(බලපිටිය මූලික රෝහලේ මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඉන්දික මුදලිගේ)
සියදිවි නසා ගැනීම, මනෝ වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරු ඇතුළු බොහෝ විද්වතුන්ගේ දැඩි අවධානයට ලක් වූ දෙයකි. එය ලොව පුරා විහිදුණු බරපතළ ප‍්‍රශ්නයකි. ඉතා කුඩා දරුවන් හැරුණුකොට ඕනෑම වයසක, ඕනෑම සමාජ තත්ත්වයක, අධ්‍යාපන මට්ටමක, වෘත්තීය මට්ටමක යනාදී සියලූ ක්‍ෂේත‍්‍රවල අඩු වැඩි වශයෙන් ව්‍යාප්ත වූ ඛේදවාචකයකි. ලොවපුරා වසරකට 800,000 කට අධික දෙනෙක් සියදිවි නසා ගන්නා අතර සෑම තප්පර හතලිහකටම එක් අයකුගේ සියදිවි නසා ගැනීමකට සමානය.
වසර 1996 දී ශ්‍රී ලංකාවේ සියදිවි නසා ගැනීම් ප‍්‍රතිශතය මුළු ලොවෙන්ම අංක එකට පැමිණි අතර එම ප‍්‍රතිශතය ලොව පුරා දෙවැනියට වැඩිම සියදිවි නසා ගැනීමේ ප‍්‍රතිශතය මෙන් දෙගුණයද ඉක්මවා තිබුණි. කෙසේ වෙතත් මේ වනවිට එම ප‍්‍රතිශතයේ අඩුවීමක් දක්නට ලැබුණත් ලංකාව තවමත් පළමු දහය අතර සිටී.
මෙසේ වැඩිවීමට හේතු කවරේද?
මේ සඳහා උපකල්පනය මෙන්ම සාධනය කළ හේතු ගණනාවක්ම තිබෙනවා. සමාජ විද්‍යාඥයන්ට අනුව සමූහනය, විස්ථානගතවීම, නැවත පදිංචි කිරීම හා හරිත විප්ලවය, විස්ථාරිත පවුල් ව්‍යූහය න්‍යෂ්ඨික පවුල් ව්‍යූහ බවට පත්වීම, ආර්ථික උද්ධමනය, සමාජ, සංස්කෘතික හා බැඳුනු ප‍්‍රශ්න මෙන්ම සියදිවි නසා ගැනීම ප‍්‍රශ්නවලින් මඟහැරීමට පැනයාමට විසදාගැනීමට කරන පිළියමක් ලෙස සමාජය තුළ ප‍්‍රචලිතවීමත් සඳහන් කරන්න පුළුවන්. එමෙන්ම වස විස, වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරන බෙහෙත් යනාදිය සුලබව තිබීම හා පහසුවෙන් ලබා ගැනීමේ හැකියාව තිබීම සඳහන් කළ හැකියි. කෙසේ වෙතත් ජීවිතක්‍ෂයට පත්වීමේ සංඛ්‍යාව අඩුවූවත්, ආරෝග්‍යශාලාවලට ඇතුළත් වීමේ සංඛ්‍යාව, සියදිවි නසා ගැනීමේ ප‍්‍රයත්න වැඩිවී තිබෙනවා. සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රයේ දියුණුව, දැඩි සත්කාර ඒකක වැඩිවීම, ඉක්මනින් රෝහලකට රැුගෙන යාම, ඒ සඳහා ඖෂධ තිබීමෙන් මෙම පුද්ගලයන් ජීවිතක්‍ෂයට පත්වීමේ ප‍්‍රතිශතය අඩුවී තිබෙනවා.
ඒ කියන්නේ සියදිවි නසා ගැනීමේ ප‍්‍රයත්න වැඩිවී තිබෙන බව නේද?
ඔව්. ඇත්ත වශයෙන්ම සියදිවි නසා ගැනීම් වැඩිවී තිබෙනවා. සියදිවි නසා ගැනීමට අදාලවන හේතු, ඒවායේ යෙදීමේ ප‍්‍රවණතාව, සමාජ ආකල්ප දැනුම හා කි‍්‍රයාමාර්ගවල වෙනසක් සිදුවී නෑ. මෙය විද්වතුන් ඉතාමත් සැලකිල්ලට ගතයුතු කාරණයක්. ඒ සඳහා ඉක්මන් නිවැරැුදි කි‍්‍රයාමාර්ග ගතයුතු වෙනවා. සාමාන්‍යයෙන් දත්තවලට අනුව සියදිවි නසා ගැනීම් යැයි සිය දෙනෙක් තම මතය පළ කළොත් ඉන් දහදෙනෙක් සියදිවි නසාගැනීමේ සඳහා ප‍්‍රයත්න කරනවා. ඉන් එක් කෙනෙක් වසරක් තුළ සියදිවි හානිකර ජීවිතක්‍ෂයට පත් වෙනවා.
