ටෙලිකොම් මෑන්පවර් සේවක සංගමයේ උප සභාපති එම් එස් මංගල මහතා ඇස් දෙක රෙදි කැබැල්ලකින් බැඳ අද අලුයම 2.30ට පමණ ඉංගිරිය නම්බපාන පාලම අසලට ගෙනැවිත් දමාගෙස් සිටියදි සොයාගත් බව පිලියන්දල පොලිසිය කියයි.
ටෙලිකොම් මෑන්පවර් සේවකයන් ආරම්භ කර ඇති වැඩවර්ජනය නතර කරන ලෙස තමාට බල කළ බවත් පසුගිය දා තමා නිවස බලා යමින් සිටියදි කළුපැහැති වෑන් රියකින් පැමිණි පිරිසක් පැහැරගෙන පැය තුනක පමණ ගමනකින් පසු කිසියම් ස්ථානයක හිරකරගෙන සිටි බව ඔහු පොලිසිය කියා ඇත.
පසුව අද අලුයම තමාගේ ඇස් ආවාරණය කොටගෙන පැය තුනක පමණ ගමනිකින් පසු තමා වාහනයෙන් එළියට තල්ලු කර දමා හෙල්මටයද පොකැට්ටුවද එළියට විසි කර ඔවුන් ගිය බව ද පොලිසියට දුන් කටඋත්තරයේ සඳහන්වේ.

![DSC02196[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2017/02/DSC021961.png)
![vlcsnap-2017-02-01-10h29m22s175[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2017/02/vlcsnap-2017-02-01-10h29m22s1751.png)
![vlcsnap-2017-02-01-10h35m16s131[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2017/02/vlcsnap-2017-02-01-10h35m16s1311.png)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධ්‍යක්ෂණය , තිර රචනය වගේම රගපෑමත් එයාගෙම වගේ. (ම)
පුදුමයි බටලන්දට ගෙනිච්චේ නැති එක. (ම)
වැඩ අවුල් කරන්න මේකත් කාගේ හරි වැඩක් තමයි (බ)
ඉස්සරවෙලා ඔය කියන කතාව ඇත්තක්ද කියල හෙව්වොත් මොකද? හැම කතාවකටම පැති දෙකක් තියෙනවනේ. ඊට පස්සේ කොමෙන්ටු දාන්න පුළුවනි. (බ)
හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට ලු. තවම අවුරුදු දෙකයිනේ; ඔහොම යන්! (බ)
පොලිසිය මගින් නිසි පරීක්ෂණයක් කර මෙම පැහැරගැනීමේ පුද්ගලයින් සොයා ගත හැකියි. එසේම නිතිය හමුවට පැමිණිය යුතුය.(ම)
යහපාලන ආණ්ඩුවට චෝදනා කරන්න එපා ..එයාල ලිච්චවි පාලනයක් කරන්නේ,හරිම හොදයි...මේවා පුද්ගලික කෝන්තර, සුදු වැන් ආවානම් අවසානය සුදු කොඩි තමයි (බ)
දේශපාලඥයින්ට පුළුවන් ඔවුන්ම වැඩේ කරලා ඔවුන්ටම එයට විරුද්ධව ජනතාව ඉදිරියේ කන්අඩි පැලෙන්න මොර දෙන්න. එනිසා මේ සම්බන්ධව සාධාරණ පරීක්ෂණයක් කරලා වැරදිකරුවන්ට තරාතිරම නොබලා දඬුවම් කළේ නැත්නම්, මේ වගේ දේවල් නවත්තන්න බැරිවේවි. අපි බලමු , රටේ පොලිසියට මේ වැඩෙවත් හරියට කරන්න පුලුවන්ද කියල. (බ)
ගම ඇති . නීතිය නැව්වොත් ? එතකොට මොකද වෙන්නේ ? (බ)
ලොකු දෙයක් මේ මනුස්සයාගේ ජීවිතය බේරුනා එක. මාධ්‍යයට පින් සිද්ධ වෙන්න. අගමැතිවරයා කතා කරන කොට තේරුණා මේවා වගේ වැඩි ඇතක නොවන බව. දැන් ඉතින් වෙනස සැපයි අපිට .(බ)
මෙයාට ලැබුණු දුරකථන ඇමතුම් කොහෙන්ද කාගෙන්ද ? විසන්ධි කරලා නම් කුමන පලාත්වල සැරිසරා ඇත්ද ?අතුරුදහන් වීමට පෙර ඇමතුම් දුන්නේ කව්ද? පව්ලේ සහ වෘත්තීය සමිතියේ අනෙක් අයට ලැබුණු සහ ලබාගත් දුරකථන ඇමතුම් කාගේද ? පොලිසියට පුළුවන් විමර්ශනය කරන්න (බ)
