මන්නාරම ඉලුප්පුකඩවායි ප්‍රදේශයේ සගවා තිබු ආර්පීජී වර්ගයේ අවියක් හා පුපුරන ද්‍රව්‍ය කිහිපයක් අද (30) පස්වරුවේ වළදමා තිබියදී සොයාගත් බව මන්නාරම් පොලිසිය කියයි.
මන්නාරම තිරුකේදීස්වරන් ගුවන් හමුදා කඳවුරට ලැබුනු බුද්ධි තොරතුරකට අනුව මන්නාරම් පොලීසියේද සහාය ඇතිව අදාල යුද උපකරණ තිබූ ස්ථානය හැරීම සිදු කළේය.
එහිදී පළමුව ක්ලේමෝ බොම්බ 6 ක් පුද්ගල නාශක බිම්බෝම්බ 16 ක්,(පකිස්තාන් බොම්බ 2ක්,කොටි සංවිධානයේ නිෂ්පාදිත රංගන් බෝම්බ 14ක්) බිම්බෝම්බ පුපුරවා හැරීමට යොදාගන්නා ෆියුස් 16 ක් ,පුද්ගල නාශක අත්බෝම්බ 14 ක් ද (ජේ.ආර්. වර්ගයේ අත්බෝම්බ 2ක්, ආගස්ථි 4ක් ,කේ 400 වර්ගයේ බෝම්බ 3,ටී.82 වර්ගයේ බෝම්බ 5ක් ) ,මිලිමීටර් 60 වර්ගයේ මොටාර් බෝම්බයක් ද හමු වී ඇති අතර පසුව මන්නාරම් පොලීසිය විසින් අදාල වැසිකිලි වල අවට සිදු කළ හෑරීම් වලින් පසුව ආර්.පී.ජී. වර්ගයේ ගිනි අවියක්ද හමු වී ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආරක්ෂක ලේකම් නම් කියයි ආයෙත් වැඩට යන්නත් බැරි තත්වයක් එන්නයි හදන්නේ මට පේන විදියට (හේ)
වල දාපු ආයුධ ගොඩ ගන්නත් එපැයි.(හේ)
බය වෙන්න එපා ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නෑ (ම)
රජින්ද, ඔබ හරි (නි)
රජින්ද, එම බිහිසුණු සෙවනැළි සමඟ ගනුදෙනු කළ අය අද එල්ලෙන්න වැල් හොයනවා. (නි)
අතීතයේ ඉඳලාම වුණ දෙයක් තමයි මේ රටේ සැබෑ දේශප්‍රේමීන් සුළුතරයක් රටට ආක්‍රමණ ආ විට ජීවිත පරිත්‍යාගයෙන් වැඩකිරීම හා පැත්තක් සිටිය අය ලකුණු දාගැනීම (නි)
තව ඇති වලදාලා තියෙන අවි.(හේ)
ශ්‍රී ලංකාව පාලනය කරන මෙවන් යුගයක ඉදිරියේදී අමිහිරි දේවල් දැකීමට සහා ඇසීමට ලැබිය හැක .(හේ)
මේවා යුද්ධය කාලයේ සගවපු ඒවා කියල පෙනුමෙන්ම පේනවා.. ආර්.පී.ජී ලෝන්චර් එක හොදටම මලකඩ කාල.. සමහරු බලාහිටියේ අද ඊයේ ගෙනාපු ආයුධ කියලා ජාතිවාදය් පතුරුවලා බලය ගන්න වෙන්නැති (බ)
හරි හරි අපි දැනගෙන සිටිය මේ තත්වයට රට යන බව. (හේ)
අපේ රට ත්‍රස්තවාදය අවසන්කර ඇතත් 30 වසරකට එහා සිට ත්‍රස්තවාදී ක්‍රියාදාමයක් පවතී. මේ රටේ ඔවැනි සැඟවූ, අතහැරුණු ,මගහැරුණු අවිආයුධ හමුවීම සාමාන්‍යයි. ඒ හැටි කලබල වෙන්න දෙයක් නැහැ. ලෝක ඉතිහාසය දෙස බලන්න. ලෝක යුද සමයේ සැඟවූ ආයුධ පවා තාමත් ලොව පුරා හමුවනවා. අපේ ආරක්ෂක අංශ වන පොලිස්, ත්‍රිවිධ හමුදාවන්හි අවධානය ගැන සතුටු වියහැකියි. (නි)
