‘‘මම අනාථවෙලා ඉන්නේ. මට යන්න තැනක් නැහැ. මගේ අත පය බැඳලා, ඔළුව ගැටගහලා, ඇඟ බැඳලා.“ යැයි ඇගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද සවස ශ්‍රී ලංකා පදනම් ආයනයේ දී මාධ්‍ය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ ජාතික සමුළුව අමතමින් කියා සිටියේය.
අගමැතිවරයා මේ බව කියා සිටියේ ගෝඨභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයා අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අධිකරණය ලබාදුන් නියෝගය සම්බන්ධයෙන් කරුණු දක්වමිනි.
අගමැතිවරයා කියා සිටියේ අධිකරණ තීන්දුව ගැන අදහස් ප්‍රකාශ කිරීම හෝ ඒ සම්බන්ධයෙන් විවේචනය කිරීමට නොහැකි බවයි. මෙතෙක් අධිකරණ නියෝගය තම රජයට ලැබී නොමැති බවත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෙත්සම ගැනත් ලබාදුන් නියෝගය ගැනත් කරුණු දැනගත්තේ මාධ්‍ය මගින් බවත් අගමැතිවරයා කියා සිටියේය. ඔහු මෙසේ ද කීවේය.
‘‘ගෝඨාභය රාජපක්ෂ මහතාට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරන්න සම්පූර්ණ අයිතිය තිබෙනවා. දැන් උසාවියෙන් නියෝගයක් නිකුත් කරලා. නමුත් මේ නියෝගය අපට තවමත් ලැබිලා නැහැ. අපිට මේ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අවශ්‍යයි. නමුත් එයට අවස්ථාවක් ලැබුණේ නැහැ. එයට අවස්ථාව ලැබෙන්නේ ඔක්තෝබර් මාසයේ දී. නමුත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියනවා නොවැම්බර් මාසය වනවිට රටේ තිබෙන්නේ අලුත් පාර්ලිමේන්තුවක් කියලා. ඉතින් ඔක්තෝබර්වල අධිකරණයට කරුණු දක්වන්න අපේ මේ කැබිනට් මණ්ඩලයට බැහැ. නොවැම්බරයේ බලයට පත්වන්නේ අපේ එක්සත් ජාතික පක්ෂ රජයක් වුවත් පාර්ලිමේන්තුවේ සංයුතිය වෙනස්වෙලා තියේවි. කැබිනට් මණ්ඩලයේ ඇමතිවරුන් මාරුවෙලා තියේවි. ඇතැම් අය පාර්ලිමේන්තුවේ නැති වේවි. අලුත් අය ඇවිත් තියේවි. 2010 පත්වූ පාර්ලිමේන්තුවේ ඇමතිලාගේ සහ රජයේ නිලධාරීන්ගේ වැඩ සම්බන්ධයෙන් ඒ පාර්ලිමේන්තුවේම පත්කළ අපේ කැබිනට් මණ්ඩලයෙන් ගත්තු තීරණ සම්බන්ධයෙන් කරුණු දක්වන්න වෙන්නේ කාටද ? මේය ගැටළුවක්. 2010 ප්‍රශ්න වලට 2015 ජනවාරි වල සිට මේ දක්වා ගත්තු තීරණ වලට වග කියන්නේ 2016 කැබිනට් මණ්ඩලය ද ? මමත් අනාථ වෙලා මට යන්න තැනක් නැහැ. “