සියදිවි හානිකර ගැනීමට වඩාත් නැඹුරු වන්නේ පිරිමිද ගැහැනුදු? කවර වයස් පරාසයකද?
සියදිවි හානිකර ගැනීමේ ප‍්‍රයත්නවල වැඩිපුරම යෙදෙන්නේ තරුණ ගැහැනුන්. (අවු 10x19 හා 20x29 කාණ්ඩයේ). සියදිවි හානිකර ගැනීමෙන් වැඩිපුර ජීවිතක්‍ෂයට පත්වෙන්නේ පිරිමින්. විවාහක පිරිමින් සියයට 75, විවාහක ගැහැනුන් සියයට 62ට වඩා ජීවිතක්‍ෂයට පත් වෙනවා. කෙසේ වෙතත් වයසක පුද්ගලයන් ජීවිතක්‍ෂයට පත්වීම වැඩිවෙමින් තිබෙනවා. වයසක පුද්ගලයන්ගේ ජනගහනය වැඩිවීම හා සමාජ ආකල්පවල වෙනස්වීම් මීට හේතුවිය හැකියි.
සියදිවි නසා ගැනීම මානසික රෝගයක්ද?
මානසික රෝග හා ආබාධ තිබෙන පුද්ගලයන්, අන් අයට වඩා සියදිවි නසා ගැනීමේ ප‍්‍රයත්නවල යෙදීමේ අවධානම වැඩියි. එය එසේ වූවත් සියදිවි නසාගැනීම් වැඩිපුරම යෙදෙන්නේ එවැනි රෝග හෝ ආබාධ නොමැති අයයි. කෙසේ වූවත් සියදිවි නසාගැනීමේ ප‍්‍රයත්නවල යෙදෙන අවස්ථාවේ ඔවුන්ගේ මානසික තත්ත්වය වියවුල්ව හෝ සමාජ අපගමනයන්ට ලක්ව තිබීම සුලභව දක්නට ලැබෙනවා. බොහෝ අය ආවේගශීලියි. ඉක්මන් තීරණ ගැනීම වෙනත් විකල්ප මාර්ග නොපෙනෙනවා.
මෙම අවදානමෙන් මුදවා ගන්නේ කෙසේද?
සමාජ ප‍්‍රවේශය හා පුද්ගල ප‍්‍රවේශය යනුවෙන් ආකාර දෙකකින් මෙම අවධානමෙන් මුදවා ගත හැකියි.
සමාජ ප‍්‍රවේශය: ආකල්ප, දැනුම හා පුරුදුවල වෙනස්, දරා ගැනීම පුදුරු පුහුණු කිරීම, අධ්‍යාපන ක්‍ෂේත‍්‍ර, රැුකියා ක්‍ෂේත‍්‍රවලට යොමු කිරීම, සාරධර්ම වැඩි දියුණු කිරීම, අනිත් පුද්ගලයාගේ මානසික තත්ත්වය අවබෝධ කර ගැනීම වැනි කරුණු හේතුවෙන් සියදිවි නසා ගැනීමෙන් මුදවා ගත හැකියි.
පුද්ගල ප‍්‍රවේශය: සානුකම්පිත අවධානය, වැඩිහිටියන්ගේ පවුලේ අවධානය, සමීපතමයන් හැඟීම් හා සෙනෙහසින් බද්ධව සිටීම, පුද්ගල ගැටලූ විසඳීමේ ක‍්‍රමවේද පුහුණු කිරීම, මනෝ වෛද්‍ය විශේෂඥ වෛදවරුන් කුසලතා සහිත මනෝ උපදේශකවරුන් සමාජ සේවකයන් වෙතට යොමු කිරීම ආදී කරුණු මේ සඳහා සඳහන් කළ හැකියි.
2025 දෙසැම්බර් මස 18
133
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මානසික රෝගීන් සියදිවි නසාගැනීමේ වැඩි ප්‍රවණතාවයක්