IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මන්නාරමෙනුත් අවි තොගයක් ගොඩ ගනී

මන්නාරම ඉලුප්පුකඩවායි ප්‍රදේශයේ සගවා තිබු ආර්පීජී වර්ගයේ අවියක් හා පුපුරන ද්‍රව්‍ය කිහිපයක් අද (30) පස්වරුවේ වළදමා තිබියදී සොයාගත් බව මන්නාරම් පොලිසිය කියයි.

මන්නාරම තිරුකේදීස්වරන් ගුවන් හමුදා කඳවුරට ලැබුනු බුද්ධි තොරතුරකට අනුව මන්නාරම් පොලීසියේද සහාය ඇතිව අදාල යුද උපකරණ තිබූ ස්ථානය හැරීම සිදු කළේය.
එහිදී පළමුව ක්ලේමෝ බොම්බ 6 ක් පුද්ගල නාශක බිම්බෝම්බ 16 ක්,(පකිස්තාන් බොම්බ 2ක්,කොටි සංවිධානයේ නිෂ්පාදිත රංගන් බෝම්බ 14ක්) බිම්බෝම්බ පුපුරවා හැරීමට යොදාගන්නා ෆියුස් 16 ක් ,පුද්ගල නාශක අත්බෝම්බ 14 ක් ද (ජේ.ආර්. වර්ගයේ අත්බෝම්බ 2ක්, ආගස්ථි 4ක් ,කේ 400 වර්ගයේ බෝම්බ 3,ටී.82 වර්ගයේ බෝම්බ 5ක් ) ,මිලිමීටර් 60 වර්ගයේ මොටාර් බෝම්බයක් ද හමු වී ඇති අතර පසුව මන්නාරම් පොලීසිය විසින් අදාල වැසිකිලි වල අවට සිදු කළ හෑරීම් වලින් පසුව ආර්.පී.ජී. වර්ගයේ ගිනි අවියක්ද හමු වී ඇත.

mannar_201633101 mannar_201633102 mannar_201633103 mannar_201633104



අදහස් (0)

මන්නාරමෙනුත් අවි තොගයක් ගොඩ ගනී

ඉරේෂ් එස් කුමාර Thursday, 31 March 2016 06:55 AM

ආරක්ෂක ලේකම් නම් කියයි ආයෙත් වැඩට යන්නත් බැරි තත්වයක් එන්නයි හදන්නේ මට පේන විදියට (හේ)

:       0       0

රූපවතී Thursday, 31 March 2016 08:27 AM

වල දාපු ආයුධ ගොඩ ගන්නත් එපැයි.(හේ)

:       0       0

ස්මිත් Wednesday, 30 March 2016 06:23 PM

බය වෙන්න එපා ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නෑ (ම)

:       0       0

අනුෂා Thursday, 31 March 2016 09:11 AM

රජින්ද, ඔබ හරි (නි)

:       0       0

ප්‍රියා Thursday, 31 March 2016 09:17 AM

රජින්ද, එම බිහිසුණු සෙවනැළි සමඟ ගනුදෙනු කළ අය අද එල්ලෙන්න වැල් හොයනවා. (නි)

:       0       0

චන්ද Thursday, 31 March 2016 09:27 AM

අතීතයේ ඉඳලාම වුණ දෙයක් තමයි මේ රටේ සැබෑ දේශප්‍රේමීන් සුළුතරයක් රටට ආක්‍රමණ ආ විට ජීවිත පරිත්‍යාගයෙන් වැඩකිරීම හා පැත්තක් සිටිය අය ලකුණු දාගැනීම (නි)

:       0       0

සිසිල් Wednesday, 30 March 2016 09:39 PM

තව ඇති වලදාලා තියෙන අවි.(හේ)

:       0       0

ප්‍රනාන්දු Wednesday, 30 March 2016 10:41 PM

ශ්‍රී ලංකාව පාලනය කරන මෙවන් යුගයක ඉදිරියේදී අමිහිරි දේවල් දැකීමට සහා ඇසීමට ලැබිය හැක .(හේ)

:       0       0

නාමල් - නිව් යෝර්ක් Thursday, 31 March 2016 09:40 AM

මේවා යුද්ධය කාලයේ සගවපු ඒවා කියල පෙනුමෙන්ම පේනවා.. ආර්.පී.ජී ලෝන්චර් එක හොදටම මලකඩ කාල.. සමහරු බලාහිටියේ අද ඊයේ ගෙනාපු ආයුධ කියලා ජාතිවාදය් පතුරුවලා බලය ගන්න වෙන්නැති (බ)

:       0       0

බන්දුල Wednesday, 30 March 2016 11:16 PM

හරි හරි අපි දැනගෙන සිටිය මේ තත්වයට රට යන බව. (හේ)

:       0       0

ජයනාත් Saturday, 02 April 2016 01:03 AM

අපේ රට ත්‍රස්තවාදය අවසන්කර ඇතත් 30 වසරකට එහා සිට ත්‍රස්තවාදී ක්‍රියාදාමයක් පවතී. මේ රටේ ඔවැනි සැඟවූ, අතහැරුණු ,මගහැරුණු අවිආයුධ හමුවීම සාමාන්‍යයි. ඒ හැටි කලබල වෙන්න දෙයක් නැහැ. ලෝක ඉතිහාසය දෙස බලන්න. ලෝක යුද සමයේ සැඟවූ ආයුධ පවා තාමත් ලොව පුරා හමුවනවා. අපේ ආරක්ෂක අංශ වන පොලිස්, ත්‍රිවිධ හමුදාවන්හි අවධානය ගැන සතුටු වියහැකියි. (නි)