ජාතික ආරක්ෂාවට තර්ජනයක් නැහැ කියනවනේ.....(ම)
දැන් දැන් රටේ ආරක්ෂාවට බරපතල ලෙස හානි වී ඇති බවට ඇතැම් පාරාජිකා වූ දේශපාලනඥයන් පතුරවන දූෂමාන ආරංචිවලට තටු ලැබුණා වගේ හිටිවී මේ වගේ දේවල් පළ වෙන්න ගත්තහම පුවත්පත්වලයි සන්නිවේදන මාධ්‍යවලයි. මොකද එයාලා බලා ඉන්නේම පවතින රජයට මඩ ගහන්නේ අපහාස කරන්නේ කොහොමද කියලමයි. (බ)
ජාතික ආරක්ෂාවට තර්ජනයක් නැහැ-ආරක්ෂක ලේකම් කියයි! (බ)
නීතියට අහුවෙයි කියල බය හිතන සේරවානිජල මොන මගුලක් කරලා හරි රට අවුල් කරන්න බලනවා. මේවා හොදට හොයල බලන්න ඕනේ. මේ වගේ ඩීල් කුමන්ත්‍රණ නොපුරුදු අයත් නෙවෙයිනේ. (බ)
මේක සුළු ප්‍රශ්නයක්. ඇත්තට ගන්න එපා (බ)
ජනපති තුමනි වහාම උතුරේ ආරක්ෂාව තහවුරු කර, විශේෂ ආරක්ෂක කණ්ඩායම් යොමුකර, ජනතාවට අරක්ෂාව තහවුරු වූ බව ඔප්පු කර පෙන්වන්න. එහම කරන්න බැරිනම් ගෙදර යන්න ලෑස්ති වෙන්න. (බ)
මන්නාරම පොලිසිය විසින් වලදමා තිබියදී? (බ)
හමුදාව ,පොලිසිය ජනවාරි 8 ද ගෙදර ගියේ නැහැනේ. ,ආරක්ෂාව නැතිවෙන්නේ කොහොමද . කාගේ හරි උගුලක්. (ර)
මට තේරුම් ගන්න බැරි මොකද මේ එකපාරටම හැමතැනම අවි මතුවෙන්නේ මොකද කියලා. (ර)
මරාගෙන මැරෙන කෙනාට කොහොමත් එකනේ. එ් නිසා අපේ ආරක්ෂාව අපි හදා ගන්න එක අපි කාටත් හිතට සැනසීමක්.(බ)
ගිනි පුපුර සුළුකොට නොතැකිය යුතුයි (බ)
සුජිත් නිශාන්ත හේවගේ වගේ අය ඉන්නකම් යහපාලනය තියේවි. (බ)
සිංහල උගන්වන්න ඕන (බ)
මේ ප්‍රතිචාර දාල තියෙන සමහර අය යුද්ධයෙන් පස්සේ ඉපදුනු බබාලා වෙන්න ඕනේ.. එයාල අපේ රටේ පත්තුවුණු ගින්දර ගැන දන්නා පාටක් පෙන්න නැහැ..(බ)
ඉංජිනේරුවෙක් කියනවා ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් නෑ කියලා. විමර්ශනයක් කරන්න කලින් නිගමනය දීලා ඉවරයි. (බ)
රටේ විපක්ෂය බලසම්පන්න වෙනවා. වත්මන් පාලනය දුර්වල වෙමින් පවතිනවා. නමුත් සතුරා විසිහතර පැයේම අවධානයෙන් ඉන්නේ ඕනෑම රටක පාලනය දුර්වල වෙනකන්. මේ කාගේවත් කුමන්ත්‍රණ නෙවෙයි, මේ ත්‍රස්තවාදයේ බිහිසුණු සෙවනැළිමයි. (බ)
සුජිත් නිශාන්ත ඔබ හරි. (ර)