(ඒ.එෆ්.පී ඇසුරිණි- 055)
සිවිල් යුද්ධය සමයේදී සිදු වූ බව කියන මානව හිමිකම් සහ යුද අපරාධ සිදුවීම් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට ශ්‍රී ලංකා රජය අසමත් වී ඇතැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු බදාදා (22) චෝදනා කළේය.
සිවිල් යුද්ධය සමයේ මානව හිමිකම් කඩකළ සොල්දාදුවන්ට දඬුවම් කිරීමට වත්මන් ආණ්ඩුව බිය වී ඇතැයි කොමසාරිස්වරයා පැවසීය.
තිස් හත් වසර කාලයක් මුළුල්ලේ පැවැති ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය 2009 වසරේ මැයි මාසයේදී අවසන් වූ බවත් එම කාලයේදී සිදු වූ බව කියන යුද අපරාධ සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ශ්‍රී ලංකාව අතර ඊයේ (22) උණුසුම් වාග් සංග්‍රාමයක් ඇති වූ බව ද ප්‍රංශ පුවත් සේවය වාර්තා කර තිබිණි.
“යුද අපරාධ හා මානව හිමිකම් කඩකළ පිරිස් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට, ඔවුනට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට දරුණු ගණයේ අපරාධ කළ පිරිස්වලට එරෙහිව දඬුවම් කිරීමට වත්මන් ශ්‍රී ලංකාව අඛණ්ඩව අසමත් වී තිබෙනවා. වත්මන් ආණ්ඩුව අපරාධ කළ ආරක්ෂක අංශ පිරිස්වලට එරෙහිව නීතිමය පියවර ගැනීමට වත්මන් අණ්ඩුවට නොහැකි වී තිබෙනවා. එසේත් නැතිනම් වත්මන් ආණ්ඩුව එවැනි පියවර ගැනීමට බියක් දක්වනවා” යැයි හුසේන් මහතා පැවැසීය.
යුද අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ජාත්‍යන්තර විනිසුරුවරුන්ගේ සහයෝගය ගත යුතු බව ද ඒ ඔස්සේ විමර්ශනවල අපක්ෂපාතී බව තහවුරු කළ යුතු බව ද සෙයිද් කුමරු එහිදි කීවේය.
විදෙස් විනිසුරුවරුන් අවශ්‍ය නැති බවත්, රාජ්‍ය නොවන සංවිධාන ආණ්ඩුව කළ යුත්තේ කෙසේ දැයි තමන්ට උපදෙස් දිය යුතු නැති බවත් තමන්ගේ සේනාංකවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවක් නැති බවත් මේ මස මුලදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හුසන් ට ඕන විදියට නෙවේ අපේ රට පාලනය කරන්නේ අපේ ව්‍යවස්ථාවට අනුව ඇමරිකාවට එක විදියකුයි එංගලන්තෙට එක විදියකුයි බහු ප්‍රජාතන්ත්‍ර වැඩේ රටක්
හිරෝෂිමා,නාගසාකි නගර වලට පරමාණු බෝම්බ හෙලීමෙන් ඝාතනය කල මිනිසුන් ප්‍රමාණය 220,000ක්. ඇමරිකාවට තාම එය වීර ක්‍රියාවක් ලෙස සලකයි. ලංකා හමුදාව දෙමල මිනිසුන් බහුතරයක් මුදාගත් පසුවත් එය යුද අපරාධයකි!
ඔය එක එක හුසේන්ලට ඕන විදියට වැඩ කරන්ට අපි සූදානම් නැහැ කියල කියන්නට තමයි තියෙන්නේ.....මැද පෙරදිග හැමදාම බෝම්බ පුපුරන එක ගැන හොයල බලන එක ඊට වඩා හොඳ නැද්ද?
හුසන්. අරාබියට ගොස් මානව හිමිකම් හොයන්න.
ඕන එකෙක් ඕන දෙයක් කියාගත්තදෙන්. මේවගේ බහුබූත චෝදනාවලට මුහුණ දෙන්න අපි කව්රුත් පක්ෂ පාට භේදයකින් තොරව පවතින ඕනෑම ආණ්ඩුවක් සමග සිටිනවා. ආණ්ඩුව යම්විදිහකින් කෙලින් තීරණ ගන්නේ නැතිනම් ඊට විරුද්ධව ආණ්ඩුවට පීඩනයක් එල්ලකලයුතුයි. මේ රටක් විදිහට එක්විය යුතු අවස්තාවක්.
