ඌව පළාත් සභා ඡන්ද සමයේ සන්ධානයේ ප්‍රබල අපේක්ෂකයකු මොනරාගල භික්ෂුන් වහන්සේ නමකට පුජා කළ බෙහෙත් පාර්සලයක බ්‍රෙසියරයක් තිබු බව එජාප මන්ත්‍රී රංගේ බණ්ඩාර මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
එම බ්‍රෙසියරයද අද ඔහු පාර්ලිමේන්තුවට ගෙන ආවේය.
බ්‍රෙසියරය බහා තිබු රෙදි මල්ලේ ශෂින්ද්‍ර රාජපක්ෂ යන නම මුද්‍රණය කැර තිබු බව ද ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා හොඳ සිදුවීම් නෙමෙයි. පවතින රාජ්‍යයකට හෝ රාජ්‍ය පක්ෂයකට අසුභ පෙරනිමිති පහළවීමක්. (නි)
මේක මහා නින්දාවක් (දී)
මේවා ලෝකේ හිනස්සන වැඩ (දී)
මෙහෙණින් වහන්සේ නමකට දෙන්න ගෙනාපු එකක් වැරදීමකින් හාමුදුරු නමකට ගිහින් ද (නදී)
ලංකාවේ සමහර පිරිමි අයට ඕවා ගැලපෙනවා (නදී)
කතරගම දෙයි හාමුදුරුවන්ටම ඔප්පු වෙච්චාවේ. (නදී)
තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග කියලා කවුරුහරි කෙනෙකුට ඕක දීලා දාන්න (නි)
සේනාරත්න, ලොකු දෙයක් නොවන්නේ කොහොමද ? හාමුදුරුවන්ට තියෙන ඕනෑකම මොකද්ද බොරු කියන්න ? (දී)
මෙහෙම අයනේ බලයට එන්න හදන්නේ. මුන්ව හොඳයි බාන බැඳලා හාන්ට (නදී)
දෙවියෝ බුදුන් විකුණාගෙන කන ජාතියේ මිනිසුන් ඉන්න මේ රටේ මේවා මොනවද? (නි)
දෙවියන්ටත් මාසෙකට වරක් ලංසුව දීලා ඈවරයි දෑවරයි කියන අපේ රටේ මිනිසුන්ට මොනවා කරන්න බැරිද? (නි)
කටක් ඇරලා කියන්න පුළුවන් වැඩද අම්මපා මේ (දී)
ගෙදර නෝනාගේ එකක් දාන්න ඇති , එයාටත් පින් ලැබෙන්නට . මේකේ වරදක් නැහැ. (ස)
මිනිස්සු මේවයින් තව තවත් චන්දෙ නොදී ඉන්න එක විතරයි (දී)
මෙය විපක්ෂයකින් කරනලද කැත වැඩක්. කොහොමත් එය එතරම් ලොකු දෙයක් නෙවෙයි. ඊට වඩා ලොකු වැඩ සිදු වෙනවා. (නදී)
මේක අර පොදු අපේක්‍ෂකට පූජ කරන්න තිබිලා වැරදුනාද දන්නෙත් නැහැ.කොහොම වුනත් හාමුදුරුවො ඒක මෙතුමට යවපු කාරණය තමයි ගැටළුව? අර තම පක්‍ෂෙයෙන්ම එක පාරක් ගුටිකාපු එක මතක් වෙලාද? පස්සෙ වැටිලා හිටපු ෆොන්සේකාට වුන අන්ත පරාජය නිසාද?ඒ පැත්තේ පොලීසියෙ වැඩ කරන කාලේ කරපු ගෑණු වැඩක් නිසා වත්ද? (ස)
මේ වගේ දේශපාලුවෝ මුළු ජාතියටම පිළිකාවක්. (ස)
හරියට උන්නාන්සේ නමකට පනාවක් පුජා කලා වගෙයි. මේ පිරිකරයේත් ගුප්ත හේතුවක් ඇති (නදී)
අපි එකිනෙකාට දොස් පවරනවාට වැඩිය හොඳයි මේ දේ සිදුවුණේ කොහොමද කියලා හොයලා බලන එක. (නි)
