එදිරිවීර සරත්චන්ද්‍ර සියවැනි ජන්ම ශත සංවත්සරය නිමිති කොට ප‍්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් සංවිධානය කැරුණු මනමේ නාට්‍යයේ විශේෂ දර්ශනයක් පැරීසියේ යුනෙස්කෝ ශාලාවේදි අද ( 10 ) සවස 07 ට වේදිකා ගත වෙයි.
සිංහබාහු නාට්‍යයේ විවෘත දර්ශනයක් ද ලබන 14 වැනි සෙනසුරාදා පැරිස් කලාප අංක 12 හීදි සවස 07 ට වේදිකා ගතවීමට නියමිතය.
මෙහි විශේෂ ආරාධිතයන් ලෙස සංස්කෘතික ඇමැති ටී.බි තෙන්නකෝන් , මහචාර්ය ජේ.බි දිසානායක , මහචාර්ය සරත් විජේසුරිය ද සහභාගි වීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ නාට්‍ය ක්‍ෂේත‍්‍රයේ ජෝන් ද සිල්වා ශූරීන්ගේ නාට්‍ය යුගයෙන් පසු නුතන නාට්‍ය කලාවේ සියලූ අංශ පෝෂණය කොට ජනතා හදවත වැළඳගත් ශ්‍රී ලංකා නාට්‍ය කලාවේ මෑත යුගයේ පියාණන් ලෙස සැළකෙනුයේ ,මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයෝය. 50 දශකයේ ඇරඹුණු මනමේ, සිංහබාහු අමරණීය සිහිවටන ලෙස අදත් ජීවමානය.
70 දශකයේ ප‍්‍රංශයේ තානාපති ලෙස සේවය කළ ඔහු තානාපති සේවයෙන් ඉල්ලා අස්වී පැවසුයේ රාජ දුතයකු වශයෙන් තමා ගත කළ කාලය නිෂ්ඵල අර්ථ ශුන්‍ය බවයි.
එකම ප‍්‍රයෝජනය වුයේ නවකතාවකට සුදුසු මුල ද්‍රව්‍ය එක්කාසු කර ගැනීමට හැකිවීම පමණක් යැයි ඔහු විසින් රචිත ‘පින් ඇති සරසවි වරමක් දෙන්නේ’ නම් ග‍්‍රන්ථයේ සටහන් තබා ඇත්තේය.
‘මා ආශ්වාස ප‍්‍රශ්වාස කරන ප‍්‍රාණ වායුව මට ලැබෙන පැසසුම් නොව විවේචනයෝය .පැසසුම් වලට වඩා විවේචන සත්‍යයට සමීප බවක් හැඟෙන බැවින් මේවා නැති පාළුව මට පිටරටදී දැනුණේ යැයි’ එම ග‍්‍රන්ථයේ ඔහුගේ වචන වලින්ම පැහැදිලි කොට ඇත්තේය. යුගයක් නිර්මාණය කළ මේ මහා කවියා, චින්තකයා සිංහල භාෂව පවතින තුරා අමරණීය බවට නම් වාදයක් නැත. එම යුග පුරුෂයානන් සිහිපත් කිරීම ඔහුට මෙන්ම නාට්‍ය කලාවට අපි විසින් සිදුකරන ගෞරවණීය ප‍්‍රණාමයක් වන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ නිවැරදියි විදුෂක. සතුට ප්‍රකාශ කරනවා හැර ලියන්නට දෙයක් නොමැත. (නි)
නුතන ප්‍රබුද්ධ සිංහල සාහිත්‍යයේ "පරමාදර්ශය" සරච්චන්ද්‍ර ශුරීන්ය. අර්ථනිරුපනයට අටුවා, ටීකා, ටිප්පණි, යාං හෑලි කුමටද? (ස)
ජර්මනිය සිටින අපිත් මේ වගේ දේවල් බලන්න කැමති නමුත් බර්ලින් සහ ෆ්රන්ක්ෆ්ර්ට් වල ලංකාවේ තානාපති කාර්යාලේ ඉන්න අයට ඕන තමන්ගේ ව්‍යාපාර කරගෙන මුදල් සෙවීම මිසක් ලංකාවටවත් මෙහෙ ඉන්නන ශ්‍රීලංකා වැසියන්ට යමක් කිරීම නෙවි. (දී)
මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර ශුරයින් හෙළයට පහළ වූ දුර්ලභ සම්පතකි.මනමේ මගේ මතකය අතීත මතක ආවර්ජනයක යෙදවීය. මෙය දුටු විට මෙවන් අති විශිෂ්ට නිර්මාණ දකින්න මා නෙත පින්කළ බව මට හැඟේ. (නි)