ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකයේ පුරාවිද්‍යාඥ රසික මුතුකුමාරණ මහතා ඇතුළු පිරිසක් හික්කඩුව මුහුදේ කිමිදුම් කටයුතුවල නිරතව සිටිය දී ඒ අසළට අපූරු අමුත්තෙක් පැමිණියේය. ඒ අඩි 20ක් පමණ දිගැති මිනිමුතු මෝරෙකි.
හදිසියේම ඔවුන් අසළට පැමිණි මෝරා ඔවුන් සමග පැය භාගයකට වැඩි කාලයක් එහි ගත කළේය. කිමිදෙමින් සිටි පිරිසට මැදිව ඔවුන්ට තමන් ස්පර්ශ කිරීමට පවා ඉඩ දෙමින් මෝරා සිටි ආකාරය මුතුකුමාරණ මහතා සිය කැමරාවේ ද සටහන් කරගත්තේය.
මිණිමුතු මෝරා යනු මහ සයුරේ ජීවත්වන විශාලතම මත්ස්‍ය විශේෂයයි. වේල් ශාක් ලෙස ඉංග්‍රීසි බසින් හඳුන්වන මේ මාළුවාගේ සිරුරේ ඉතා අලංකාර ලෙස තිත් පිහිටා තිබිම හේතුවෙන් සිංහල බසින් මිණි මුතු මෝරා ලෙස හඳුන්වයි.
විද්‍යාඥයන් පවසන්නේ මිණිමුතු මෝරා මීටර 12ක් පමණ විශාලව වැඩෙන බවයි. කෙසේ වෙතත් මෙතෙක් ලෝකයේ හමුවූ විශාලතම මිනි මුතු මෝරා මීටර 20ක් දිගැති බව ද පර්යේෂකයෝ කියති.
හික්කඩුවේ කිමිදුම් සිදුකරණ ස්ථානයට පැමිණි මේ යෝධ අමුත්තා කිමිදීමේ නියමිත කාලය අවසන්කැර තමන් ගොඩට පැමිණිය ද තවත් සුළු වේලාවක් ඒ අසළ ගැවසෙමින් සිට නොපෙනී ගිය බව මුතුකුමාරණ මහතා කීවේය.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජිවිතයට ලැබෙන වෙන විශේෂ අවස්ථාවක් ලෙස සලකන්න පුළුවන්, මෙ අත්දැකිම ලබා ගන්න පුළුවන් ටික දෙනාටයි(දිල්)