ඔයාාට ඇමරිකාව තෙල් වලට මිනි මරන එක පේන්නේ නැත්තේ ඇයි. ඒවාට ඔයාට ගෙවනවාද? නිකං රස්සාවට කරන නිසා ඒවා වහන්න මේ බොරු චෝදනා විතරක් කරන්නේ ඇයි. ඔහේගේ සාමයේ ආගමේ එවුන් ඔහේගේ දෙයියන්ගේ නම කිය කිය බෙලි කපන එක සාධාරණයි නේද. ඔහේට ඒවා පේන්නේ නැත්තේ ඔහේත් ඒ බෙලි කපන ආගමේ නියොජිතයා නිසා නේද..
මෙයාගේ රටේ හමුදාව ගිහින් ජර්මනියේ කරන දරුණු සමුල ඝාතන ගැන හොයන්න කියන්න ඉස්සෙලම
ශ්‍රී ලංකාවේ හමුදාව මිනිස්සු මැරුවේ නෑ කොටි සංවිධානය පොඩි දරුවාගේ ඉදල සමුල ඝාතනය කල ගම බිම් වලට පැනල අපේ ආණ්ඩු එකකට වත් බැරි උනා කොන්ද කෙලින් තියාගෙන කට කරන්ඩ මේගැන ජාත්‍යන්තරය ඉස්සරහ ඇමරිකාවත් මානව හිමිකම් ගැන කතා කරන හුසේන්ලවත් මැදපෙරදිග රටවල් වල අමු අමුවේ සමුල ඝාතනය කරන ඒවා ගැන කතා කරන්න යන්නෑ මොකද ඒ රටවල නායකයෝ කොන්ද පන තියෙනඅය නිසා මේක තමා ඇත්ත දෙකට නැමිලා නොකරපු දෙකට නමෙනවට වැඩ හොදයි ඇත්ත කතා කරලා මැරෙන එක හුසේන්ට පෙන්නේ නැති දේවල් අපිට පේනවා මොකක්ද සිද්ද වෙන්නේ කියල රටේ නායකයින්ට කොන්දක් නැති එක ගැන හරිම දුකක් දැනෙනවා කොහෙවත් ඉන්න අය අපේ රටට ඇගිලි ගහද්දි කොටි සමුල ඝාතනය කරපු ඒවා ජාත්‍යන්තරයට ගෙනියන්ඩ එකම එක සිංහල නායකයෙක්වත් නැති එක ගැන හරිම අවාසනාවක් රටක් විදිහට
එයාට කියන්න ගිහින් සිරියාවේ ඇෆ්ගනිතානයේ, ඉරාකේ, ලෙබනනයේ, වෙච්ච සහ දැනට වෙන අපරාද ගැන බලන්න කියල, එයාට වැඩක් නෑ අපේ මේ ඉවර වුන යුද්දේ ගැන කතා කර කර ඉන්න. රොමේෂ් හරි පාට පක්ෂ නෑ. රටේ ප්‍රශ්නෙදි අපි එකට ඉන්න ඕන. ත්‍රස්තවාදීන්ට ත්‍රස්තවාදයෙන්ම පිළිතුරු දිය යුතුමයි
මේක ත්‍රස්තයන් මැඩලීමේ එක් ප්‍රයන්තයක් විතරයි. රටේ පාලකයාට කොන්දක් තියෙන්න ඕන එක හරියට පැහැදිලි කරන්න සහ එහි ජාත්‍යන්තර බලපෑමක් අවශ්‍ය නොවන බව. ශ්‍රී ලංකාව කියන්නේ සියලු ජාතින් සමගිව ඉන්න රටක්. කාටවත් ඕන විදියට ඉන්න අපිට අවශ්‍ය නෑ. කොන්ද කෙලින් තියාගෙන වැඩ කරපල්ලා පාලකයිනේ
ලංකාවේ මිනිස්සු අවුරුදු 30ක් තිස්සේ යුද්ධෙන් බැට කනවා මේ අය දැක්කේ නැද්ද? යුද්දේ ඉවරවෙලා මිනිසුන්ට රටක් හැදුනම එකේ පහුගිය අලගිය දේවල් හොයන මේවගේ ආයතන නැති කරලා දන්නා ඕන. කොහොමත් තව සති කීපයකින් අපේ අය වැඩ පටන් ගනී. තව රණවිරුවෝ ටිකක් ඇතුලට දායි. මෙයාල බලයට අවේ ඕව කරලදෙන්නම් කියලනේ.