ගයාන්, කියනදේට පිළිතුරු කතා කරන්න, මේ දීලා තියෙන ඉඩ තුළ. හැමදේටම හිනාවෙන්නේ මෝඩකමට නේද? (නි)
සංඝයාවන්සේලාට තෑගි දෙන්නේ නැහැ(දී)
කාන්තාවකට වුණත් මෙහෙම තෑග්ගක් දීම අශෝබන නින්දිත වැඩක්. (නි)
මොනවාහරි කරලා මටත් ආසයි හමර් එකක් ගන්න (නි)
වැරදිල හාමුදුරුවන්ට ලැබුනු එක,හාමුදුරුවෝ ගැලපෙන කෙනාට දීලද මන්ද..... (ස)
දේශපාලකයන්ගේ හැටි.... (ස)
මේක කොහොමහරි පාර්ලිමේන්තුවට ගෙනියන්න තරම් වීර්යයක් ඇතිවෙලා තියෙන්නේ කොහොමද? (නි)
රන්ජිත්, ඒ අය ඒ පාර්සලය හදලා තියෙන්නේ පාර්ලිමේන්තුවට අරගෙන යන්නද දන්නෙ නැහැනේ? (නි)
මාර තෑග්ගක් (දී)
ඔය පාර්සල් හදනකොට එක සැරේ 100,000 විතර හදන්න ඇතිනේ, ඉතින් බෙදන කොට පැටලිලා ඇති. (ස)
නුවන්ට තරහ ගිහිල්ල වගේ ආණ්ඩුවේ වැරදි කියනකොට. (ස)
හැදියාවක් චාරයක් නැති මිනිස්සු...................(දී)
ඕක මොකක්ද මුස්ලිම් අයටත් සිල් රෙදි දීල තියෙන්නේ. (ස)
හමර් එකක් නොවෙයි වසන්ති දීලා තියෙන්නේ බ්‍රෙසියර් එකක් !! (ස)
මට නම් හිතෙන්නේ ප‍්‍රබල අපේක්‍ෂකයා වෙන කාට හරි පූජා කරන්න ගත්ත බෙහෙත් පාර්සලයක් වැරදීමකින් ස්වාමින්වහන්සේට පූජා කරලා වගේ. (නදී)
මේක බුදු දහම විනාශ කරන්න හදන විදේශීය කුමන්ත්‍රණයක් (නදී)
බන්දුල පෙරේරා, බන්දුල පෙරේරා කෝ මේ මනුස්සයා. මොනවද ඔයා කරන්නේ ඇද පල්ලේ හැංගිලා. මෙන්න මෙහෙ ඇවිත් මේ ගැනත් අදහසක් කීවා නම් බලන්න. හැබැයි ඉතින් කිතුලට ගීය මිනිහටත් කතාවක් තිබුනලුනේ (නදී)
හපොයි මෙහෙමත් මිනිස්සු. බුදු දහමේ වටිනාකම දන්නේ නැති මේ වගේ අය පාර්ලිමේන්තුව දක්වා දක්කන ජනතාවට අබ සරණයි (නදී)
මේ මිනිස්සුන්ට පිස්සුද (දී)
ඔන්න නියම ආගමික හැදියාව (නදී)
ඡන්දේ ගන්න අම්මා අප්පවත් විකුණයි. (ස)
හොද මිලකට වෙන්දේසියකින් ඉල්ලුවොත් කියල හිතල දෙන්න ඇති අර සපත්තු දෙක වගේ. (නදී)
හැම ආගමකම වැරදි කරන මිනිස්සු ඉන්නවා. (නදී)
මෙතන කිසිම විදේශ කුමන්ත්‍රණ නැහැ .හොද බෞද්ධයෙක් කරපු දෙයක් . වැඩේ , හාමුදුරුවෝ ඔය මිනිස්සුන්ගේ අතේ පිරිත් නුල් ගැට ගහන එකයි. (නදී)
මේ වගේ දේවල් වලින් තේරෙන්නේ අපේ රටේ පාලකයන්ගේ බුද්ධි මට්ටම සහ ඒ අයව බලයට ගෙන අයගේ බුද්ධි මට්ටම (නදී)
රමේෂ්, බන්දුල පෙරේරා අදහසක් දාන්නෙම නැතුව කිසිම දෙයක් ඔලුවට එන්නේ නැහැ වගේ නේ. ඕක තමයි අපි කිව්වේ හරියකට පොත පත කියවල දැනුම වැඩි කරගන්න කියලා. (නදී)
ඕක පුජා කරපු කෙනාටම තමා අන්දවන්න තියෙන්නේ .. (ස)