‘‘බරපතල මූල්‍ය වංචා හා දූෂණ පිළිබඳ විමර්ශනය කිරීමට පත්කළ ඒකකය කැබිනට් පත්‍රිකාවකින් පත් කළ ද එය පොලිස්පතිවරයා යටතේ ස්ථාපිත කළා. පැමිණිලි සියල්ල විමර්ෂණය කිරීමෙන් පසු නීතිපති උපදෙස් හා අනුමැතිය ඇතිව ක්‍රියාත්මක වෙනවා. එවැනි ඒකකයක් දේශපාලන දඩයමක් යැයි කීම වරදක්. දැනට පොදු රාජ්‍ය මණ්ඩලයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා තුමා නිසා ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබුණු අධිකරණ තීරණය සම්බන්ධයෙන් පොදු රාජ්‍ය මණ්ඩලයේ නීති උපදෙස් ලබාගන්නට මා අදහස් කරණවා. එය විදේශ රටවල් මෙරට පාලනයට ඇඟිලි ගැසීමක් ලෙස වාර්තා එපා“
(වීඩියෝ ශාන්ත රත්නායක)
(ඡායාරූප ශාන්ත රත්නායක)






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලනේ දන්න අය අගයන යම් කෙනෙක් කියන්නකෝ මොකක්ද මේ කරන්න යන "මාධ්‍ය ප්‍රතිව්‍යුහගතකරණය" නිසා වෙන යහපත රටට. (බ)
මාවත් අනාත කරලා,යන එන මන් නැති කරලා,අගමැතිකම ලැබුනොත් නියමයිනේ.(බ)
තමිල්නාඩුවට යන්න පුළුවන් නේ (බ)
අත පය විතරක් බැදපු ඒක තමයි වරද. කටත් වහල දැම්මනම් තමයි වටින්නේ (ම).
දැන්ම පරාජය බාරගෙන නේ (ම)
“මම අනාථයි. මට යන්න තැනක් නෑ-අගමැති රනිල් " ඇමෙරිකාව ඇමරිකාව ඒ නැත්නම් එංගලන්තේ එංගලන්තේ (බ)
මහානාම, බීරන්ට කන් ඇසෙන තුරුත්,අන්දයින්ට පෙනෙන තුරුත් අප ගොලුවන්සේ සිටිය යුතුයි. අපිට අපේ රජෙකු නැතිවුණා ඉතිහාසය බැලූ සැමවිටම දකින්න ලැබෙන්නේම පාවා දීම. (අ)
අගමැති තුමා නීතිය ගැන කතා කරනවා. යහපාලනය ගැන කතා කරනවා. ආසියාවේ මෙතෙක් සිදු වූ ලොකුම මුල්‍ය වංචාව මහබැංකු අධිපති ගැන කිසිම කතාවක් නැහැ. ගිය ආණ්ඩුවේ අධිකරණය ස්වාධීන නැති බව අපි පිලිගන්නවා. නමුත් මේ වගේ නිතිය අතට අරගෙන නීතියෙන් තොර ආයතන ස්ථාපිත කර විරුද්ධ දේශපාලකයෝ දඩයම් කලේ නැහැ. වරදක් උනා සරත් ෆොන්සේකා මහතාට හා ශිරානි බණ්ඩාරනායක මැතිනියට නමුත් මේ ආණ්ඩුව විරුද්ධ පක්ෂයේ ප්‍රබල හඬක් නැගිය හැකි සියලුම දෙනා අත් අඩංගුවට ගන්න පිඹුරු පත් සකස් කරන්නේ ලබන මැතිවරණය පහසුවෙන් දිනන්න වෙන්න