ගංවතුරින් හා නායයෑම් වලින් පාසල් පොත්පත් හා උපකරණ අහිමිවූ සිසු සිසුවියන්ට එම උපකරණ මහජනතාවගේ ආධාරයෙන් එක්රැස් කරදීමේ වැඩපිළිවෙළක් විදේශ රැකියා අමාත්‍යංශය ආරම්භ කර ඇති බව විදේශ රැකියා නියෝජ්‍ය ඇමැති මනූෂ නානායක්කාර අද (23) ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
‘පොතක් දෙන්න‘ නමින් ආරම්භ කර ඇති එම වැඩසටහන සඳහා ආධාර විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ප්‍රධාන කාර්යාලය හා ප්‍රාදේශිය කාර්යාලවලට ලබාදිය හැකි බවත් වැඩිදුර තොරතුරු 0716 159 659 අංකයෙන් ලබාගත හැකි බවත් නියෝජ්‍ය ඇමැතිවරයා කීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ ඔය පාර්ලිමේන්තුවේ ඉන්න අය සත පහක් හොල්ලන්නේ නැහැ.මේක අසාධාරනයි.ඔබලාගේ මාසයක වැටුප දෙන්න ,ඔක්කොටම පොත් දෙන්න පුලුවන්. අපේ රටට ගිය කලක්. (බ)
අපි අනිවාර්යයෙන්ම උදවු කරනවා (නි)
කිසිදාක දේශපාලඥයින් එක්ක මෙවැනි විපත් වලදී කටයුතු කරන්න යන්න නරකයි. ඔවුන් හදන්නේ දේශපාලන ලකුණු දාගන්න (නි)
කලින් මහ ජනතාව ඇතිවෙනකම් උදවු කරා. තවත් කරනවා ඉදිරියටත්. (ර)
අපි යලි නැගිටිමු. හැමට අත්වැලක් වෙමු. (ර)
ඉගෙනගන්න දුවා දරුවන්ට පිහිට වෙමු කව්රුත්. (ර)
මෙය ඉතා හොඳ වැඩපිළිවෙලක්. (ර)
අපි උදව් කරන්නම්... (ර)
වැඩක් කරනවනම් සද්ද නොකර කරන්න (බ)
මේවා රජයෙන් වහාම කල යුතු දේවල්. මහජනයා ගෙන් කන කෑම වෙළෙන් පවා බදු එකතු කරනවා මදිවට මන්ත්‍රී, අමතිලගේ පොටෝ ගහල බෙදන්න ආධාර දෙන්න අවශ්‍ය නැහැ. මහා ජනයා පුළුවන් විදියට පිහිටවෙයි අසරණයන්ට. (ර)
උදව් කරන එක අපි කරන්නම් ඔයාල පාර්ලිමේන්තු ගිහින් ගුස්පී අල්ලලා ඇමති කම් අරන් ෆන් ගන්ඩකෝ (බ)
ඇසලගේ කතාව හරියට හරි. මහජනතාවගෙන් එකතු කරලා එයාලා බෙදාවි හරියට එයාලගේ අතින් වියදම් කළා වගේ. (බ)
ගිය පාර දැත් ශක්තිමත් කරන්න මුදල් ලැබුනානේ ඒවා මේවට යොදවමු! (බ)
මේවා මාධ්‍ය සංදර්ශන. අපි නොදන්න මනූෂ..... දෙනව නම් මෙයාගෙ සල්ලි වලින් දෙන්න බැරිද? මනුස්සකම දන්න මිනිස්සු විපත්තිය වෙච්ච වෙලාවෙ ඉඳලා උදව් කළා. ඉදිරියටත් කරාවි. මෙයාල වගේ අවස්ථාවාදී දේශපාලකයෝ නැතුවට. දැන් තමයි මෙයාට ඇහැරිලා තියෙන්නේ....නායයෑමට යටවෙන්න තිබුනේ මෙයාල වගේ අය. අර අහිංසක මිනිස්සු නෙවෙයි. (බ)
සමන් මේ පුග්ගලයාගේ දේශපාලන භාවිතාව වගේම අනිකුත් දේ ගැන මටත් විවේචන තියනවා. ඔයාගේ අදහස හරි වුනත් අවසාන වශයෙන් කියල තියන නායයෑමට යටවෙන්න තිබුනේ මෙයාල වගේ අය දෙය නම් කොහෙත්ම අනුමත කරන්න බැහැ.මිනිසුන්ගේ වැරදි තියෙන්න පුළුවන් එහෙම කියල මිනිසුන්ගේ ජිවිත හානි වෙන්න කියල හිතන්න තරම මිලේච්ඡ විදිහට හිතන්න එපා. (බ)