වෙසක් සමයේ ඔළු බක්කන් ඇතුළු සුළු සුළු නැටුම් අගෝචර යැයි මහා සංඝරත්නය හා බෞද්ධනායකයන් කොතෙකුත් කීවත් පලක් නැති සැටියෙකි. මෙම ඡායාරූප මින්නේරිය ප්‍රදේශයේ දී අමුතු පිරිසක් වෙසක් පොහොයට වන්දනාවේ යන හැටි දක්නට ලැබුණු එක් අවස්ථාවකි
වෙසක් සමයේ ඔළු බක්කන් ඇතුළු සුළු සුළු නැටුම් අගෝචර යැයි මහා සංඝරත්නය හා බෞද්ධනායකයන් කොතෙකුත් කීවත් පලක් නැති සැටියෙකි. මෙම ඡායාරූප මින්නේරිය ප්‍රදේශයේ දී අමුතු පිරිසක් වෙසක් පොහොයට වන්දනාවේ යන හැටි දක්නට ලැබුණු එක් අවස්ථාවකි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක එහෙම නැටුමක් නොවේ මේක තම මෙයාලගේ නියම ස්වරූපය (හේ)
මෙහෙම පිස්සු කාලයක් මටත් තිබුණා (නි)
අනවශ්‍ය සීමා කිරීම් නොකළ යුතු දෙයක්.(හේ)
මින්නේරියෙ මේ වගේ අය ටික දෙනෙක් ඉන්නවා (හේ)
ඔක්කොටම කලින් මේවා විකුණන ඒවා නවත්වන්න ඕනෑ. විකුණන්න තියන නිසානේ ගන්නේ. (නි)
කපුගේ,මොනාද උදේට කෑවේ?? සුද්දන්ගේ ගුලිද? (බ)
වර්තමානයේ සමහර සංඝයා සිවුර දමාගෙන නටන්නෙත් ඔලුබක්කෝ කියලා තමයි අපට නම් පෙනෙන්නේ. ඉතින් ඒවා දකින මිනිස්සු පිස්සු කෙලින එකේ වරද මොකක්ද? (බ)
කපුගේ හරි. අගෝචර බව කිව්වේ ඔලු බක්කෝ නැටීමයි. මේක වෙස් මුහුණක් දාගෙන යාමක් පමණයි නේද? (හේ)
නලා ,මේ වගේ සියලුම වෙස්මුහුණු ,තෙමගුලට නොගැලපෙන සියලුම දේවල් තහනම් කළ යුතුය (බ)
කොල්ලොනේ..හරි වැරදි තේරෙන්න තව ටික කාලයක් යාවි.(බ)
පෝයකටවත් පන්සලකට යන්නේ නැති අයට ඕවා ඔහොම තමයි (බ)
1979 කාලේ පොළොන්නරුවේ තිබුන සුළි කුණාටුවෙන් පස්සේ බිහිවෙච්ච අය. මේ ගොල්ලන්වත් හේදිලා යාවි අනාගත සුළි කුණාටුවකින් (බ)
අනේ මෙහෙමත් පිස්සෝ? (නි)
මේවා කාටවත් අවමානයක් ගෙනදෙන ඒවා නොවන නිසා ගණන් ගතයුතු නැහැ. හුදෙක් ඔව්න්ගේ විනෝදය තකා පමණයි. (බ)
තාරුණ්‍ය විඳීමක් පමණයි නේද. මෙතනදි කාටවත් වැරැද්දක් වෙන්නේ නැහැ.කාටවත් අගෞරව කරන්නෙත් නැහැ. (නි)
මේ මිහිපිට මළ පෙරේතයෝ වැනි කොටසකි (නි)
මිනිස්සුන්ට කරන අනවශ්‍ය සිමා මායිම් දැමිම නතර කළ යුතුයි (බ)
මේ වගේ කට්ටියට මඩු වලිගෙන් ගහන්න ඕන (හේ)
මින්නේරිය කියන්නේ ඉතාම දුෂ්කර පළාතක්. මේ ළමයින්ට විනෝද වෙන්න නයිට් ක්ලබ් ඔහේ නැහැ සංගීත සන්ද්‍යා නැනේ .මේවා ගැන කලබල වෙන්න එපා ලමයිනේ. මෙයින් කිසිම කෙනෙකුට හිංසාවක් නැහැ. මේ යන වාහනේ පැජරෝ එකකුත් නෙමේනේ. (හේ)
එක එක්කෙනාගේ බුද්ධි මට්ටම් වෙනස්. ඒ ඒ අයගේ දැනුම අනුව තමයි ඒ අය ලෝකේ දකින්නේ. ඉතින් මේකට කලබල වෙලා වැඩක් නැහැ. (බ)
බුදු දහමට සම්බන්ධකම් නොමැති අය විසින් මෙවැනි කැරොල් නැටීමට උත්සාහ කරනවා. (බ)
හැමදාමත් වෙසක් නැහැනේ! (නි)
පන්සලකට යනකොට මේවා නැතුව, පාරේ කාටවත් කරදරයක් නොකර විනීතව මේවා කළාට කමක්නැහැ (නි)
වෙසක් සමයේ ඕව කරලා ඉතින් මේ වගේ ඉපදෙන්න වේවිද මන්ද. හේතු ඵල දහමමය සත්‍යය. (බ)
වෙසක්, පොසොන් වගේ පෝය දිනයන් දැන් මේ රටේ කෝලම් නටන දින බවට පත්වෙලා තියෙන්නේ. මෙහෙම ඇත්ත කිවුවහම සමහරුන්ට තරහ යාවි. (නි)
තෙමඟුලට නොගැළපෙන සියලුම දේවල් තහනම් කළ යුතුය. (නි)