මානව හිමිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ධනාත්මක ආරම්භයක් ලබාගෙන ඇති බවත් එය ශ්‍රී ලංකාව ගත් නිර්භීත ක්‍රියාවක් බවත් හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසයි.
නව රජය බලයට පත් වී ගත වූ කාල සීමාවේ ද සිද්ධීන් කිහිපයක් වාර්තා වූ බැවින් රටේ නීතිය යහපත්ව පවත්වාගෙන යාමට කඩිනමින් ක්‍රියාමාර්ග ගත යුතු බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය පෙන්වා දෙයි.
ලෝකයේ රටවල් 90 ක මානව හිමිකම් සම්බන්ධයෙන් හියුමන් රයිට්ස් වොච් සංවිධානය නව වාර්තාව ඉකුත් දා එලිදැක්වූ අතර එහි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මෙම කරුණු දක්වා තිබේ.
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කවුන්සිලයේ දී රජය ලබාදුන් පොරොන්දු පිළිබදවද අවධානය යොමු කළ යුතු බව ද එම වාර්තාවේ සඳහන් වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බයවෙන්න එපා. ඔයාලට ඕනෑ විදියට තමා මේ ආණ්ඩුව වැඩකරන්නේ. ඕනෑ දෙයක් කියන්න කරලා දෙයි කිසි අඩුවක් නැතුව. (නි)