ගණිකා මඩමක් පවත්වාගෙන යන බවට තමාට ලොකු මඩ පහරක් එල්ල කැර ඇති බවත් එය දේශපාලන කුමන්ත්‍රණයක් බවත් තම ප්‍රතිරූපය නැති කිරීමට එම නින්දිත පුවත් පළ කරන අයට නීතී මගින් ක්‍රියා කරන බවත් පාර්ලිමේන්තු කටයුතු ඇමතිනි සුමේධා ජී ජයසේන ඇමැතිනිය මොනරාගල දී පැවසීය.
තම පාර්ලිමේන්තු නිල නිවසේ වසර දහයකට පමණ සිට ඥාති දියණියක සිටි බවත් ඇය විවාහ වී වෙනත් ස්ථානයක පදිංචියට ගොස් ඇති බවත් ඇය කීවාය.
මොනරාගල දිස්ත්‍රික්කයේ දුප්පත්කම වැඩි වි නැතත් පිටිසර ගම්මානවල ගංජා වැනි මත්ද්‍රව්‍ය ව්‍යාපාර පවත්වාගෙන ගිය අය අත්අඩංගුවට ගැනීමෙන් ආදායම කිසියම් ප්‍රමාණයකින් අඩු වන්නට ඇතැයි ද ඇය කීවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැහැ නැහැ ඒවායේ වේකන්සිස් ඉවර වෙලා. බය නැතුව එන්න. ආදායම හොඳ වේවි. (නදී)
ආශ්චර්යවත් ලංකාවක් බිහිවෙන්නද මන්දා යන්නේ? (නි)
කුමාරි , ලංකාවට එන්න හදන්නේ දේශපාලනය කරන්න නෙමෙයිනේ? (නි)
බුදුඅම්මෝ දැන් නම් ලංකාවට එනවද කියල නැවතිල්ලේ හොඳට හිතන්න වෙනවා.(දිල්)
ගංජා. හෙරොයින්, බාබුල්, කසිප්පු, ගණිකා මඩම්, රේස්, කැසිනෝ, අරක්කු බාර්, හොරකම්, වංචා, දූෂණ, මිනීමැරුම්, ළමා අපචාර, අල්ලස්, සහ දේශපාලනය යන මේවා එක කුසේ උපන් සහෝදරයින් වගෙයි දැන් නම් (නි)
කුමාරි බය නැතුව ලංකාවට එන්න ඔයාට අවුලක් වෙන්නේ නැහැ ! (දිල්)
වැඩක් නැහැ (දී)
නඩු දානවා කිව්වේ ඇත්තටම ද? හැබැයි තව තව දේවල් එළිවෙන්න පුළුවනි (නදී)
අපි එහෙනම් හෙට අනිද්දම ගංජා නීතිගත කරන්න කියමු .. එතකොට මොනරාගල කට්ටියට ආය ආදායම සරු වෙයිනෙ (අ)
මේ අපේ සාමාන්‍ය ජනතාව නියෝජනය කරන්න පාර්ලිමේන්තුවට ඇරලා තියෙන අය....මේ හරක් ටෝක් අහනකොට මට වමනෙට එනවා අනේ කුමාරි නගෝ, ඔයයි මමයි ඔන්න ඔය ඉන්න විදියට ඉමු (අ)
කුමාරි අක්කේ, කාගෙන් නැති වුණ ඔය පිටබැද්දර උන්නැහේගෙන් ප්‍රවේසම් වන්න (අ)
අපිනම් දන්නේ නැහැ ඔය මඩ කතා (දිල්)
හරිම දුකයි මේ වගේ කතා අහන්න ලැබෙන එකට. (නි)
ඒ ප්‍රදේශයේ ඉන්න හොඳම ඇමතිවරිය. මෙයා අලි හොරුන්ට අනුබල දෙන්නේ නෑ. (අ)
එතකොට ඇමතිතුමිය පිලි ගන්නවා, ගංජා අත් අඩංගුවට ගන්න නිසා ආදායම අඩුවෙනවා. ඒක නිසා දුප්පත්කම වැඩි වෙලා කියලා. එ් කියන්නේ ඔය පළාතේ දුප්පත්කම නැති කරන්න පුළුවන් ගංජා වගාවෙන් කියලනේ අපි හිතුවේ ගොවි තැනින් සහ සමුර්ධියෙන් කියලා. මෙහෙම බලනකොට මහින්ද චින්තනෙන් මොනරාගල කට්ටියට යහපතක් වෙලා නැහැනේ. මොකද මේගොල්ලන් තාම ඉන්නේ පරණ තැනමනේ. ගංජා නැත්නම් හබක්. (නදී)
ගංජා, කුඩු, ගණිකා නිවාස නීති ගත කරනු. (අ)
මැඩම් ගේ ආදායමත් අඩුවෙලාද? (අ)
ගොඩාක් දුකින් වගෙයි කතා කරන්නේ...මට පෙනෙන්නේ මෙතුමියගේත් ප්‍රධාන ආදායම් මාර්ගය එකමයි කියලයි. (අ)
කුමාරි, ඉතියෝපියාවේද පදිංචි වෙලා ඉන්නේ? (නි)
කුමාරි, බය නැතුව තමන්ගේ නිජභුමියට එන්න (නි)
ගංජා,කුඩු වලින් තොර කතාබහක් අපේ දේශපාලකයින්ට ඇත්තේම නැද්ද? ආශ්චර්යයක මහත! (නි)
එතකොට මුළු රටේම දුප්පත්කමට හේතුවත් ඕකමද දන්නේ නැහැ නේද???? (නි)
ඇයි නිලනිවසේ මන්ත්‍රීතුමිය හිටියේ නැද්ද එතකොට? (නි)
අනෙක් දිස්ත්‍රික්ක වල කට්ටියට තරහයයිද දන්නේ නැහැ. (නි)
මටත් ඇහුනා ඔයපැත්තෙන් ළඟදී දේශපාලන වේදිකාවක පොහොසත්ම නගරය මොනරාගල කරනවා කියලා . (නි)
අනේ කුමාරි නැගණියනි, අපේ ලංකාව අමතක කරන්න එපා. ඕවා ඉතින් ලෝකේ කොහේ හිටියත් සිදුවෙන දේවල් නේද? (නදී)