පාර්ලිමේන්තුව තුළ විනයක් නැතිව හැසිරෙන මන්ත්‍රිවරුන් ගැන තීරණ ගැනීමේ බලයක් කතානායකට වඩා ඒ මන්ත්‍රිවරු නියෝජනය කරන පක්ෂ නායකයින් ගත යුතු බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අද (20) මහනුවරදී පැවැති මාධ්‍ය හමුවකදී පැවැසිය.
‘පසුගිය කාලයේ පක්ෂයක් හැටියට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට විශාල ප්‍රමාණයක් ඇගිල්ල දික් කරන්න පටන් ගත්තෙ පක්ෂයෙ මන්ත්‍රිවරුන්ගෙ හැසිරීම සම්බන්ධව. පක්ෂ නායකවරු හා කථානායක මේ වගේ විනයක් නැතිව හැසිරෙන මන්ත්‍රිවරු ගැන ඉදිරියේදී ක්‍රියා මාර්ගයක් ගනියි කියා මා සිතනවා. මහින්ද රාජපක්ෂ මහත්මයාගෙ කාලෙ කළ විදිහට හොරු අල්ලන්න අපට බෑ. අද අපි හරි ක්‍රමවේදයකට නීතිය අධිකරණයට භාර දීල තියෙනවා. අපි ඒක අතට අරගෙන නෑ.‘ යැයිද රණතුංග මහතා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විනය... හඃ හඃ හඃ හා .... අසෝක විදුහලේ ළමයින්ට තඩි බාපු අර්ජුන නේද මේ කතාකරන්නේ.. රොෂාන් මහානාමගේ ගෙදරට ලයනල් හෙවත් පයිප්පයාට ගල් ගහන්න අනුබල දුන්න අර්ජුන නේද මේ කතාකරන්නේ.. (බ)
ඔව් ඔව් සමහර විනය වැරදි පක්ෂ ජ්‍යෙෂ්ඨන්ට පස්සා දොරෙන් කඩන් පැනලා හදන්නවත් බැරි ඒවා කියලා අපිට ආරංචියි. (බ)
මුලින්ම කළ යුතු දෙය තමයි එය.(හේ)
අගමැතිතුමා විරුද්ධ පක්ෂයට අපහාසාත්මක අන්දමට පිළිතුරු දෙන එක හරිද? (බ)
කරන්න පුලුවන්නම් ලොකු දෙයක්. එ්ත් කවදාවත් නොකළ හැකි දෙයක්. (බ)
පළමුව පවුල් දේශපාලනය නැවැත්විය යුතුයි. (නි)