ලංකාවේ සුදු වැන් සහ කළු වැන් ධාවන නවත්වන්න ඕනේ (බ)
මෙවැනි කුණු ගොඩවල් අපේ ගම් ප්‍රදේශයට ගෙනවිත් ඇත ඇරීම ගැන අපගේ බලවත් විරෝධය (ම)
මේ ගැන තදින් විමර්ශනය කළ යුතුයි,පැහැරගෙන කිසිම අනතුරක් නැතිව ගෙදර එම නිසා මෙය එක්තරා රඟපෑමක් විය හැකියි. විපක්ෂයට මෙය හොඳ මාතෘකාවක්. (අ)
අාණ්ඩුවනම් මෙවැනි මෝඩ වැඩක් කරයි කියල හිතන්න බෑ. මොකද මෙය විශාල පහරක් වන නිසා. අනික අතුරුදහන් නොකර අාපහු එවීම තුලින් මෙය ආණ්ඩුව අපහසුවට පත්කීරිමටම කළදෙයක් විය හැක. හොඳින් පරීක්ෂණ කර පිටුපස ඉන්න අය අල්ලාගත යුතුයි .(අ)
තමන් නියෝජන කරන්නේ කුමන පක්ෂය වුණත් කමක් නැහැ හරි දේ හරි විදියටත් වැරදි දේ වැරදි විදියටත් දකින්න කියලා හැමෝගෙන්ම ඉල්ලන්න කැමතියි. මොකද එහෙම නොවනතාක් දේශපාලකයන්ට වැරදි කරන්න පුළුවන්. දේශපාලකයන්ට වන්දිබට්ටයන් වෙන්නවත් පක්ෂයක් මත යැපෙන්නවත් එපා. අපේ රට හැමදාමත් දියුණුවෙන්න බැරි ඒ නිසා. (නි)
දැන් තියෙන්න කළු වැන් සංස්කෘතියද කොහෙද ? (අ)
සංහිදියාව වෙන්න ඇති. (ර)
යහපාලනය , වැඩ පටන් අරගෙන වගේ. (අ)
සුදු වැන්, සුදු වෑන් කියා කොච්චර මහින්දට චෝදනා කළත්, එහෙම අල්ලන් ගිය එකෙක් නැත. ඔන්න එ්කට කළු වැන් වලින් ගිහින් වර්ජන නවත්තන්න ජහ පාලනය පටන් අරන්. කාට කියන්නද මේවා. (අ)
වැඩ පටන් අරන් වගෙයි නේද .(අ)
එදා මෙයාලම පටන් ගත්තේ සුදු වැන්, දැන් කළු, පස්සේ අරයලටම පටවයි වෑන් කතා . (අ)
ලංකාවේ මොන අාණ්ඩු අාවත් මෙහෙම තමා. (අ)
මේක කවුරු හරි ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න කළ දෙයක්.මොකද දැන් කියන්න පුළුවන්නේ දැන් එන්නේ කළු වෑන් කියල.(අ)
ඔන්න යහපාලනේ දොරේ ගලනවා. ඉස්සර සුදු වැන් දැන් කළු වැන්. (අ)
එහෙනම් සුදු වෑනුත් අපහසුතාවයට පත්කරන්න කරපුව වෙන්න ඇති. (අ)
ආණ්ඩු අපහසුතාවයට පත් කිරීමට ඉස්සර සමහරු සුදු වැන් පාවිච්චි කරලා තිබෙනවා. දැන් කළු වැන් පාවිච්චි කරනවා. (අ)
මේක නම් කවුරු හරි ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න කළ දෙයක් බව හොදට පේනවා. මේවා කරන අයට දැඩි දඩුවම් දෙන්න ... (අ)
“තමාගේ ඇස් ආවාරණය කොටගෙන පැය තුනක පමණ ගමනිකින් පසු තමා වාහනයෙන් එළියට තල්ලු කර දමා හෙල්මටයද පොකැට්ටුවද එළියට විසි කර ඔවුන් ගිය බව ද පොලිසියට දුන් කටඋත්තරයේ සඳහන්වේ.“ පුදුමයි.... ඇස් වහල තියෙද්දිත් වෑන් එකෙන් එළියට විසි කරපුවා දැකලා..... (අ)
89-90 සෙල්ලම පටන් ගන්නද යන්නේ මෙයාලට මේවා අලුත් දේවල් නෙමේ. (අ)
යහපාලන අය්යලා හොඳටම කලබල වෙලා වගෙයි..ඉස්සර සුදු වෑන් එන්න ඇත්තෙත් ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්නම තමය්..දැන් මේකටත් මහින්දට බනි. (බ)
මේක රජාගේ අධ්‍යක්ෂණයක් වගේ අරන් ගියද මෙයම ගියද කියල හොයමු නේද (බ)
එකත් එකටම ඕක මහින්දගේ වැඩක් (බ)