ඇති. මැතිවරණය දිනා ගන්න එකට කමක් නැහැ. නමුත් රට අස්ථාවර කරන්න එපා. අද උතුරේ සම්පුර්ණයෙන්ම වෙනම සැලසුමක් තියෙනවා. රටේ ආර්ථිකය මුළු මනින්ම අඩපන වෙලා. මේ ආණ්ඩුව මේ දින 100 ට දකුණට නම් කරපු දෙයක් නැහැ. හැබැයි උතුරට නම් ගොඩක් දේවල් දුන්නා පොරොන්දු වී හෝ නොවී. පිළිගත්තත් නැතත් මේක තමයි තිත්ත ඇත්ත (නදී)
කමල් ,ඔබ ඉහළ උසාවිය ගැන දන්නවද මා දන්නේ නැහැ.මා ඒ පිලිබඳ දන්නා නිසයි නොබියව ඒ දේවල් කිව්වේ.රනිල් වික්‍රමසිංහ අගමැති තුමා වසර දෙකක් පමණ අලුත් කඩේ උසාවියේ වැඩ කළ බවත් නඩු සිමිත ගණනකට පෙනී සිටි බව මේ ලියුම්කරු ඉදිරියේදී කලකට පෙර පවසා තිබුනා.ඔහු බොරු කියන අයෙකු නොවෙයි තමා කළ කී දේ ගැන.ඔහු ඩඩ්ලි සේනානායක මහතා ගෙන් පසුව බිහිවූ අවංක නායකයෙක්. ඒක දේශපාලන කටයුතු වලදී වෙනස් වෙන්න පුළුවන්.අපි මෙහි අදහස් පල කරන්නේ ද්වේශයෙන් නොවෙයි.රටට ඵල ගෙනදෙන ඔවුන් දැනුවත් කරන්න යම් අදහසක් කියන්නයි උත්සාහයක යෙදෙන්නේ.(හේ)
මහින්දට කඩේ යන අය මේ තින්දුව ගැන මොනවද කියන්නේ. ජනවාරි 8 ට පෙර අදිකරණය ද මේ අදිකරණයද හොඳ කියලා කියනු හොඳේ (නදී)
දිනේෂ් මහත්තයෝ තේරුම් ගන්න මේක ඉහළ උසාවියකින් ආපු තීන්දුවක් (නදී)
රනිල්තුමා වැනි පුද්ගලයන් සැබෑවටම අසරණවී අනාථ වීම යනු අපේ රට සනාථ වී සසරණ වීමක් වන හෙයින් බොරුවට නොව සැබෑවටම එවැනි සුබ ආරංචියක් ඉක්මනින් ඇසීමට ලැබේවායි රට වෙනුවෙන් පතමු.(බ)
අසේල මහත්තයෝ, ඔයාගේ නිතිය පිළිබද දැනුම ප්‍රදර්ශනය කරන්න එපා. (නදී)
බුදු දහම අනුව දිට්ඨධම්ම වේදනීය කර්මය අප රටේ ඉහලින්ම තිබෙන බව නම් දේශපාලන ලෝකයේ තන්හාව ආශාව ද්වේශය වෛරය ක්‍රෝදය පලිගැනීම සිත්තුල ඇති තැනැත්තන් මැනවින් තේරුම් ගත යුතුය. කල කල දේ පල පල දේ කියා පැරණි කියමනක් තියෙනවනේ. ජාත්‍යන්තරය ඉදිරියේ දණින් වැටීම නම් මේ උතුම් පින් බිමට කරන අපමන අගයක් නොව ජාතික අපරාදයකි. සිත්තුල මෙත් මල් පිපිදේවා.(නදී)
මහ මැතිවරණයේදී ජනතා අධිකරණ විනිශ්චයට.(හේ)
ඔබ තුමාට යන එන මන් නැති වෙන්නේ නෑ. ජනතාව ඔබ සමගයි..(හේ)
