IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


මනමේ හා සිංහබාහු පැරීසියට යයි

එදිරිවීර සරත්චන්ද්‍ර  සියවැනි ජන්ම ශත සංවත්සරය නිමිති කොට ප‍්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් සංවිධානය කැරුණු මනමේ නාට්‍යයේ විශේෂ දර්ශනයක් පැරීසියේ යුනෙස්කෝ ශාලාවේදි අද ( 10 ) සවස 07 ට වේදිකා ගත වෙයි.

සිංහබාහු නාට්‍යයේ විවෘත දර්ශනයක් ද  ලබන 14 වැනි සෙනසුරාදා පැරිස් කලාප අංක 12 හීදි සවස 07 ට වේදිකා ගතවීමට නියමිතය.

මෙහි විශේෂ ආරාධිතයන් ලෙස සංස්කෘතික ඇමැති ටී.බි තෙන්නකෝන් , මහචාර්ය ජේ.බි දිසානායක , මහචාර්ය සරත් විජේසුරිය ද සහභාගි වීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ නාට්‍ය ක්‍ෂේත‍්‍රයේ ජෝන් ද සිල්වා ශූරීන්ගේ නාට්‍ය යුගයෙන් පසු  නුතන නාට්‍ය කලාවේ සියලූ අංශ පෝෂණය කොට ජනතා හදවත වැළඳගත් ශ්‍රී ලංකා නාට්‍ය කලාවේ මෑත යුගයේ පියාණන් ලෙස සැළකෙනුයේ ,මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයෝය. 50 දශකයේ ඇරඹුණු මනමේ, සිංහබාහු අමරණීය සිහිවටන ලෙස අදත් ජීවමානය. 

70 දශකයේ ප‍්‍රංශයේ තානාපති ලෙස සේවය කළ ඔහු තානාපති සේවයෙන් ඉල්ලා අස්වී පැවසුයේ රාජ දුතයකු වශයෙන් තමා ගත කළ කාලය නිෂ්ඵල අර්ථ ශුන්‍ය බවයි.

එකම ප‍්‍රයෝජනය වුයේ නවකතාවකට සුදුසු මුල ද්‍රව්‍ය එක්කාසු කර ගැනීමට හැකිවීම පමණක් යැයි ඔහු විසින් රචිත ‘පින් ඇති සරසවි වරමක් දෙන්නේ’  නම් ග‍්‍රන්ථයේ සටහන් තබා ඇත්තේය.

‘මා ආශ්වාස ප‍්‍රශ්වාස කරන ප‍්‍රාණ වායුව මට ලැබෙන පැසසුම් නොව  විවේචනයෝය .පැසසුම් වලට වඩා විවේචන සත්‍යයට සමීප බවක් හැඟෙන බැවින් මේවා නැති පාළුව මට පිටරටදී දැනුණේ යැයි’ එම ග‍්‍රන්ථයේ ඔහුගේ වචන වලින්ම පැහැදිලි කොට ඇත්තේය. යුගයක් නිර්මාණය කළ මේ මහා කවියා, චින්තකයා සිංහල භාෂව පවතින තුරා අමරණීය බවට නම් වාදයක් නැත. එම යුග පුරුෂයානන් සිහිපත් කිරීම ඔහුට මෙන්ම නාට්‍ය කලාවට අපි විසින් සිදුකරන ගෞරවණීය ප‍්‍රණාමයක් වන්නේය.

 

 

 

 

         

 

 

 



අදහස් (0)

මනමේ හා සිංහබාහු පැරීසියට යයි

චාන්දනී Wednesday, 11 June 2014 02:15 PM

ඔබ නිවැරදියි විදුෂක. සතුට ප්‍රකාශ කරනවා හැර ලියන්නට දෙයක් නොමැත. (නි)

:       0       0

විදුෂක Tuesday, 10 June 2014 03:13 PM

නුතන ප්‍රබුද්ධ සිංහල සාහිත්‍යයේ "පරමාදර්ශය" සරච්චන්ද්‍ර ශුරීන්ය. අර්ථනිරුපනයට අටුවා, ටීකා, ටිප්පණි, යාං හෑලි කුමටද? (ස)

:       0       0

කුමාර Tuesday, 10 June 2014 03:41 PM

ජර්මනිය සිටින අපිත් මේ වගේ දේවල් බලන්න කැමති නමුත් බර්ලින් සහ ෆ්රන්ක්ෆ්ර්ට් වල ලංකාවේ තානාපති කාර්යාලේ ඉන්න අයට ඕන තමන්ගේ ව්‍යාපාර කරගෙන මුදල් සෙවීම මිසක් ලංකාවටවත් මෙහෙ ඉන්නන ශ්‍රීලංකා වැසියන්ට යමක් කිරීම නෙවි. (දී)

:       0       0

රොහාන් දයාදර පැරිස් Wednesday, 11 June 2014 04:02 PM

මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර ශුරයින් හෙළයට පහළ වූ දුර්ලභ සම්පතකි.මනමේ මගේ මතකය අතීත මතක ආවර්ජනයක යෙදවීය. මෙය දුටු විට මෙවන් අති විශිෂ්ට නිර්මාණ දකින්න මා නෙත පින්කළ බව මට හැඟේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site