(සුජිත් හේවාජුලිගේ )
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් කොටසක් ( සියයට විස්සක් පමණ ) සිය අධ්‍යාපන සුදුසුකම් පාර්ලිමේන්තු ප්‍රධානීන්ට ලබාදීම මග හැර ඇතැයි වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් නැවත වරක් සිහිකැඳවීමක් කිරීමට කටයුතු කරගෙන යන බව පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් යම් තොරතුරු පද්ධතියක් පවත්වාගෙන යා යුතු හෙයින් ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව තොරතුරු ලබාදෙන්නැයි පාර්ලිමේන්තු ප්‍රධානීන් ඉල්ලීමක් කර ඇත්තේ කාලයකට පෙර සිටය.
එහෙත් කොටසක් එම ඉල්ලීමට තවමත් සාර්ථක ප්‍රතිචාර දක්වා නැති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
මේ අතර සාමාන්‍ය ජනතාව ඇතුළු විවිධ පුද්ගලයන් තොරතුරු දැනගැනීමේ පනත යටතේ පාර්ලිමේන්තු ප්‍රධානීන්ගෙන් වැඩි වශයෙන් ඉල්ලන තොරතුරු අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් විශේෂිතය.
එහෙත් මන්ත්‍රීවරුන් කොටසක් අධ්‍යාපන සුදුසුකම් එලෙස ලබා නොදීම නිසා තොරතුරු දැනගැනීමේ පනත යටතේ එම තොරතුරු ලබාදීම කළ නොහැකිවී ඇතැයි පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිසි තොරතුරු දෙන්න විදිහක් නෑ. දැන් ඉස්කෝලවල අසමත් කිරීමේ ක්‍රමවේදය අනුව සාමාන්‍ය පෙළ පන්තියට ගිහින් තියෙනවා. අනික මාල කඩන්න, කසිප්පු පෙරන්න, හොරකමට, කුඩු විකිණීමට යන ආදී ශිෂ්ඨ සමාජ විරෝධී කටයුතු වලට සම්බන්ධ වීමට අධ්‍යාපන සුදුසුකමක් ඕනෑද? තව කට්ටියක් ඉන්නවා...
මේ වගේ කණ්ඩායමකින් රට දියුණු කරන්න පුළුවන්ද? තක්කඩිකම විතරක් තිබුණට රටක් දියුණු කරන්න බෑ. අද රටට වෙලා තියෙන කරුමය මේක තමයි..
ඔය මන්ත්‍රීවරුන්ගේ නම් සඳහන් කරන්න බැරිද? නම සඳහන් කරලා දැම්මා නම් නේද හොඳ...?
තොරතුරු ලබාදී නොමැති නම්, වහාම මන්ත්‍රී ධුරයෙන් ඉවත් කරන්න. එය නොකිරීම ඔබගේ වරදකි...
කියන්න ඉගෙනගන්න එපායැ. කසිප්පු පෙරන්න, මාල කඩන්න, කැලෑ කපන්න, ගංජා වවන්න නිධන් හාරන්න මොකටද ඉගෙනීමක්...? ඕන නම් තාත්තලගේ හයියෙන් රටකට ගිහින් උපාධියක් ගත්තා කියනවනේ. අනික උගතුන් කිව්වාට ඒ අයත් හොරු. පොලිසියේ රස්සාව කරලා නැත්නම් දත් ගලෝලා නැව් ගන්න කැට හොල්ලවල කප්පම් අරගෙන තට්ටු බිල්ඩින් ගන්න අයනේ...
ඒ අයට අධ්‍යාපන සුදුසුකම කියන එක තේරෙන්නේ නැහැ. තේරුම් ගන්නවත් පුළුවන් අධ්‍යාපන මට්ටමක එයාලා නෑ.. ඒකයි ප්‍රශ්නය.
පක්ෂ ලේකම්ලාගෙන් අහන්න. නොමිනේෂන් දෙන්නේ ඉල්ලුම්පතේ සුදුසුකම් එහෙම බලලා කියනවනේ...
ඔය මිනිස්සුන්ව ඔච්චරම අසරණ කරන්න එපා. සුදුසුකම් තියනවා නම් අහන්නත් කලින්මනේ දෙන්නේ... ඇයි බැරි මැතිවරණයට නාම යෝජනා බාරදෙන අවස්ථාවේ ඕක බලන්න. අවම මූලික සුදුසුකමක් නියම නොකිරීමයි වරද...!
මහත්වරුනි, ඔබතුමන්ලාත් බයවෙලා නේද? ඔය තොරතුරු දීපු අයගේ නම් ටික දාන්නකෝ... එතකොට අපට හිතාගන්න පුළුවන් තොරතුරු නොදීපු ‘‘වියතුන්‘‘ කවුද කියලා? බොහොම ‘‘සිම්පල්‘‘ වැඩක්..
ටිකක් ඉවසා සිටින්න.. තවමත් සහතික දීමට හැකියාව ඇති උත්තමයා රාජකාරි බාරගෙන වැඩිකලක් නැහැනේ... ඉක්මනින් ආචාර්ය, මහාචාර්ය තනතුරු දේවි යැයි සිතනවා.