දඹුල්ල හබරණ කැලේ මැදින් මහා මාර්ගය කැපෙන්නට පෙර සිටම එහි අයිතිකරුවෝ නිදහසේ සැරි සැරූහ. දැන් ඔවුනට ඒ නිදහස නැත. මිනිසා ඔවුන්ගේ කැලය ආක්‍රමණය කැර ඇති හෙයිනි. දිගම්පතහ දී මේ හස්තියා කැලෙන් එළියට බැස්සේ සංවර්ධනයේ නාමයෙන් තව වාස භුමියට මිනිසා විසින් කැරෙන හානියට විරෝධය පළ කිරීමට විය හැකිය. මිනිසාගේ බොහෝ විරෝධතා ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් ගත්ත ද මේ වල් අලියා ඔවුනට ද පාඩමක් කියා දෙමින් දෙපස වාහන පොලිම කිලෝ මීටර් ගණනක් දික් කරමින් පාර මැද සිටගෙන මිනිත්තු 40ක සාමකාමී විරෝධයක් පෑවේය.

1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ බලාගෙන ඉන්න අම්මලාට මොළේ නැද්ද මන්දා.අවදානමක් තියාගෙත පොඩි ළමයිනුත් අරන් බලා ඉන්න හැටි.
ඔය අලියා ඇවිත් තියෙන්නේ ලංකාවේ ඉන්ජිනේරුවන්ගේ වැඩ බලන්න
ලලිත් හරියටම හරි. අනතුරකට අත වනනවානේද?
පුවත සත්‍ය වීමයි වැදගත් වෙන්නේ. මමනම් දකින්නේ පුවත් විපරමා පුවතට සාහාත්‍ය රසය එකතු කරලා කියලයි.
මාත් කියන්නේ පුව්ත් විපරමා හරි
දඹුල්ලෙන් එහා ගම්වල වැසියන්ට අලින් කියන්නේ සාමාන්‍ය හුරැපුරුදු සත්තු විශේෂයක්. මේ ගම්වැසියන්ට ළමයින්ට උදේ හවා පාර තොටේදි අලි මුණ ගැහෙනවා. අලි මිනිසුන් දකින කොටම ඇවිත් පහර දෙන්නෙ නෑ. අනික මිනිස්සු නුරුස්සන අලියෙක් නම් දහවල් වෙලාවක මිනිස් වාසයක් හෝ සමූහයක් ඉන්න තැනකට එන්නෙ නෑ. මේ හරියෙ තියෙන කඩවලට හා නිවස් අසලට නිතර අලි රංචු/ තනි අලි එනවා. මේ මාර්ගයේ නිතර යන එන කෙනෙක් හැටියට මමත් පුවත් විපරමාට එකගයි.
ඒකත් හොදයි නේ...
අපි විසින් තිරිසනුන් යැයි හංවඩු ගසාගෙන සිටින මෙවැනි අහිංසක සතුන්ගේ මනස අද කාගේ කකුල් දෙකේ සතුන්ට වඩා උසස් කියලයි මට නම් හිතෙන්නේ.
මොනවා උනත් අලියා අෙප් අයට වඩා හොදයි.සාමකාමියිෙන්
සාමකාමී උපවාසයක්
මේ මිනිස්සුන්ට මොළයක් නැද්ද මන්දා දරුවොත් වඩාගෙන මෙහෙම අනතුරුදායක තැනකට වෙලා ඉන්න
පනාමුරේ පරපුරේ අයෙක්
කොහොම වුණත් ළමයි වඩාගෙන අලියා ළගට වෙලා ඔහොම ඉන්න එක අවදානම්.වාහන වල යන අය කන්න දීලා පුරුදු උණාමත් ඔහොම අලි පාරට එනවා. පරිස්සම් වෙන එක වැඩිය හොදයි
අපි සත්තු තේරුම් අරං වැඩ කලොත් ප්‍රශ්න අඩුකරගන්න පුලුවං.
දැන් කැලේට නීතියක් නෑ. මේ ප්‍රවෘත්තියෙන් හැමෝටම හොද පාඩමක් කියලා දෙනවා
අලියව බලන්ඩ ඇවිත් ඉන්නෙ, මිනිස්සු වෙන්ඩ බැහැ. මීහරකුන්වත් මෙහෙම එන්නේ නෑ
හොඬවැල දිග හැරල දුන්නම, ඊට පස්සෙ කියන අලි ගැහැව්ව කියල උද්ඝෝෂණය කරනව ඉතින්.
මිනිසාට වඩ සිවුපාවුන් සාමකාමී ගණගරුකයි මිනිසාට බොහෝ වට්‍නා පාඩමකි
ඔය අලියා කුලප්පු වුණොත් මොකද වෙන්නේ දරුවොණුත් වඩාගෙන ඔහෝම ඉන්නවදා? ඔයවගේ අය කන්න ඕනේ බත් නොවේ කොළ
ලලිත් හරියටම හරි අනතුරකට අත වනනවානේද?
ඔය අලියා හදිස්සියේ කුලප්පු උනානම් එහෙම ???
වනය අයිති සත්තුන්ට නේද? පවු, අහිංසක සත්තු. මේකට වෙන විසදුමක් දෙන්න පුළුවන්නම් කොච්චර හොදද?
රටේ වෙන සංවර්ධනය බලන්න එයා ඇවිත් තියෙන්නේ
දඹුල්ල -හබරණ මාර්ගය ඉදිවුනේ අදඊයේ නෙවෙයි.සුද්දා රට පාලනය කරන්නත් කලින්. මේ මාර්ගයේ සැරිසරන වන අලි මිනිසුන්ට හීලෑ බවක් දක්වනවා. මේ අලියත් එවැනි එකෙක්. කිලෝමීටර ගණනක් වාහන පොලීම දික්වුනේ මාර්ගයේ නවීකරණ කටයුතු නිසා මිස අලියා නිසා නෙවෙයි. මේ දිනවල මේ මාර්ගයේ ගමන්කරන කාටත් එය දකින්න පුළුවන්.ඡායාරූප වලින්නුත් පේනවා අලියාගෙන් වාහන ගමනාගමනට බාධාවක් නොවනබව.