මේ දවස්වල ටෙලිනාට්‍ය නරඹන සමහරු මෙයාට ටිකක් බය වෙලයි ඉන්නේ. මොකද වාහන සීස් කරාවි කියලයි. අනෙක මෙයා ඉන්නෙ අන්දරවත්තෙ. වෙලාවකට නාහෙට අහන්නෙ නැහැ. අන්දරවත්තෙ ඉන්න මෙයාට කියන්නෙ ටික්කි කියලයි. මේ ටික්කි මේ විදියට අපට
හමුවෙන්නෙ මේ දිනවල ජාතික රූපවාහිනියෙන් විකාශය කෙරෙන දියණියෝ ටෙලි මාලාව සමගයි. එහි ටික්කි නමැති චරිතය සමග හමුවන වොල්ගා කල්පනී එක්ක කතා බහක යෙදෙමු.
ඉගෙන ගත්තේ?
කඳාන ශාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ මොරටුව වේල්ස් කුමරි විදුහලෙන්.
පවුල් විස්තර.
අම්මයි - තාත්තයි. මමයි, අක්කයි. අක්කා විවාහවෙලා.
ඇයි ඔබට ‘‘වොල්ගා’ කියන නම දාලා තියෙන්නේ?
මම ඉපදුනාම ලැබිලා තියෙන අක්ෂරවලට අනුව වොල්ගා කල්පනී කියන නම දාලා.
වොල්ගා කියන නමේ තේරුම?
යුරෝපයේ තියෙන දිගම ගංගාවලූ. හැබැයි අම්මා ඒ නම දාලා තියෙන්නේ ඒ ගැන දැන ගෙන නෙවෙයි.
වොල්ගා කොහොමද මේ කලා ලෝකයේ ගමනට අවතීර්ණ වුණේ?
පාසල් අවදියේදීම රූපවාහිනියෙ අතුරුමිතුරු ළමා වැඩසටහනට සම්බන්ධ වුණා. ප‍්‍රතිභා කියන අයියා තමයි මාව ඊට යොමු කළේ. එතැන් සිට ළමා වැඩසටහන්වලට දායක වුණා.

ජාතික රූපවාහිනියේ අතුරුමිතුරුවලින් පසුව සිරසේ රන්සිත්යාය. ස්වාධීන රූපවාහිනියේ දේදුනු හැන්දෑව සහ පසුව දෙරණ ලිට්ල්ස්ටාර් සීසන් 1 වැඩසටහන මෙහෙය වූවා. ඉන්පසුව තරුණ නිවේදිකාවක ලෙස ස්වර්ණවාහිනියේ කටයුතු කරන්න ලැබුණා. හිතට වදින එක, ආයුබෝවන් ශ්‍රී ලංකා වැඩසටහන් කළා.
ඊට පස්සේ රඟපෑම තෝරා ගත්තේ?
ස්වර්ණවාහිනියේ නිවේදිකාවක ලෙස සිටිය දී බුද්ධික කුලසේකර මහතාගේ මගපෙන්වීම යටතේ රඟපෑමට යොමුවුණා. මුලින්ම සිවගුරුනාදන් මහතා කළ ‘මුතු පලසේ’ රඟපාන්න ලැබුණා.
නිවේදනයේ සිටි ඔබට රඟපෑම දැනුණේ කොහොම ද?
ටෙලිනාට්‍ය රඟපාලා තිබුණෙම නැහැ. නමුත් එදා මුතුපලසේ රඟපාද්දි ‘‘තිසුරි යුවනිකා’’ ලොකු සහයෝගයක් ලබා දුන්නා. මගේ හිතේ තිබුණු චකිතය නැතුව ගියා.
රඟපෑම හැර වෙන දෙයක් ගැන හිතුවේ නැද්ද?
නිවේදන කටයුතු කරද්දී ලංකාවේ හොඳම නිවේදිකාව වෙන්න උත්සාහ ගන්නවා කියලා හිතුවා. නමුත් රඟපෑම එක්ක දෛවය වෙනස් වුණා. සුජාතා නාට්‍යයේ අමන්දා, අඟුරුසිත්තම් (මොනිකා), දියණියෝ (ටික්කි), කොළඹ අහස (චතුරි) යන ජනප‍්‍රිය වූ චරිත සමග නාට්‍ය 8ක විතර රඟපාලා තියෙනවා. නමුත් මිනිස්සු දැනටත් කතා කරන්නේ ‘අපරාදේ ඔයා අමන්දිගේ චරිතෙ දිගටම කළා නම් හොඳයි’ කියලයි.
අමන්දිට - සුජාතා නාට්‍යයේ නිරෝෂන් බෙහෙවින් ආදරය කරනවා. එහෙම දෙයක් සැබෑවට වුණා නම්?
කොහොමටත් මගේ පෙම්වතා ජනප‍්‍රිය තරුණ නළුවෙක් කියලා මම මේ වන විට ප‍්‍රකාශ කරලා ඉවරයි.