කොටි අමු අමුවේ මරාදැමූ, අපේ යටත් වූ 800 කට වඩා සෙනගට වූ දේ ගැන මානව හිමිකම් හොයා බැලුවොත් හොඳ නැද්ද?
මෙහෙ කියපුව ජනාදිපති ලිව්වද කුමාරයට ? නැහැ ..කුමරයටත් බයයි
අපි වැනසුවේ මිනි මරු ත්‍රස්තයින් බවත් විදෙස් විනිසුරුවරුන් අවශ්‍ය නැති බවත්, රාජ්‍ය නොවන සංවිධාන ආණ්ඩුව කළ යුත්තේ කෙසේ දැයි උපදෙස් දිය යුතු නැති බවත් සේනාංකවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියා පිට අය කිව යුතු නැති බවත් කියන්න කෙනෙක් නැහැනේ ආණ්ඩුවේ වත් විපක්ෂේවත් ?
අපට තියෙන ලොකුම අඩු පාඩුව තමයි අර ප්‍රියන්ත කියනවා වගේ කොටි කරපු අපරාධ ගැන ලෝකෙට කියන්න අපේ දේශපාලන නායකයෝ ක්‍රියා නොකිරීමේ කරුමය. කධිර්ගාමර් මහත්තයට පස්සේ කවුරුත් ඒ යුතුකම රටට කලේ නැහැ. අනේ කවුරුහරි කොටි කරපු අපරාධ හොඳට පින්තුර වීඩියෝ හදල ලෝකෙට ඉදිරිපත් කරනවානම් ඔය හුසේන්ට, චැනල් 4 කාරයට කට උත්තරත් නැහැනේ? මේ අපි මේ විදියට හැල්ලුවට ලක්වෙන්නේ අපිට ගොඩක් වාසී සහගත කරුණු අනන්තවත් තිබෙද්දියි.
හුසේන්ට මොකද අපි අපි මරගත්තම අනුන් අනුන් මරාගන්නවා නැ තොත්ත බබාලා
හිසරදයක් ව තිබුන ඊලම් යුද්ධය අවසන් වෙලා ඉවරයි මෙතැනදී සිංහල ජනතාව නැති වුනා දෙමල ජනතාව නැති වුනා. මෙයාල කරන්න හදන්නේ නැති වුන යුද්දයක් නැවත ඇති කිරීමට. කරුණාකරලා ඒ දේ විතරක් කරන්න එපා.යුද්දක් කරනකොට මිනිස්සු මැරෙන එක අරුමයක් නෙමෙයිනෙ .
රටක් වසයෙන් රජය විසින් දෙපාර්ශවයේම වැරදි සොයාබල වැරදි කරුවන් සිටිනවානම් හදුනාගත යුතුව ඇත. ලංකාවේ රජය හරියට වැඩ කරන්නේ නැ. කියවනවා පමණි. හරියට පරීක්ෂණයක් තියල කොටි වැරදි කල කියල පෙන්වීමත් හමුදාවේ පුද්ගලයන් යුද්දයට පරිබාහිරව වැරදි කරලා ඇත්නම් දඩුවම් දීමත් කල යුතුය. ලංකාවේ පොලිසිය හා අදිකරණය ගැන කිසි කෙනෙක් විශ්වාස කරන්නේ නැ.
යුද්ධයකදී දෙපැත්තේම කට්ටිය මැරෙනවා. සව්දියේදී මිනිස්සු පොඩි වරදට බෙල්ල කපන්නේ කෝ ඒවාට මානව හිමිකම්. මේ ගොල්ලෝ ජාත්‍යන්තර විහිලු සපයනවා.
මහා කොමසාරිස් කොටි රූකඩයක් වගෙයි
මේකට අර හුසේන් ට බැනල වැඩක් නැහැ අපේ රට නියෝජනය කරලා ඕකට උත්තර සපයන්න ගිය කොටින්ගේ සල්ලි අරන් අපිවම පාවලා දීල, කැප්පෙටිපොළගේ කට්ටියනේ