(විනීතා එම් ගමගේ)
ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් මිනිස් වෙළඳාම නරක ලෙසම සිදුවන රටවල් අතර ආසියාවේ ප්‍රමුඛ රට ලෙස මෙතෙක් හඳුන්වනු ලැබූ ශ්‍රී ලංකාව මේ වන විට එම තත්ත්වයෙන් මුදවා එහි දෙවැනි තැනට පත්ව ඇතැයි අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පවසයි.
එහෙත් තවමත් ශ්‍රී ලංකාව මිනිස් වෙළඳාම සිදුවන රටක් යන ලේබලය යටතේ පවතින බවත් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ඒ පිළිබඳ විමසිල්ලෙන් සිටින බවත් අමාත්‍යවරිය කියයි.
එකී අවමානයෙන් මිදීම සඳහා මිනිස් වෙළඳාම මැඩලීම පිණිස මහජනයා දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අධිකරණ අමාත්‍යංශය පියවර ගත් බව ද අමාත්‍යවරිය පවසයි.
අමාත්‍යවරිය මේ බව පැවසුවේ ජාත්‍යන්තර සංක්‍රමණිකයන්ගේ සංවිධානය,විදේශ රැකියා අමාත්‍යංශය, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය හා එක්ව අධීකරණ අමාත්‍යංශය සංවිධානය කරනු ලබන මිනිස් වෙළඳාම මැඩලීම සඳහා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන අධිකරණ අමාතයංශයේ දී නිල වශයෙන් අද (06) ආරම්භ කළ අවස්ථාවේ දීය.
මිනිස් වෙළඳාම සංවිධානාත්මක අපරාධයක් වන අතර එය වත්මන් සමාජය තුළ වහල් ක්‍රමයක් ලෙස පෙනී යන්නේ යැයි අතුකෝරල මහත්මිය කියයි.
ශ්‍රී ලංකාව තුළ මිනිස් වෙළඳාම දණ්ඩනීති සංග්‍රහය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බව පෙන්වා දුන් අමාත්‍යවරිය මිනිස් වෙළඳාම ශ්‍රමය සූරාකෑමට හා ලිංගික සූරාකෑමට පමණක් සීමා නොවන බවත් ශ්‍රමය හෝ වාණිජමය ලිංගික සූරාකෑමට ලක් කිරීම පිණිස පුරුෂයන්, ස්ත්‍රීන් හෝ ළමුන් වෙළඳාම සිදුකෙරෙන බව ද කියයි.
මෙම දැනුවත් කිරීම තැනැත්තන් වෙළඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකායේ 2015-2019 පස් අවුරුදු ජාතික ක්‍රමෝපාය සැලැස්මේ ප්‍රධානතම අංගයක් වේ.
මිනිස් වෙළඳාම අවම කිරීම සම්බන්ධයෙන් සහාය වීමට, නඩු පැවරීමට සහ වැඩිදුර තොරතුරු සැපයීම සඳහා සංක්‍රමණය සම්බන්ධයෙන් වූ අන්තර්ජාතික සංවිධානය විසින් කෂණීක දුරකථන ඇමතුම් සේවාවක් ලබා දී ඇති අතර 0766588688 දුරකථන අංකය ඇමතීමෙන් තොරතුරු ලබා දිය හැකිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙල්කඳ පොලේ වෙළඳාම ගැන වෙන්න ඇති මේ කියන්නේ. ඉදිකට්ටත් පිටරටින් ගේන අපි ලෝකෙට මොනවාද නිෂ්පාදනය කර විකුණන්නෙ? හිටපු පාලකයෝ කලේ පාරවල් හදන මගඩිය මිසක් සමගාමීව විදේශීය වෙළඳපොළට භාණ්ඩ නිෂ්පාදනය කිරීම නොවේ.
2010 දී පමණ නුතන මිනිස් ජාවාරම් සම්බන්ධ ලිපියකත් සඳහන්ව තිබුණා.
වහල් වෙළඳාම කියන්නෙත් මේකටමද? මේ වෙළඳාම නැත්නම් මැති ඇමතිවරු රට සවාරි යන්නේ කොහොමද?
අනේ ඇමතිතුමිය, ඇමරිකාවේ දත්ත ඔක්කොම සකසන්නේ ඒ ගොල්ලන් කරන වැඩ යටයන විදියට. ඒගොල්ලෝ කරන කියන ඕනෑම වැඩකට දත්ත බැලුවොත් කියනදේ සනාථවන විදියට. මුළු ලෝකෙම දන්නවා ඕනෑම නරක වැඩක් පිටපස්සේ කවුද ඉන්නේ කියලා...
මොනවා වෙච්චි අපි ලෝකේ දෙවැනි ස්ථානයට පත්වූ දෙවැනි අවස්ථාවයි මේ. මන් හිතන හැටියට ලෝකේ පළමු ස්ථානයට පත් වුණේ වැඩිම කාලයක් ඩෙංගු උණ පැවති රට ලෙසයි.
තව ටිකක් විස්තර කිව්වා නම් තමයි හොඳ. ඒ මොකද, කොටින්ගේ ප්‍රධාන ආදායම් මාර්ගයක් මේක. කැනඩාවට, ඔස්ට්‍රේලියාවට ගිය බෝට්ටු කීයක් රඳවාගෙන පරීක්ෂණ කලාද? හැම එකකම හිටියේ කොටි ඒජන්තවරු මුදල් අරගෙන ගිහින් ඒ රටවලට රොඩු වගේ විසිකරන මිනිස්සු, ගැහැණු, ළමයි. අපේ රැකියා ඒජන්තවරුත් වැඩි දෙනෙක් එහෙම තමයි. ඒ හින්ද පුළුවන් නම් මිනිස් වෙළඳාම ගැන මෙතෙක් හොයාගත් දත්ත ටිකක් එලියට දාන්න අපටත් දැන ගන්න.
ඒ ගොල්ලොනේ පඩියක් නොදී බෙල්ලට යකඩ දම්වැල් දාලා කළු ජාතිකයන්ගෙන් වැඩ ගත්තේ...