ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනි ආචාර්ය දීපිකා උඩුගම මහත්මිය ඇතුළු කොමිෂන් සභාවේ සාමාජිකයින් 15 දෙනකුට ලබන මස 15 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වමින් අභියාචනාධිකරණය අද (19)නොතීසි නිකුත් කළේය.
උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණ කළ උසස් තාක්ෂණ ගණකාධිකරණ ඩිප්ලෝමා සිසුන් පිරිසකට පහරදීමේ සිද්ධියට පොලිස් නිලධාරින් වරදකරුවන් කරමින් එම කොමිෂන් සභාව නිර්දේශයන් හා අදාල වාර්තා බලරහිත කරන ලෙස ඉල්ලා පොලිස් මූලස්ථානයේ පොලිස් අධිකාරි මූණමල්දෙණිය ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාගයට ගැනීමට අද (19) අභියාචනාධිකරණය හමුවේ කැඳවු අවස්ථාවේ මෙම නොතිසි නිකුත් කැරිණි.
අභියාචනාධිකරණ සභාපති විජිත් මලල්ගොඩ සහ දේවිකා ද ලිවේරා ද තෙන්නකෝන් යන මහත්ම මහත්මීන් ගෙන් යුතු විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලිණි. මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති ඇතුළු සාමාජිකයෝ මෙහි වගඋත්තරකරුවෝය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසිය ගහනෙකාට අවම බලය යොදා බේරෙන්න අයිතියක් මහ ජනතාවට නැද්ද (බ)
මේ ගොල්ලෝ වැරදි කරනවා ඊට පස්සේ සාධාරණය ඉටු කරපු ආයතන වලට විරුද්ධව උසාවි යනවා. (ම)
ඕනෑම ප්‍රශ්නයක් අවුලට පත් කොට ඉන් මඟ හැර බැහැරවීම පහසුය (ම)