(සුජිත් හේවාජුලිගේ )
වාහන නොමැතිකම හේතුවෙන් මතුවී ඇති ගැටලු සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් රැසක් තමාට පැමිණිලි කර ඇති බවත් වාහනයක් නොමැති නැගෙනහිර පළාතේ මන්ත්‍රීවරයකු බොහෝ අවස්ථාවල කොළඹට පැමිණෙන්නේ ගිලන් රථයක නැගී බවත් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.
මන්ත්‍රීවරයා රෝහල් බලධාරීන්ට කතාකර කොළඹට එන ගිලන් රථයක නැගී පැමිණෙන බව පැවසූ කතානායකවරයා තවත් මන්ත්‍රීවරුන් පොදු ප්‍රවාහන සේවයෙන් කොළඹට පැමිණෙන බවද ප්‍රකාශ කළේය.
මේ අතර තීරු බදු රහිත වාහන බලපත්‍රයක් ලබා දෙන ලෙසටවූ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම ජනාධිපතිවරයාට මේ සතියේ බාර දෙන බවද ඔහු සඳහන් කළේය.
තමන්ට තීරු බදු රහිත වාහන බලපත්‍රයක් ලබා දෙන ලෙසට ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු 116 දෙනෙක් සංදේශයක් බාරදෙමින් කතානායකවරයාගෙන් පසුගියදා ඉල්ලීමක් කළහ.
එම ඉල්ලීමට පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේ අනුමැතිය දැනටමත් පළවී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිලන් රථයක බැරිනම් අවමංගල රථයක නැගලා ගියත් කමක් නැහැ, රටේ මහජනතාවගේ බදු මුදල් නාස්ති නොකර. ඔය පාර්ලිමේන්තුව තියෙන්නේ තව මාස පහයි, ඒ පහට ගන්න තියෙන ඔක්කොම සැප ගන්න, ලබා ගන්න පුළුවන් ඔක්කොම වරදාන වරප්‍රසාද බූක්ති විදින්නයි කට්ටිය සූදානම් වෙන්නේ.
හරි හොඳයි. අපිත් පාවිච්චි කරන්නේ අවුරුදු 17කට වඩා පරණ වාහනයක්. අපිටත් ටිකක් සැප වාහනයක් ගන්න ඕන . ඉතින් ඇයි රජය වාහන ආනයන තහනම ඉවත් කිරීමට වෙනස් ක්‍රමයක් සිතන්නේ? දැන් වාහන මිල ජෙට් යානයක් මෙන් ඉහල ගොස් ඇති බැවින් නියාමකයින්ට මහජනතාවට යහපත් දෙයක් කිරීමට සිතා බැලිය යුතුය.
මැතිවරණයක් අභියස මේවගේ ඉල්ලීම් කරන අයට චන්දෙ දෙන්න වටිනවද ?
මිනිස්සුන්ට දෙවේලක් වත් හරියට කන්න නැහැ ඒ අස්සේ මෙයාලට වාහන මිනිස්සු නම් වෙන්න බැහැ මේගොල්ලෝ
කොහොම හරි අරන් දෙන්න
පාර්ලිමේන්තුව විසුරුවන්න ලන්වෙලා තියෙද්දී වාහන ගෙන්වන්න ඉල්ලන්නේ ඊලග ඡන්දෙට වාහන විකුණලා සල්ලි ගන්න.... නැත්තං විසුරුවන්න ලන්වෙලා තියෙද්දී මොකටද වාහන???