විවාහය ගැන තීන්දු කරලා ඉවර ද?
ඔව්. ලබන වසරේ දී එය බොහෝ විට සිදුවේවි.

අනාගත සැමියා නළුවකු වීම ගැන ඔබට හැෙඟන්නේ කොහොමද?
ඒක ඇත්තටම මට නම් වාසනාවක්. ඒ වගේම මගේ ගමනට වාසියක්. මොකද ක්ෂේත‍්‍රය ගැන දන්නා කෙනෙක් සහකරුවීම නිසා අවබෝධය පිළිබඳ ප‍්‍රශ්නයක් ඇති වෙන්නෙ නැහැ.
වාහන සීස් කරන ටික්කි ගැන ඔබට මොකද හිතෙන්නේ?
(රවීන්ද්‍ර විජයරත්නගේ) දියණියෝ නාට්‍ය නරඹන සමහර පේ‍්‍රක්ෂකයින් මම වාහනයක් ළඟින් යද්දි ටිකක් සැකෙන් වගේ මා දිහා බලනවා. තරංග දිසානායක අයියා නිසා තමයි මට ඒ චරිතය ලැබුණේ. සුජාතා, පබෝදා අක්කලා වගේම ශලනි සහ තිසුරිගෙන් මගේ චරිතයට ලැබෙන සහයෝගය හරි ඉහළයි. අපි පස්දෙනා අතර පුදුම බැඳීමක් තියෙන්නේ.
ඔබ රඟපෑමේ දී පිරිමි චරිතය සඳහා හර්ෂණ විතරයි තෝරා ගන්නේ කියන කතාව ඇත්තද?
එහෙම නැහැ. හර්ෂණ, උද්දික, සංකේත්, ධනුක මේ වාගේ ගොඩාක් අය සිටිනවා. නමුත් හර්ෂණ, සංකේත්, ධනුක හොඳ මිතුරෝ.
පසුතලය - Hayleys cafe pixel




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලින් උඩ බල ගෙන කට අරගෙන හිටිය නිළිය වගේ නෙවෙයි මේ තරුණියට අඩු ගානේ පින්තුර වලට පෙනී සිටින්න සංයමයක් තිබෙන බව පේනවා. (අ)
මෙයා මිට වඩා ලස්සනයි. මේ පින්තුර වල නින්දෙන් නැගිට්ට ගමන් ඇස් ඉදිමිලා වගේ ෆොටෝ අරගෙන තියෙන්නේ. (ස)
දිල්හානි, රඟපෑම ගැන ටිකක් ඉගෙනගෙන දේශනා කරන්න එපා. මම රඟපෑම ගැන හොඳින් දන්නා කෙනෙක්. මට ඔය වගේ බෝනික්කන්ට ද්වේෂකරන්න උවමනාවක් නැහැ. පුලුවන්නම් ඔයා ටිකක් හරි ඉගෙනගෙන තියෙනවා නම් කියන්න බලන්න මොකක්ද රඟපෑම කියන්නේ කියලා? අද නළු නිළියෝ නැහැ. (නි)
අපි දැනුයි ඔයාගේ නම දැනගත්තේ වොල්ගා කියලා. අපි කැමති නිළියක් ඔයා.ඔය දෙන්නට අපෙන් සුබපැතුම්! ජය සතුට පිරි නිරෝගී වාසනාවන්ත යුග දිවියක් ගතකරමින්, සිතන පතන දේ ඉටුකර ජය ගැනීමට ලැබේවා! බුදුසරණයි! දෙවි පිහිටයි! (නි)
අනේ පිස්සු මෙයාලට. පොඩ්ඩක් දැනගත්ත කියල කියෝනව. මේ කෙල්ල හොඳට රගපානව. නියමයි. සීනි බෝල චරිත වලට කොටු වෙච්ච නිලියක් නෙමෙයි මෙයා. (ස)
පෙරේරා හරි. ටිකක් ඉගෙනගත්ත අය තමයි විනාසේ. ඇයි ඉතින් හිතාගෙන ඉන්නේ සේරම දන්නවා කියලනේ. මෙයාගේ රූපය ලස්සනයි. නමුත් රංගනය කියන්නේ වෙනම දෙයක් (නි)
මේ ළමයා දක්ෂයි. තව ඉගෙනගත්තොත් රඟපෑමෙන් හොඳ තැනකට එන්න පුළුවන්. එලොවටත් නැති මෙලොවටත් නැති සමහර නිළියන්ට වඩා සිය ගුණයක් හොඳයි (නි)
ලස්සනයි... (නි)
උමන්ගා ඔයා කියන්නේ ඔයාව යවන්න කියලද? ඒ නිලියගේ අනෙක් වැරදි කෙසේ වෙතත් එයා ලස්සනයි, උසයි, දක්ෂකම් තියෙනවා. අනික රූපරැජින තරඟෙට යන්න චරිත සහතික ඕනෙ නැහැනේ. එහෙම තිබ්බානම් ඉතිං උමන්ගා වගේ හාල් කෑලි තමයි යවන්න වෙන්නේ ජාත්‍යන්තරයට. (ස)