සහතික ඇත්ත..දැන්ම තැනක් හොයා ගන්න. ආණ්ඩුවේ කාලේ ඉවරවේගෙන යන්නේ.මහා මැතිවරණෙන් පස්සේ ඔයාට ඕක කියා කියා අඩ අඩ තමයි ඉන්න වෙන්නේ..විපක්ෂ නායක කමත් ෂුවර් නැහැ..බළල්ලු ලවා කොහොම හරි කොස් ඇටේ බාව ගත්තට කොස් අැටේ කන්න පින නැහැ..2002 වගේම තමයි..(බ)
මීළඟ අගමැති මහින්ද රාජපක්ෂ. රනිල් ඒ බව දන්නවා . හැබැයි රනිල්ට කඩේ යන කොමෙන්ට් දාන අය දන්නේ නැහැ . අනේ කාලේ - වනේ වාසේ (බ)
දැන් අධිකරණය ස්වාධීනයි.(හේ)
අපි ඔබ සමඟයි. කෙසේ හෝ වැරදිකරුවන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කළයුතුයි (නි)
අනාථ දඩයම් ඒකකය (බ)
ලක්මාල්, මට සින්දුවක් මතක් උනා ""මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න " (නදී)
අලුත් පාර්ලිමේන්තුවට හරි තීරණ ගන්න ඉඩදෙන්න රනිල් මහත්මයෝ විදේශ වලට නම් රටේ නීතිය සහ පාලනය සවුත්තු කරන්න හදන්න එපා.(කේ)
දිනේෂ් කළුආරච්චි , මිලේනියම් සිටි පාවාදීම කළේත් බොහොම අවංකව වෙන්නැති නේද? (බ)
බොරුවට නොව සැබෑවටම එවැනි සුබ ආරංචියක් ඉක්මනින් ඇසීමට ලැබේවායි රට වෙනුවෙන් පතමු. (නි)
අගමැති තුමනි,ඔබ මේ තත්වය තේරුම් අරගෙන තියෙන්නේ දැනුයි.පාර්ලිමේන්තුවේ වැඩි බලයක් නැතිව සාර්ථක පාලනයක් ගෙනයාමහීනයක්. ඔය තරම් කටයුතු ටිකවත් කල එක ගැන සතුටු වෙලා .මහා මැතිවරණයකට මුහුණ දෙන්න.ඔබ නිතිඥයෙක් අප රටේ ඉහල අධිකරණයෙන් තීරණයක් දුන්නම ඊට විරුධව ඇපලක් ,ඒ උසාවියෙන්ම හෝ ලබා ගන්න පුළුවන්.තුන් කට්ට්ටුව කින් හෝ පස් කට්ටුව හෝ වැඩි දෙනෙකුගේ සහයෙන්(විනිසුරන් වැඩි දෙනෙකු) යොදා පුළුවනි.ඕකට පොදු රාජ්‍ය මණ්ඩලයට යාම විහිළුවක්.ඔය රටෙත් ඕනෑතරම් විශිෂ්ට නීතිඥයන් ගෙන් අඩුවක් නැහැ. (කේ)
ලක්මාල්, ගියවරත් තරුණ ඡන්ද හිටපු ජනාධිපතිට ලබාගන්න බැරි වුණා. පාවෙන ඡන්දත් ලැබුනේ විරුද්ධව. රනිල් දිනන එක කෙසේ වෙතත් මහින්දට අගමැතිකම ලැබෙන එකක් නම් නැහැ. එකට තවත් හේතුවක් තමයි පක්ෂයේ පැහැදිලි බෙදීම. තව වැඩි කාලයක් නැහැනේ. බලමු. (ර)
අපි බලාගෙන ඉන්නේ අර තිත්තයගේ වරයා එනකල්. (කේ)
අපි අපේ රට ගැන හිතලා වෙලාවට තීරණය ගන්නම්. (ර)
ගෝඨාභය මහතාට උසාවි නියෝග ගන්න අවශ්‍ය නැනේ ඔහුට තිබුනේ තමන් වැරදි නැත්නම් පරීක්ෂණ වලට නොබියව මූණදෙන්න එවිට ජනතාව දන්නවා මෙයා හොරෙක් නොවන බව දැන් උසාවි නියෝග ගැනීමෙන් පෙනී යන්නේ මෙම චෝදනා වල යම් සත්‍ය දෙයක් තිබෙන බවයි (බ)