නිදහසෙන් පස්සේ පත්වුන අජූතම කතානායක .මුන් තවම තනතුරු වල ඉන්නවා නේද කියලා හිතාගන්නවත් බෑ
ඉතින් අවුලක් නෑනේ. කෝච්චි තියෙන්නේ මිනිස්සුන්ට යන්න තමයි. ඇයි එයාට කෝච්චියේ එන්න බැරි ලැජ්ජද. මෙයාලගේ තියෙන සියලු වරප්‍රසාද අයින් කරපු දවසක ඇත්තටම රටට වැඩ කරන්න ඕන මිනිස්සු දේශපාලනේට එයි
තව මාස කීපයට මොන වාහනද ?අනේ මුන් කරන සේවාව .හැඳි ගෑවිලාම යන්න ඕනේ සක්කිලි
මන්ත්‍රීලාගේ වාහන වල අසරණ මිනිසුන් නංවාගත යුතුයි
මැතිවරණයක් ළඟ. දැන් මේ තක්කඩි කොටු පණින කාලේ. ජනවරමක් නැති ජනාධිපතිවරයා මේවා දීලා මේ තක්කඩි ටික තමන්ගේ මල්ලට ඔබා ගන්නවා. අන්න එහෙමයි ඊළඟ පාර ඡන්දය දිනන්න සැළසුම් කරන්නෙ
ඕකුන්ට පොදු ප්‍රවාහන සේවාවල පාර්ලිමේන්තුවට එන්න බැරි නම් ගෙවල් වල හිටපල්ලා. මොකද ඇවිල්ලා රටට වැඩක් තියනවද? මුන්ට පාර්ලිමේන්තුවෙන් කන්න දෙන සල්ලිත් අපි ගෙවන්න ඒපයා.
ඇයි පොදු ප්‍රවාහනය භාවිතා කළහම මොකද වෙන්නේ.
තොපිලට වාහන හිඟා කෑම ,අපිට කෑම හිඟා කෑම ,දැන් මුන් හදන්නේ යන ගොනා කොරහත් බිඳගෙන යන්න වගේ වැඩක්.මොකද තව ටික දවසකින් හැමෝම ගෙදරනේ
මෙහෙමනේ වැඩේ විවාහයක් කරගත් මිනිහෙක් තමන්ගෙ බිරිඳ හා දරුවො නඩත්තු කරන්න ඕන විවාහක බිරිඳ අත් හැර දික්කසාද වුණත් වන්දියක් ගෙවීමට සිදුවෙනවා ඉතින් ඔය වාහන ඉල්ලන්නෙ අපේ අවශ්‍යතාව සදහා අපි පත්කර ගත්තු බිරින්දෑලා තමයි ඉතින් අපිට උන්දැලා නඩත්තු කරන්න වෙනවා දැන් අපි උන්ට කන්න අදින්න දෙනවා කොළඹින් නවාතැන් දෙනවා ඉතින් උන්ට අපිව මතක්වෙලා අපිව බලන්න උජාරුවට එන්න හොද වාහනයක් නැතුව කොහොමෙයි මහත්තයෝ අනේ ඕකත් දීලා දාලා අමතක නොකර ගාස්තුව ණය පොතේ ලියන්න හොදේ දැන්නම් වේලක් හැර වේලක් කන්න වත් ක්‍රමයක් නැහැ ඒත් ඉතින් මොනවා කරන්නද ඔය අතරේ අපිට යන්න වුනොත් ණය ශේෂය අපි යන තැනකට එවන්න අමතක කරන්නත් එපා ඕං
ඉතාම ධනවත් රටවල පවා මන්ත්‍රීල අගමැතිලා වුණත් මහජන ප්‍රවාහන සේවය භාවිත කරනවා.ඇයි අපේ මන්ත්‍රීලට බැරි බස් හෝ දුම්රිය භාවිතය? ඕනනම් සැප බස් ගාස්තුව දෙන්න..
හැම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුටම BUS/COACH පාස් එක බැගින් දීමට යෝජනා කරනවා
පොදු ප්‍රවාහන සේවයෙන් තනියම ආවොත්නම් මන්ත්‍රීව මිනිස්සු සම්බෝල හදනවා ෂුවර්. මොවුන් කරලා තියෙන සක්කිලි වැඩවලට කොහොමද තනියම පාරේ බැහැලා යන්නේ? සේක්කෝ, බට්ටෝ, ටොයියෝ 15ක් විතර වටකර ගෙන එනවා වෙන්න ඇති...!