
(තිළිණි ද සිල්වා)
මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය මේ වන විට කොවිඩ් අවධානම් කලාපයෙන් බැහැරවී ඇති බව මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී වෛද්‍ය කුමාරි ජයසූරිය මහත්මිය පැවසුවාය.
මේ වන විට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ වසා දමා තිබූ ග්‍රාම සේවා වසම් තුන විවෘත කිරීමටද අදාල අංශ වෙත නිර්දේශ කළ බවද ඇය කියා සිටියාය.
කෙසේ වෙතත් ගම්පහ දිස්ත්‍රික්කයේ සෙසු සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී බල ප්‍රදේශ තුළ මෙම අවධානම තවමත් පවතින බවත් මිනුවන්ගොඩ ජනතාව නිසි ලෙස සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරන්නේ නම්, ඇදිරි නීතිය ලිහිල් කිරීමට බලධාරීන්ට නිර්දේශ කළ හැකි බවත් ඇය කියා සිටියාය.
මිනුවන්ගොඩ මැතිවරණ බල ප්‍රදේශයේ කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සම්බන්ධයෙන් මිනුවන්ගොඩ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ අද පැවති රැස්වීමකදී වෛද්‍යවරිය මේ බව සදහන් කළාය. සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි.
කොවිඩ් 19 දෙවන රැල්ල ආරම්භ වූයේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනය ආශ්‍රිතවය. ඒ අනුව මිනුවන්ගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් ග්‍රාම සේවා වසම් 121 ක මේ වන විට පී.සී.ආර්. පරීක්ෂණ 11000 කට අධික සංඛ්‍යාවක් කර තිබේ. ඉන් 680 දෙනෙකු කොවිඩ් ආසාධිතයන් ලෙස හදුනා ගැනිණ. බ්‍රැන්ඩික්ස් ආයතනය ආසන්නයේ ඇති ගණිහිමුල්ල, පේරලන්ද හා හැලකන්දන ග්‍රාමසේවා වසම් වසා දැමිණි.
එම ගම්මානවල සියලු දෙනා පාහේ මේ වන විට පී.සී.ආර්. පරීක්ෂණවලට ලක් කර තිබේ. ඒ අනුව ගණිහිමුල්ලෙන් 48 දෙනෙකුත්, පේරලන්දෙන් 32 කුත්, හැලකන්දෙන් 16 දෙනෙකුත් කොවිඩ් ආසාධිතයන් ලෙස හදුනාගත් බව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිණිය මෙහිදී කීවාය.
පෑලියගොඩ මත්ස්‍ය අලෙවි සැල හා සම්බන්ධ වූ පුද්ගලයන්ගෙන් මිනුවන්ගොඩ ආසන්නයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙකු පමණක් ආසාධිතයන් ලෙස වාර්තා වූ බවද ඇය මෙහිදී කියා සිටියාය.
ඔක්තොම්බර් 03 වැනිදා සිට මේ ගත කරන්නේ 04 වැනි සතිය බවත් මිනුවන්ගොඩ ජනතාව ස්වයං විනයකින් කටයුතු කරන්නේ නම් ඇදිරි නීතිය ඉවත් කළ හැකිව තිබෙන බවත්, ජනතාව ඒ පිළිබදව දැඩි අවධානයක් යොමු නොකරන නිසා පවතින ඇදිරි නීති තත්ත්වය ලිහිල් කිරීමට නොහැකි වී ඇති බවත් වෛද්‍යවරිය මෙහිදී කියා සිටියාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවැනි රැල්ල නොහොත් බ්‍රැන්ඩික්ස් රැල්ල මුලින්ම නිසි පරිදි මෙල්ල කළේ නම්,මේ වසංගතය රටේ පැතිරෙන්නේ නැති බව දැන් හෝ අවබෝධ කරගත යුතුයි.
මිනුවන්ගොඩ ගම්පහ දිස්ත්‍රික් කොට්ඨාශයක්. තවමත් රටේ රෝග අවධානම වැඩිම දිස්ත්‍රික්කය ගම්පහ. දිස්ත්‍රික්කයෙන් අවධානම මුළුමනින් තුරන් වන තුරු මිනුවන්ගොඩට පමණක් ලිහිල් කිරීම කිස්සේත් නො කළ යුතුයි.