IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


‘මම් කෙසේ පවසම් එසේ වර සුර ළඳුන් දුන් රඟ සොබා‘

කටුනායක ගුවන්තොටුපළ ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගමේ  සේවා වනිතා ඒකකයේ වාර්ෂික  ‘සිවිල් ගුවන් සේවා කාන්තා  සැමරුම් උළෙල‘   කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සංකීර්ණයේදී  පවැත්විණි. එහිදී දැකුම්කළු හා නෙත්කළු විලාසිතා දැක්මක්ද දැකගත හැකිවිය.

ගුවන්තොටුපල හා ගුවන් සේවා (ශ්‍රී  ලංකා) සමාගමේ සභාපති ආනන්ද විමලසේන,  උප සභාපති සංජීව විජේරත්න,  විධායක අධ්‍යක්ෂිකා රුවිනි ඩයස් බණ්ඩාරනායක, ආයතන සන්නිවේදන අංශ  ප්‍රධානී ඩෙරික් කරුනාරත්න සහ  මානව සම්පත් ප්‍රධානී එම්.සී.ජී  මහීපාල යන මහත්ම, මහත්මීහු එහි ආරාධිතයෝ වුහ.

ගුවන්තොටුපල සේවිකාවන්ගේ   සුභ සාධනයේදී  ගුවන්තොටුපල  සේවා වනිතා ඒකකය සහ කාන්තා පිහිට සංවිධානය සහයෝගීතාවයෙන් කටයුතු කිරිමට එකඟතාවයක් ඇති කර ගැනීම සනිටුහන් කිරීමට ගුවන්තොටුපළ සේවා වනිතා ඒකකය වෙනුවෙන් එහි   සභාපතිිනිය  රිද්මා  ගුණවික්‍රම මෙනවියද,  කාන්තා පිහිට සංවිධානය වෙනුවෙන්  එහි  විධායක අධ්‍යන්ෂිකා ජ්‍යෙෂ්ඨ නීීති නිලධාරීනී දිල්රුක්ෂි දි අල්විස් මහත්මිය ද මෙම අවස්ථාවට එක් වුහ.

ඒ්  අනුව ගුවන්තොටුපළ සේවිකාවන්ට බලපාන ප්‍රශ්න වලදී ඒවා නිරාකරණය කර ගැනීමට  අවශ්‍ය උපදේශන, පර්යේෂණ,  නීති උපදෙස්  ඇතුළු සේවා රැසක් සදහා  කාන්තා පිහිිට සංවිධානයේ  දායකත්වය ලබා ගැනීමට නියමිතය.

ජාත්‍යන්තර මෝස්තර නිරූපන ශිල්පිණී  සොනාලි ධර්මවර්ධන මහත්මිය තම අත්දැකීම් එකතු කරගනිමින් කාන්තාවන් සවි බලගැන්වීම පිළිබද දේශනයක් පැවත් වු අතර  ප්‍රවීන රූපලාවන්‍ය උපදේශීකා   රමණී ප්‍රානන්දු මහත්මිය  රූපලාවන්‍ය පිළිබද වැඩසටහනක් ඉදිරිපත් කළාය.

ප්‍රවීන යෝග උපදේශක සුබ්‍රමනියම් තාපරන් මහතා නිවැරදි යෝග අභ්‍යාස මගින් ශරීර සුවතාව රැකගැනීම ගැන අවබෝධයක් ලබා දෙමින් යෝගා අභ්‍යාස ක්‍රියාකාරකම් වැඩ සටහනක්ද මෙහෙයවීය.

සොනාලි ධර්මවර්ධන මහත්මිය සහ රමණී ප්‍රනාන්දු මහත්මියගේ උපදෙස් අනුව හැඩ වැඩ වු ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සේවිකාවෝ දර්ශනීය  විලාසිතා දැක්මක් ඉදිරිපත් කළහ.

1

DSCF3919 DSCF3931 DSCF3976

3 DSCF3951 DSCF3970 DSCF3972 DSCF3976 DSCF3986 DSCF3992 DSCF3999 DSCF4001 DSCF4008 DSCF4016 DSCF4027 DSCF4073 DSCF4072 DSCF4082
 


 

 



අදහස් (0)

‘මම් කෙසේ පවසම් එසේ වර සුර ළඳුන් දුන් රඟ සොබා‘

සමිර Thursday, 09 April 2015 09:07 AM

මෙයාලගේ දෙමාපියන්ට මේයාලා පින් දෙන්න ඕනෙ මේ වගේ ලස්සනට මේයාලාව හැදුවට. (බ)

:       0       0

දුමින්ද Wednesday, 01 April 2015 07:56 AM

රූ රැසේ අදිනා ලෙසේ (බ)

:       0       0

නිවන්දිනි Wednesday, 01 April 2015 08:39 AM

මොන විකාර වැඩද මේවා? මේ යහපාලනයද? (බ)

:       0       0

දිමුත් Wednesday, 01 April 2015 08:58 AM

නිවන්දිනි: මේ යහපාලනෙන් පටන්ගත්තුවා නෙමෙයි, කලිනුත් තිබ්බා. මොකක්ද ප්‍රශ්නෙ? (බ)

:       0       0

පෙරේරා Wednesday, 01 April 2015 09:24 AM

දැන් හැම දෙයකටම යහපාලනය ගාව ගන්නවානේ (දිල්)

:       0       0

සෑම් Wednesday, 01 April 2015 09:36 AM

ලෝකේ හැම කාන්තාවන්ටම වඩා අපේ අය හැඩයි. සුදු හැමට වඩා තලෙළු හම කොයි තරම් ලස්සනද කියා අපේ අය දන්නේ නැහැ. සුදු අය අතර අපේ කෙනෙක් හිටියම එක හොදටම පේනවා.(ම)

:       0       0

ධම්ම Wednesday, 01 April 2015 09:39 AM

ගුවන් තොටුපලේ සියලුම ශ්‍රේණිවල සොයුරියන් මෙයට සහභාගී වුණා නම් හොඳයි.(දිල්)

:       0       0

සංජිව Wednesday, 01 April 2015 10:17 AM

මොනවා වුනත් ගොඩක් කාලකින් ලස්සන ගෑනු ටිකක් දැක්ක (බ)

:       0       0

ශ්‍රීමාල් Wednesday, 01 April 2015 11:01 AM

මේ මෙකද (දිල්)

:       0       0

ශාන් Wednesday, 01 April 2015 11:15 AM

සෑම් මෝඩ කතා කියන්න එපා. සුදු හම තියෙන යුරෝපීය කාන්තාවක් එක්ක අපේ එක්කෙනක් ළඟින් වත් තියන්න බැහැ. තලෙළු හමට ලස්සන පිරිමි. (බ)

:       0       0

නිමේෂ් ප්‍රසාද් Wednesday, 01 April 2015 11:17 AM

දැන් සමහර අයට මොනව වුණත් අහන්නේ 'මේකද යහපාලනේ' කියල.(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 699 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site