IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


‘මන්ත්‍රීවරුන්ගේ විනය හැදිය යුතුයි‘

පාර්ලිමේන්තුව තුළ විනයක් නැතිව හැසිරෙන මන්ත්‍රිවරුන් ගැන තීරණ ගැනීමේ බලයක් කතානායකට වඩා ඒ මන්ත්‍රිවරු නියෝජනය කරන පක්ෂ නායකයින් ගත යුතු බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අද (20) මහනුවරදී පැවැති මාධ්‍ය හමුවකදී පැවැසිය.

‘පසුගිය කාලයේ පක්ෂයක් හැටියට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට විශාල ප්‍රමාණයක් ඇගිල්ල දික් කරන්න පටන් ගත්තෙ පක්ෂයෙ මන්ත්‍රිවරුන්ගෙ හැසිරීම සම්බන්ධව. පක්ෂ නායකවරු හා කථානායක මේ වගේ විනයක් නැතිව හැසිරෙන මන්ත්‍රිවරු ගැන ඉදිරියේදී ක්‍රියා මාර්ගයක් ගනියි කියා මා සිතනවා. මහින්ද රාජපක්ෂ මහත්මයාගෙ කාලෙ කළ විදිහට හොරු අල්ලන්න අපට බෑ. අද අපි හරි ක්‍රමවේදයකට නීතිය අධිකරණයට භාර දීල තියෙනවා. අපි ඒක අතට අරගෙන නෑ.‘ යැයිද රණතුංග මහතා කීවේය.

 



අදහස් (0)

‘මන්ත්‍රීවරුන්ගේ විනය හැදිය යුතුයි‘

සංජීව Monday, 21 December 2015 11:04 AM

විනය... හඃ හඃ හඃ හා .... අසෝක විදුහලේ ළමයින්ට තඩි බාපු අර්ජුන නේද මේ කතාකරන්නේ.. රොෂාන් මහානාමගේ ගෙදරට ලයනල් හෙවත් පයිප්පයාට ගල් ගහන්න අනුබල දුන්න අර්ජුන නේද මේ කතාකරන්නේ.. (බ)

:       0       0

මේනක Sunday, 20 December 2015 12:41 PM

ඔව් ඔව් සමහර විනය වැරදි පක්ෂ ජ්‍යෙෂ්ඨන්ට පස්සා දොරෙන් කඩන් පැනලා හදන්නවත් බැරි ඒවා කියලා අපිට ආරංචියි. (බ)

:       0       0

සරසි Sunday, 20 December 2015 12:47 PM

මුලින්ම කළ යුතු දෙය තමයි එය.(හේ)

:       0       0

මහින්ද සෞදි Sunday, 20 December 2015 03:35 PM

අගමැතිතුමා විරුද්ධ පක්ෂයට අපහාසාත්මක අන්දමට පිළිතුරු දෙන එක හරිද? (බ)

:       0       0

සුමිත්‍ර බස්නායක Sunday, 20 December 2015 04:04 PM

කරන්න පුලුවන්නම් ලොකු දෙයක්. එ්ත් කවදාවත් නොකළ හැකි දෙයක්. (බ)

:       0       0

විජිත් Sunday, 20 December 2015 07:15 PM

පළමුව පවුල් දේශපාලනය නැවැත්විය යුතුයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 527 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site