම වැටුප් ගෙවන්නේ, ඉන්ධන දීමනා දෙන්නේ අපි දුක් විඳලා හම්බ කරන සල්ලි වලින්. (ස)
අපේ රටේ දේශපාලනය කරන්න අවම සුදුසකමක් නියම කරන ලෙසත්, එසේකළ නොහැකිනම් සෑම දේශපාලඥයෙක්ගේම නමක් සඳහන් කරනවිටම ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් සඳහන් කරන ලෙසත් මා යෝජනා කරනවා. එතකොට ජනතාවටත් තේරුම්ගන්න පුළුවන් එයා ගැන. ඊට අමතරව එම දේශපාලඥයාටමත් තේරුම් ගන්න පුළුවන් තමන් ඉන්න තැන කොතැනද කියලා. (නි)
උපේක්ෂා, ඔබ එදාට වඩා අද දැනුමෙන් අවබෝධයෙන් ඉදිරියෙන් ඉන්න බව පෙනෙනවා.ඒ ගැන හරි සතුටුයි. පොතපත කියවා තව තවත් සමාජ අවබෝධය ලබාගෙන උතුම් කාන්තාවක් වීමට ඔබට ශක්තිය තිබෙන බව පෙනෙනවා. ඔබේ ගමන සාර්ථක වේවා. ! (නි)
ටෙලිනාට්‍ය බලලා ඡන්දෙ දෙන අහිංසක හා දැනුමක් නැති මිනිස්සු නිසා ගොඩක් අය පාර්ලිමේන්තු යනවා. යාන වාහන ලොකු ලොකු අයත් එක්ක සම්බන්ධකම් ආදි සියළු සැප හා වරදාන ඒ මාර්ගයෙන් ලබා ගන්නවා. මේ වෙනකොටත් ජීවිත කාලෙටම හම්බ කරගෙන ඉවර ඇති සමහරවිට. නමුත් අර මිනිස්සු ඉන්න තැනිනුත් තවත් පහළට වැටිලා. ඕක තමයි අපේ රටේ අසුන්දර යථාර්ථය. (නි)
උන්නත් දාහයි මළත් දාහයි. මෝඩයන්ගේ පිහිටෙන් ජීවිතය පුරාවට විශ්‍රාම වැටුප් (නි)
ඔයා දිගටම රඟපාන්න. හැබැයි දිගටම දේශපාලනය නම් කරන්න එපා.එය කිරිමට දැනුම සුදුසුකම් ඇති වෙන කෙනෙකුට ඉඩ දෙන්න. ඔයා දේශපාලනයට ඇවිල්ලා ඉගෙන ගන්න වෙලේ එදා ඉඳන්ම දේශපාලනය කරන එය ඇඟේම තියෙන අයෙකුගේ තැනයි ඔබ ඔය ගන්නේ. එය වැරදියි. (ස)
ඔබ දක්ෂ නිළියක්. හැබැයි අදක්ෂ දේශපාලඥයෙක්. එය තේරුම් ගන්න. (ස)
දේශපාලනය කරන්න එක්කො දැනුම හා සුදුසකම් තියෙන්න ඕනෑ. ඒක නැත්නම් අඩුගානේ සෑහෙන කාලෙක සිට ජීවිත අත්දැකීම්වත් ලබා තිබෙන්න ඕනෑ. ඔය දෙකම නැතුව අවුරුදු 20 ගණන් වල ඉඳන් දේශපාලනය කරන්න එන්නේ මොනවා කරන්න හිතාගෙනද කියලා මට හිතාගන්න බැහැ. පාර්ලිමේන්තුව කියන්නෙ රටේ අනාගතය ගැන තීරණ ගන්න තැන. ඒවගේ උත්තරීතර තැන් වලත් ඉන්නේ මෙහෙම අය නම් අපේ රටට යන කලදසාව හිතාගන්න පුවළුන් නේද? (නි)
සුදුස්සාට සුදුසු තැන දෙන්න කරුණාකරලා. මොනවාද සුදුසුකම් දේශපාලනය කරන්න. (බ)
"ලංකාවේ ඉන්න මෝඩයින්ගේ පිහිටෙන් ගොඩගිය එක්කෙනෙක්" (නි)
සමහර අදහස් වලින් පේනවා. මේ වගේ මැට්ටන් තමයි මේ වගේ මැට්ටියන්ව දේශපාලනයට ගේන්නේ රටම කන්න. (ස)
මම වැඩියෙන්ම කැමති කෙනක්. දක්‍ෂ නිලියක්. (ර)
දන්නවා දන්නවා. අපිත් හොඳට දන්නවා (නි)
ඔබ දක්ෂයි. ඔබ ධෛර්යමත්. මගෙන් සුබ පැතුම්! (නි)
ඔබට සුබ අනාගතයක්! (නි)
ඔබට සුබ අලුත් අවුරුද්දක් වේවා! (නි)
කාට ඡන්දය දුන්නත් අන්තිමට තමන්ට වැටහෙනවා කරපු මෝඩකම ගැන.මේ නිලියට කරන්න බැරි දේවල් ගැන කතා කරනවා.කරන්ට පුලවන් යි සිතු කට්ට්ය දැන් කොරෝනවද? (ස)
අනේ මගේ කට! (නි)
එහෙමයි කියලා මෙලෝ හසරක් දන්නෙ නැති, අඩුගානේ ලංකාවෙවත් ඉඳලා නැති එකපාරට මතු වෙච්ච සිනි බෝල පාර්ලිමේන්තු යවල හරියනවද? මේ අය මේ රටට වැඩ කරන්න නෙමෙයි තමන්ගේ බඩ වඩා ගන්නයි මේ තරම් ලැජ්ජා වෙවි හරි දේශපාලනය කරනන් දත කන්නේ ඇත්තම කියනව නම්. (නදී)
මට කියන්න තියෙන්නේ ඔබ ගෙම්බියක් කියලා (බ)