ඔබතුමා අනාත උනාට අපිට කමක් නැ , මහින්ද හිරේ දැම්මට , ගෝටා හිරේ දැම්මට අපිට කමක් නැ , මොකද මේ දේවල් කරන්නේ ඩයස්පෝරාව සතුටු කරන්නනේ , පුළුවන් කට්ටිය අමෙරිකා , නොර්වේ , ඉංග්ලන්ඩ් , යුරෝප් යයි , නමුත් සිංහලයට යන්න වෙන රටක් නැ, එ්ක නිසා 2015 ජනවාරි 8 වෙනිදා තිබුන රට නැවත භාර දෙන්න , තිබුන වැරදි ජනතාව නිවැරදී කරාවි , අනවශ්‍ය පුද්ගලයෝ අයින් කරාවි . අපිටත් යන්න පුළුවන් ගිහිල්ලත් තියෙනවා , නමුත් මේ රටේ ජාතික ධනයෙන් ඉගෙන ගත්තු නිදහස් අධ්‍යපනේ දරුවෝ හැටියට , හිගා කෑවත මේ රටේ දාල යන්නේ නැ , එ්ක නිසා අපේ රට අපිට ඉතිරි කර දෙන්න , ලැබූ නිදහස පාවා දෙන්න එපා , ඔබතුමන් ලාගේ පහත් දේශපාලන පරමාර්ථ වෙනුවෙන් මේ රට , මේ ලබා ගත් නිදහස පාවා දෙන්න එපා , විදේශ වලට කොන්ද නවා , ගැතිවී ලබා ගන්න ජි එස් පි මොකටද ? යුරෝපා මාළු තහනම අයින් කරන්නෙ මොකටද ? (බ)
ලක්මාල් කඩේ යන්නේ කාටද ?(බ)
දත මැද ගෙන ඉන්නකෝ අායෙමත් අගමැති වෙන්න (බ)
සහතික ඇත්ත, දැන්ම තැනක් හොයා ගන්න. ආණ්ඩුවේ කාලේ ඉවර වේගෙන යන්නේ.මහා මැතිවරනෙන් පස්සේ ඔයාට ඕක කියා කියා අඩ අඩ තමයි ඉන්න වෙන්නේ.විපක්ෂ නායක කමත් ෂුවර් නැහැ. බළල්ලු ලවා කොහොම හරි කොස් ඇටේ බාව ගත්තට කොස් අටේ කන්න පින නැහැ. 2002 වගේම තමයි. (නදී)
මෙව්වා බයිලා කතා. ඇයි බැරි පරීක්ෂණය ඉක්මන් කරලා ගෝඨා වෙරදී කරුද නැද්ද කියල හරියට නිගමනය කරන්න. ඊට පස්සේ ඕනෙනම් අැරෙස්ට් කරන්න පුලුවන්නේ. එ්කට උසාවියෙන් තහනම් කාරක නැහැ. (නදී)
හොරු හා බරපතල මූල්‍ය අපරාධකරුවන් ඔය දෙපැත්තේම ඉන්නවා. යහපාලනය ගෙන ඒමට ඇපකැප වී කටයුතු කළ සමහරු අන්ත දූෂිතයින්. ඔවුන් සමග කරන යහපාලනයේ තරම සිතාගන්න පුළුවන්. මූල්‍ය අපරාධ කොට්ඨාසය නියත වශයෙන්ම දේශපාලන විරුද්ධවාදීන් මර්ධනය කිරීමට අටවා ගත් එකක් මිස දූෂිතයින්ට දඬුවම් කිරීමට සැබෑ වුවමනාවෙන් පිහිටවූ එකක් නොවෙයි. අපට පෙනෙන සත්‍ය එයයි. (නදී)
ඉක්මනට විසුරවන්න, අපි ඔබ තුමාට. (ර)
ඡන්දෙදි මහජනයා ඔබට යන පැත්ත පෙන්නාවි. (ර)
ඊළඟ මැතිවරණයෙන් පස්සේ ඕක තව වැඩියෙන් දැනෙයි. (ම)