මොනරාගල ලංකාදීප මාධ්‍යවේදී නයනජීව බණ්ඩාර පොලිසිය හා වනජීවී ප්‍රශ්නයක් සම්බන්ධයෙන් ලියූ වාර්තාවක් ගැන ප්‍රශ්න කිරීමට මොනරාගල සහකාර පොලිස් අධිකාරීවරයකු විසින් කැඳවනු ලැබීම සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියමයෙන් මහජන සාමය පිළිබඳ ඇමැති ජෝන් අමරතුංග මහතා පොලිස්පතිගෙන් වාර්තාවක් කැඳවා ඇත.
මෙම මාධ්‍යවේදියා පොලිසියට කැඳවීම මාධ්‍ය නිදහසට එල්ල කළ අනියම් තර්ජනයක් බව මාධ්‍යවේදීහු අගමැතිවරයාට පැමිණිලි කළහ.
මේ ගැන විමසූ විට සාමය පිළිබඳ ඇමැති ජෝන් අමරතුංග මහතා පැවසුයේ පරණ සෙල්ලම්වලට ඉඩ නොදෙන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඉතින් සොයා බලන්න ඇති (බ)
ඒක ඇත්ත දැන් අලුත් සෙල්ලම්. (ර)
ඔබ හරි ඇමතිතුමා, පරණ සෙල්ලම් වලට ඉඩ දෙන්න එපා. (බ)