මේරියන්ස් සංගීත කණ්ඩායමේ න්‍යාමක ගායකයෙකු ලෙස කටයුතු කරන ඔහු ශීවන්ත ප්‍රනාන්දුය. වර්තමාන කණ්ඩායම් සංගීතය ගැන ඔහු අප සමග පැවසුවේ මෙවැන්නකි.
“සංගීත කණ්ඩායම් ඉතිහාසය ගත්තත් මුලින්ම කණ්ඩායම් එකෝස්ටික් සංගීතයෙන් පටන්ගත්තේ ක්ලැරන්ස් විජේවර්ධන මහත්තයා. එහෙම ක්ෂේත්‍රයට ආවෙත් එහෙම තමයි. මෙහෙම දෙයක් තියනවා එන්ටටේට්මන්ට්වලට ඉඩක් වෙන්වෙන්නේ මිනිසුන්ගේ මූලික අවශ්‍යතා සපුරාගත් පසුවයි. සංගීතයට යොමුවෙන්න ඉඩ නොලැබෙනකොට ඊට ගෙවන මුදල පවා අඩුකිරීමට මිනිසුන්ට සිදුවෙනවා. සංගීතඥයන්ටත් සිදුවෙන්නේ සංගීතයේ ගුණාත්මකත්වය අඩුකරන්න. එකෝස්ටික් ඩ්‍රම් සෙට් එකක් එක්ක එහෙම යන එක ටිකක් අමාරු වැඩක්. ඉස්සර මම සංගීත ප්‍රසංග බලන්න යනවා. ඉලෙක්ට්‍රොනික් කණ්ඩායම් කරන මියුසිකල් බලන්න ගියා. ඒත් ඒවා ඉතාම පහත මට්ටමක තිබුණෙත් නැහැ.
දැන් කණ්ඩායම් සංගීතයේ හොඳ පැත්තට යොමුවීමක් දකිනවා. එකෝස්ටික් සංගීතයක් නැවත මිනිසුන්ට ශ්‍රවණය කරන්න ලැබීම හොඳ දෙයක්. ඒ කණ්ඩායම් වගේම අපේ රටේ ජනප්‍රිය වෙලා ඉන්න ගායකයෝ බලන්න. ටැලන්ට් එකට වඩා වාසනාව තියෙන්නේ. දක්ෂතාව මත කලාකරුවාව රසිකයන් වැලඳ ගන්නවානම්, ටෙලි නාට්‍යය, චිත්‍රපට වගේම ගීතයත් මීට වඩා ඉහළ තැනක තියෙයි. අද වාසනාවට තැන තියන නිසා තමයි සිල්ලර සංගීතයක්, සිල්ලර චිත්‍රපට, සිල්ලර ටෙලි නාට්‍යය බිහිවෙලා තියෙන්නේ. අත්තිවාරම තියෙන්නේ යට, ඒකයි අද වෙලා තියෙන්නේ. මම මියුසික් විඳිනවා. මට රස විඳින්න බැරි කිසිම දෙයක් මම කරන්නේ නැහැ. මම කරන නිර්මාණ විඳින්න බැරිනම්, එදාට මම මියුසික් නවත්තනවා. මම විඳින දේ තමයි මම ප්‍රේක්ෂකයන්ට දෙන්නේ.
නිදුක් මදුෂික

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd