කටුනායක ගුවන්තොටුපළ ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගමේ සේවා වනිතා ඒකකයේ වාර්ෂික ‘සිවිල් ගුවන් සේවා කාන්තා සැමරුම් උළෙල‘ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සංකීර්ණයේදී පවැත්විණි. එහිදී දැකුම්කළු හා නෙත්කළු විලාසිතා දැක්මක්ද දැකගත හැකිවිය.
ගුවන්තොටුපල හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගමේ සභාපති ආනන්ද විමලසේන, උප සභාපති සංජීව විජේරත්න, විධායක අධ්‍යක්ෂිකා රුවිනි ඩයස් බණ්ඩාරනායක, ආයතන සන්නිවේදන අංශ ප්‍රධානී ඩෙරික් කරුනාරත්න සහ මානව සම්පත් ප්‍රධානී එම්.සී.ජී මහීපාල යන මහත්ම, මහත්මීහු එහි ආරාධිතයෝ වුහ.
ගුවන්තොටුපල සේවිකාවන්ගේ සුභ සාධනයේදී ගුවන්තොටුපල සේවා වනිතා ඒකකය සහ කාන්තා පිහිට සංවිධානය සහයෝගීතාවයෙන් කටයුතු කිරිමට එකඟතාවයක් ඇති කර ගැනීම සනිටුහන් කිරීමට ගුවන්තොටුපළ සේවා වනිතා ඒකකය වෙනුවෙන් එහි සභාපතිිනිය රිද්මා ගුණවික්‍රම මෙනවියද, කාන්තා පිහිට සංවිධානය වෙනුවෙන් එහි විධායක අධ්‍යන්ෂිකා ජ්‍යෙෂ්ඨ නීීති නිලධාරීනී දිල්රුක්ෂි දි අල්විස් මහත්මිය ද මෙම අවස්ථාවට එක් වුහ.
ඒ් අනුව ගුවන්තොටුපළ සේවිකාවන්ට බලපාන ප්‍රශ්න වලදී ඒවා නිරාකරණය කර ගැනීමට අවශ්‍ය උපදේශන, පර්යේෂණ, නීති උපදෙස් ඇතුළු සේවා රැසක් සදහා කාන්තා පිහිිට සංවිධානයේ දායකත්වය ලබා ගැනීමට නියමිතය.
ජාත්‍යන්තර මෝස්තර නිරූපන ශිල්පිණී සොනාලි ධර්මවර්ධන මහත්මිය තම අත්දැකීම් එකතු කරගනිමින් කාන්තාවන් සවි බලගැන්වීම පිළිබද දේශනයක් පැවත් වු අතර ප්‍රවීන රූපලාවන්‍ය උපදේශීකා රමණී ප්‍රානන්දු මහත්මිය රූපලාවන්‍ය පිළිබද වැඩසටහනක් ඉදිරිපත් කළාය.
ප්‍රවීන යෝග උපදේශක සුබ්‍රමනියම් තාපරන් මහතා නිවැරදි යෝග අභ්‍යාස මගින් ශරීර සුවතාව රැකගැනීම ගැන අවබෝධයක් ලබා දෙමින් යෝගා අභ්‍යාස ක්‍රියාකාරකම් වැඩ සටහනක්ද මෙහෙයවීය.
සොනාලි ධර්මවර්ධන මහත්මිය සහ රමණී ප්‍රනාන්දු මහත්මියගේ උපදෙස් අනුව හැඩ වැඩ වු ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සේවිකාවෝ දර්ශනීය විලාසිතා දැක්මක් ඉදිරිපත් කළහ.



















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලගේ දෙමාපියන්ට මේයාලා පින් දෙන්න ඕනෙ මේ වගේ ලස්සනට මේයාලාව හැදුවට. (බ)
රූ රැසේ අදිනා ලෙසේ (බ)
මොන විකාර වැඩද මේවා? මේ යහපාලනයද? (බ)
නිවන්දිනි: මේ යහපාලනෙන් පටන්ගත්තුවා නෙමෙයි, කලිනුත් තිබ්බා. මොකක්ද ප්‍රශ්නෙ? (බ)
දැන් හැම දෙයකටම යහපාලනය ගාව ගන්නවානේ (දිල්)
ලෝකේ හැම කාන්තාවන්ටම වඩා අපේ අය හැඩයි. සුදු හැමට වඩා තලෙළු හම කොයි තරම් ලස්සනද කියා අපේ අය දන්නේ නැහැ. සුදු අය අතර අපේ කෙනෙක් හිටියම එක හොදටම පේනවා.(ම)
ගුවන් තොටුපලේ සියලුම ශ්‍රේණිවල සොයුරියන් මෙයට සහභාගී වුණා නම් හොඳයි.(දිල්)
මොනවා වුනත් ගොඩක් කාලකින් ලස්සන ගෑනු ටිකක් දැක්ක (බ)
මේ මෙකද (දිල්)
සෑම් මෝඩ කතා කියන්න එපා. සුදු හම තියෙන යුරෝපීය කාන්තාවක් එක්ක අපේ එක්කෙනක් ළඟින් වත් තියන්න බැහැ. තලෙළු හමට ලස්සන පිරිමි. (බ)
දැන් සමහර අයට මොනව වුණත් අහන්නේ 'මේකද යහපාලනේ' කියල.(බ)