
මන්නාරම මඩු තච්චනාමරදමඩු ප්‍රදේශයේ පාසල් දරුවන් අට දෙනකු අසාද්මිකතාවකයක් හේතුවෙන් මන්නාරම රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.
මෙම දරුවන් කිසියම් ඇට වර්ගයක් ආහාරයට ගැනීමෙන් මෙසේ සිදුවන්නට ඇතැයි වෛද්‍යවරු සැක පළ කරයි.
රෝගී වූ දරුවන් අතර දැරියන් හත් දෙනකු ද වන බව රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය.
නව හැවිරිදි වියේ පසුවන මෙම දරුවන් මඩු ප්‍රදේශයේම පදංචි කරුවෝ වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාසල් වල, නොයෙකුත් ආයතනවල ආහාර විෂ වීම් පිළිබඳව නිතර නිතර අසන්නට ලැබීම කණගාටුවට කරුණක්. කුමන දෙයක් හෝ විකුණා මුදල් ඉපැයීමේ පරමාර්ථයෙන් ක්‍රියාකරන ව්‍යාපාරිකයින්ට නිසි දඬුවම් ලබා දෙන්නේ කවදාද? අප රටේ ආහාර සුරක්ෂිත බව තහවුරු කරන්නේ කවදාද? පාසල් දරුවන් තමයි රටක ආනාගතය, ඔවුන් සුරැකීමයි හැමෝගේම වගකීම...