:       0       0

ශශික Thursday, 31 March 2016 01:03 AM

ජාතික ආරක්ෂාවට තර්ජනයක් නැහැ කියනවනේ.....(ම)

:       0       0

සුජිත් නිශාන්ත හේවගේ Thursday, 31 March 2016 02:50 AM

දැන් දැන් රටේ ආරක්ෂාවට බරපතල ලෙස හානි වී ඇති බවට ඇතැම් පාරාජිකා වූ දේශපාලනඥයන් පතුරවන දූෂමාන ආරංචිවලට තටු ලැබුණා වගේ හිටිවී මේ වගේ දේවල් පළ වෙන්න ගත්තහම පුවත්පත්වලයි සන්නිවේදන මාධ්‍යවලයි. මොකද එයාලා බලා ඉන්නේම පවතින රජයට මඩ ගහන්නේ අපහාස කරන්නේ කොහොමද කියලමයි. (බ)

:       0       0

මුණසිංහ Thursday, 31 March 2016 03:02 AM

ජාතික ආරක්ෂාවට තර්ජනයක් නැහැ-ආරක්ෂක ලේකම් කියයි! (බ)

:       0       0

ප්‍රසාද් Thursday, 31 March 2016 03:29 AM

නීතියට අහුවෙයි කියල බය හිතන සේරවානිජල මොන මගුලක් කරලා හරි රට අවුල් කරන්න බලනවා. මේවා හොදට හොයල බලන්න ඕනේ. මේ වගේ ඩීල් කුමන්ත්‍රණ නොපුරුදු අයත් නෙවෙයිනේ. (බ)

:       0       0

තිස්ස ජයසිංහ Thursday, 31 March 2016 04:19 AM

මේක සුළු ප්‍රශ්නයක්. ඇත්තට ගන්න එපා (බ)

:       0       0

හසන් Thursday, 31 March 2016 04:26 AM

ජනපති තුමනි වහාම උතුරේ ආරක්ෂාව තහවුරු කර, විශේෂ ආරක්ෂක කණ්ඩායම් යොමුකර, ජනතාවට අරක්ෂාව තහවුරු වූ බව ඔප්පු කර පෙන්වන්න. එහම කරන්න බැරිනම් ගෙදර යන්න ලෑස්ති වෙන්න. (බ)

:       0       0

අංජන Thursday, 31 March 2016 04:44 AM

මන්නාරම පොලිසිය විසින් වලදමා තිබියදී? (බ)

:       0       0

පද්මිණී Thursday, 31 March 2016 04:53 AM

හමුදාව ,පොලිසිය ජනවාරි 8 ද ගෙදර ගියේ නැහැනේ. ,ආරක්ෂාව නැතිවෙන්නේ කොහොමද . කාගේ හරි උගුලක්. (ර)

:       0       0

සේන Thursday, 31 March 2016 04:57 AM

මට තේරුම් ගන්න බැරි මොකද මේ එකපාරටම හැමතැනම අවි මතුවෙන්නේ මොකද කියලා. (ර)

:       0       0

බන්දුල Thursday, 31 March 2016 05:16 AM

මරාගෙන මැරෙන කෙනාට කොහොමත් එකනේ. එ් නිසා අපේ ආරක්ෂාව අපි හදා ගන්න එක අපි කාටත් හිතට සැනසීමක්.(බ)

:       0       0

දුමින්ද Thursday, 31 March 2016 05:49 AM

ගිනි පුපුර සුළුකොට නොතැකිය යුතුයි (බ)

:       0       0

දේවේන්ද්‍ර Thursday, 31 March 2016 05:57 AM

සුජිත් නිශාන්ත හේවගේ වගේ අය ඉන්නකම් යහපාලනය තියේවි. (බ)

:       0       0

තිලාන් Thursday, 31 March 2016 06:22 AM

සිංහල උගන්වන්න ඕන (බ)

:       0       0

ඉන්දු Thursday, 31 March 2016 06:26 AM

මේ ප්‍රතිචාර දාල තියෙන සමහර අය යුද්ධයෙන් පස්සේ ඉපදුනු බබාලා වෙන්න ඕනේ.. එයාල අපේ රටේ පත්තුවුණු ගින්දර ගැන දන්නා පාටක් පෙන්න නැහැ..(බ)

:       0       0

තිලාන් Thursday, 31 March 2016 06:32 AM

ඉංජිනේරුවෙක් කියනවා ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් නෑ කියලා. විමර්ශනයක් කරන්න කලින් නිගමනය දීලා ඉවරයි. (බ)

:       0       0

රජින්ද Thursday, 31 March 2016 06:33 AM

රටේ විපක්ෂය බලසම්පන්න වෙනවා. වත්මන් පාලනය දුර්වල වෙමින් පවතිනවා. නමුත් සතුරා විසිහතර පැයේම අවධානයෙන් ඉන්නේ ඕනෑම රටක පාලනය දුර්වල වෙනකන්. මේ කාගේවත් කුමන්ත්‍රණ නෙවෙයි, මේ ත්‍රස්තවාදයේ බිහිසුණු සෙවනැළිමයි. (බ)

:       0       0

සරත් Thursday, 31 March 2016 06:37 AM

සුජිත් නිශාන්ත ඔබ හරි. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site