IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


මානව හිමිකම් කොමිසමේ 15ක් උසාවි කැඳවයි

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනි ආචාර්ය දීපිකා උඩුගම මහත්මිය ඇතුළු කොමිෂන් සභාවේ සාමාජිකයින් 15 දෙනකුට ලබන මස 15 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වමින් අභියාචනාධිකරණය අද (19)නොතීසි නිකුත් කළේය.

උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණ කළ උසස් තාක්ෂණ ගණකාධිකරණ ඩිප්ලෝමා සිසුන් පිරිසකට පහරදීමේ සිද්ධියට පොලිස් නිලධාරින්  වරදකරුවන් කරමින් එම කොමිෂන් සභාව නිර්දේශයන් හා අදාල වාර්තා බලරහිත කරන ලෙස ඉල්ලා  පොලිස් මූලස්ථානයේ පොලිස් අධිකාරි මූණමල්දෙණිය ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාගයට ගැනීමට අද (19) අභියාචනාධිකරණය හමුවේ කැඳවු අවස්ථාවේ මෙම නොතිසි නිකුත් කැරිණි.

අභියාචනාධිකරණ සභාපති විජිත් මලල්ගොඩ සහ දේවිකා ද ලිවේරා ද තෙන්නකෝන් යන මහත්ම මහත්මීන් ගෙන් යුතු විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලිණි. මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති ඇතුළු සාමාජිකයෝ මෙහි වගඋත්තරකරුවෝය.



අදහස් (0)

මානව හිමිකම් කොමිසමේ 15ක් උසාවි කැඳවයි

ධම්මි Tuesday, 19 January 2016 09:44 AM

පොලිසිය ගහනෙකාට අවම බලය යොදා බේරෙන්න අයිතියක් මහ ජනතාවට නැද්ද (බ)

:       0       0

සරණපාල Tuesday, 19 January 2016 10:09 AM

මේ ගොල්ලෝ වැරදි කරනවා ඊට පස්සේ සාධාරණය ඉටු කරපු ආයතන වලට විරුද්ධව උසාවි යනවා. (ම)

:       0       0

සේන Tuesday, 19 January 2016 10:25 AM

ඕනෑම ප්‍රශ්නයක් අවුලට පත් කොට ඉන් මඟ හැර බැහැරවීම පහසුය (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 574 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site