මීපුර පුවත්පතේ හා මී පුර වෙබ් අඩවියේ කර්තෘ ෆර්ඩි ගමගේ ට පහර දීම සම්බන්ධයෙන් සැකකුරුවන් දෙදෙනා අද (04) මීගමු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පසු ලබන 14 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස මීගමුව වැඩබලන නිල නොවන මහේස්ත්‍රාත් කරුණාජීව ගමගේ ගුණදාස මහතා විසින් නියෝග කළේය
සැකකරුවන් දෙදෙනා මීගමු මහනගර සභාවේ සෙවය කරන මීගමුව බෝලවලාන ජනජයගම පදිංචි කරුවන් දෙදෙනෙකි.
සැකකරුවන් සමඟ ඔවුන් ගමන් කළැයි කියන යතුරුපැදිය හා පහර දීහට යොදාගත්තැයි තියන පොල්ලක් නඩු භාණ්ඩ වශයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇත.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරුත් දන්නවා මේවායේ මුල් කොතනද කියලා. බලමු යහපාලනය කොහොම ප්‍රතිචාර දක්වයිද කියලා (නි)
ගහන්න හරියට පොල්ලක්වත් තෝරාගන්න බැරි දෙන්නෙකුටනේ කොන්ත්‍රාත්තුව දීලා තියෙන්නේ. පොලීසියට අවශ්‍ය නම් කෙරෙව්වේ කවුද කියන එක සොයාගන්න අපහසු නැහැ. (නි)
ගැහුව එක වැරදි තමයි (ම)
රජිත් මංජුල, ඔබ හරි. දැන් දැන් යහපාලනය රෙද්ද පල්ලෙන් බේරෙනවා. ලැජ්ජයි. (නි)
ශ්රී ලංකා පොලිසියට ජයවේවා!!! (නි)
මම හිතන්නේ නෑ මේ දෙන්නට උවමනාවක් ඇති කියලා ෆ්‍රෙඩි ගමගේ මහත්මයාට ගහන මේක අනිවා කොන්ත්ත්රත්තුවක් මේකේ මුදුන් මුලට නොගහ සහිද මුල් කොච්චර කැපුවත් වැඩක් නෑ සමහර විට මේ කොල්ලෝ දෙන්න දන්නෙත් නැතුව ඇති ගැහුවේ මාධ්‍ය වෙදියෙකුටද කියලා කුඩු කාරයෝ දෙන්නෙකුට කියන්න ඇති මම මෙච්චරක් දෙන්නම් අරූට ගහපන් කියාල ඉදිරියේදී බලමු මහා මොලකාරයෝ කව්ද කියලා (හේ)
රජිත් මංජුලගේ විග්‍රහය හරි. හැබැයි, ඔතනින් ඕක අවසානයි. මහමොළ ගැන කතාවක් එන්නේ නැහැ. ලොකු අපරාධ වලට කවදාද මහ මොළ අහුවුණේ? (නි)