ඇමරිකා මානව හිමිකම් පිළිබඳ සහකාර ලේකම් ඇතුළු නියෝජිතයන් පිරිස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා හමුවී පශ්චාත් යුද සමයෙන් පසු මෙර මානව හිමිකම් තත්ත්වය පිළිබඳ කතා බහ කළහ.
මානව හිමිකම් ආරක්ෂා කිරීමට රජය ගෙන ඇති පියවර පිළිබඳ කරුණු දැක්වීය.
ජනාධිපතිවරයා සහ අග්‍රමාත්‍යවරයා ප්‍රමුඛ වත්මන් රජයේ මානව හිමිකම් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කර ඇතැයි ද අමාත්‍යවරයා ඔවුනට දැන්වීය.
එක්සත් ජනපද මානව හිමිකම් පිළිබඳ සහකාර ලේකම් ටොම් මලිනොවොස්කි මහතා ද අට පුද්ගල නියෝජිත පිරිසේ නායකයා විය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමරිකාවේ කට්ටිය නම් මානව හිමිකම් අකුරටම රකිනවා ඇති නේද? (හේ)
මානව හිමිකම් මහත්වරුනි, ඇමරිකාවේ නියමුවන් රහිත යානාවලින් හෙළන බෝම්බ නිසා මැරෙන පාකිස්තානයේ කිරි දරුවන්ට මානව අයිතිවාසිකම් නැත්තේ ඇයිදැයි කරුණාකර අපට පහදා දෙනවාද? කොටින් විසින් ලංකාවේ සිංහල ගම්පිටින් සමුලඝාතනය කරද්දීත් ප්‍රසිද්ධ ස්ථානවල බෝම්බ තබා දහස් ගණනින් ජීවිත බිලිගනිද්දීත් ඔබ හැම නිහඬව හිටියේ අපට මානව අයිතිවාසිකම් නැති නිසාදැයි ඔබ අපට පහදා දෙනවාද? (නි)
ඇමෙරිකාවේ බලවතුන්ට වගේම අනෙකුත් කළු ජාතිකයන්ටත් ආදිවාසීන්ටත් ඉතා ඉහළින් මානව අයිතිවාසිකම් ලැබෙනවා ඇති නේද? එහෙම තියෙද්දිත් මයිකල් ජැක්සන් අපමණ වේදනාකාරී සැත්කමකින් සුදු හමක් බද්ධකර ගත්තේ මොකද දන්නේ නැහැ නේද? (නි)
පුදුම ආදරයක් කරුණාවක්,අපේ රට ගැන.මේ අය සේරමලා එකතු වෙලා අපිට මානව හිමිකම් පෙන්වයි.බලාගෙන ඉමු.(හේ)
දැන් තමයි එයාලට අපේ රට ගැන මතක්වෙලා තියෙන්නේ (නි)
ඒ මොකද එච්චර ආදරයක් අපේ රටට. (නි)
යුධ සමයේ හමුදාව අතින් සිදුවූ මානව හිමිකම් කඩවීම් වලට දේශීය පරීක්ෂනයකින් විසදුම් ලැබෙයි. මොකද එතැන වින්දිතයිනුත් අපේම සහෝදර දමිල ජනතාව. කොහොමත් අපි ඇමරිකාව වැනි දියුනු ප්‍රජාතන්ත්‍රවාදී රටවල් සමග මිතුරු විය යුතුයි. ඇමරිකාව, බ්‍රිතාන්‍ය ඇතුලු යුරෝපය, ඉන්දියාව වැනි ප්‍රජාතන්ත්‍රවාදී රටවල් තමා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්නට උදව් කළේ. අපි සිටිය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන මේ රටවල් සමග විනා චීනය, රුසියාව වැනි අර්ධ ඒකාධිපති රටවල් හෝ උගන්ඩාව, ස්වාසිලන්තය වැනි දුප්පත් රටවල් සමග නොවේ. (නදී)
මේ රට විනාශ කරන ඔල මොට්ටල රැලක්. ඇමෙරිකාව කියන්නේ අනෙක් රටවල ප්‍රජාතන්ත්‍රවාදය සහ සාමයට අකුල් හෙලන රටක් බව දන ගත යුතුයි. (නදී)
අනේ නාමල්, ඔබ දන්නා දේශපාලනය! චීනය, රුසියාව වැනි රටවල් හිටියේ නැත්නම් අපිට වෙන දෙය බලාගන්න තිබුනා. (නි)