මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් සෙයිද් රාද් අල් හුසෙන් ලබන මස 06 වැනිදා මෙරට නිල සංචාරයක නිරතවනු ඇතැයි තානාපති ආරංචි මාර්ග කියයි.
ශ්‍රී ලංකා රජය කළ ආරාධනය පිළිගනිමින් ඔහු මෙලෙස පැමිණීමට නියමිතය.
මෙම සංචාරයේදී මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස්වරයා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන , අගමැති රනිල් වික‍්‍රමසිංහ යන මහත්වරුන් ඇතුළු රජයේ මැති ඇමතිවරුන් ,විපක්ෂ නියෝජිතයින් හා සිවිල් සංවිධාන නියෝජිතයින් හමුවනු ඇත.
මානව හිමිකම් සුරුකීම සහ ප‍්‍රවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකා රජය ගෙන ඇති ක‍්‍රියාමාර්ග පිළිබඳව මානව හිමිකම් මහකොමසාරිස්වරයා මෙම සංචාරයේදී අවධානය යොමු කරනු ඇතැයි වාර්තාවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොහු එක පාර්ශවීය ලෙස අප සදාදරණීය රණවිරුවන්ට චෝදනා නඟා ඇත. ඔහුගේ අත්සනින් නිකුත් කළ වාර්තාවේ 154 වන පිටුවේ විශේෂයෙන් එවකට හමුදාපති සරත් ෆොන්සේකා සහ වන්නි ආඥාපතිව සිටි ජගත් ජයසූරිය ඇතුළු රණවිරුවන් හිතාමත සැලසුම් සහගත ලෙස රෝහල් මතට බෝම්බ හෙළ යුද අපරාධ සිදු කළැයි අභූත චෝදනා නඟා ඇත.(ම)
තම ජාතියට ලොකු රටවලින් සිදුවෙන අසාධාරණය වලක්වගන්න බැරි මෙයා මෙහෙ ඇවිත් මොනවා කරන්නද ? මීට කලින් කොටි දෙනක් ඇවිත් මර්වින් ලොක්කාගෙන් මංගල යෝජනාවක් ලැබුනේ (බ)
කවුරුන් හෝ යුද අපරාධ කර ඇත්නම් දඬුවම් ලැබිය යුතුයි. ඔබතුමා සාධරයෙන් පිළිගනිමු (බ)
යුද අපරාධ කළේ නැත්නම් කවුරුවත් මෙයාට බයවිය යුතු නෑ (බ)
මානව හිමිකම් තිබෙන්නේ මරුණ කොටියන්ට පමණක් නොවේ ඇඹිලිපිටියේ ඝාතනය වුණ මිනිහා ගැනත් සොයන්න (ම)