මේ නිළිය තව හොඳයි. ඇයි අර ඇඳුම් හොරකමකට උසාවියෙන් වැරදි කාරිය වූ නිළිය දැන් රුප රැජින වෙලා ලංකාව නියෝජනය කරන්න පිටරට යනවා. සංවිධායකයන්ට පිස්සුද මන්දා' නිලියක්ම යවන්න ඕන නම් මෙච්චර වැදගම්මක් ඇති නිලියන් ඉන්දෙද්දී අර වගේ සිවිල් වරදකට වැරදිකාරිය වූ කෙනෙක්ව ජාත්‍යන්තරයේ ලංකාව නියෝජනයට යවන්නේ. (ස)
ප්‍රියන්වදා ඔයා හරිම ටියුබ් ලයිට්. ඉගෙන ගත්තම කියන්නේ රංගනය ගැන ඉගෙන ගත්තම කියන එකයි. රංගනය ගැන ඉගෙන ගත්තම රංගනයෙන් තැනකට එන්න පුළුවන්. (නදී)
කව්රු මොනවා කීවත් මෙයාගේ රගපෑම ඇත්තටම ලස්සනයි හොඳ අනාගතයක් තියෙනවා සත්‍යයි. යුඑස්ඒඅපේ සුබපැතුම්... (ම)
රඟපෑම ඉතා හොඳයි. තාත්විකයි. (නි)
අපි දන්නවා හොරේ! (නි)
ඒ වුණාට ටිකිරි ඇවිදින්නේ හිතලා පද්ද පද්දා...ඒක හොඳට තේරෙනවා. ඒක ස්වභාවික නැහැ. සුබ අනාගතයක් පතනවා! (නි)
ප්‍රියංවදා හරි . මටත් දැන ගන්න ආසයි ඉගෙන ගත්තම රඟ පෑමෙන් තැනකට එන්නේ කියල, බාගෙට ඉගෙන ගත්තු අය හිතන හැටිද මන්ද. මමත් එහෙනම් හොඳට ඉගෙන ගන්න ඕනේ මමත් රගපෑමට ආසයි (බ)
රංග පෑම කියන්නේ එලොව මෙලොව නැති වෙන දෙයක්. මේ ඉතිහාසේ දෙලොව යහපත වුණ නාටකය තමයි "ගිරග්ග සමජ්ජ " නාටකය. මම හිතන්නේ උපතිස්ස පිරිවෙජියා සසර කලකිරුණේ ඒක බලලා. නිලියන් ගොඩක් අය පවුල් ජීවිත අවුල් කර ගන්නවා. බලන්න නළුවන්ගේ ගෙවල් වල අය හිත කොඉතරම් පීඩනයකින්ද ඉන්නේ . එයාලට ජීවිතයක් නෑ. (ම)
කොහොම කොහොමහරි අන්තිම ප්‍රශ්නයේ හැටියට පෙම්වතා කවුද කියලා නොකියා කියලා (නි)
දිල්හානි ඔය රගපෑම මොකක්ද කියල දන්නේ නැහැ. තාත්විකනම් එතන රඟපෑමක් නැහැ. මේ ගොල්ලෝ නිකම් බෝනික්කෝ වගේ කාලෙකට රුපලවන්‍ය අලවාගෙන , ඇවිත් නොපෙනී යන කට්ටිය. ඔය පුංචි තිරේ ලොකු තිරේ ම වගේ කට්ටිය සියගණන් ඉන්නවා. අද එනවා හෙට නැහැ. (ම)
පෙරේරා ද්වේශයෙන් ලියන්නේ. මමත් ටිකක් රඟපෑම ගැන දන්නවා. ටිකක් ඉගෙන ගෙන තියෙනවා. මේ නිලියගේ රඟපෑම මෑත කාලයේ බිහිවුණු සුදු පාට විතරක් තියෙන මෙලෝ රසයක් නැති නිලි රොත්තට සාපේක්ෂව තරමක් හොඳයි. (ම)
අමුතුම නමක් ඔයාට තියෙන්නේ. ඉදිරියට යන්න සුබ පතනවා නංගි. අම්මෝ ඔයාගේ සැර අර දැන් යන ටෙලිනාට්‍ය. අපි හරිම ආසයි ඒක බලන්න. (ම)
ඉගෙන ගත්තම කොහොමද රංග පෑමෙන් තැනකට එන්නේ. (ම)
මෙයාගේ රඟපෑම තාත්විකයි කියලා මට හිතෙනවා. පොඩි මාමා ටෙලි නාට්‍යයේ පියා අනතුරකින් මියගිය අවස්ථාවේ වැළපුන හැටි ඉතාම ස්වාභාවිකයි. පෙනුමත් නාගරික මෙන්ම ගැමි චරිත වලටත් ගැළපෙනවා. (නි)