
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ආරක්ෂාව අවශ්‍ය යැයි ඉල්ලීම් කරන මන්ත්‍රීවරුන්ගේ එම ඉල්ලීම් සලකා බැලීම සඳහා ජාතික ආරක්ෂක කවුන්සලයට ඉදිරිපත් කරන බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සඳහන් කළේය.
පොලිස්පතිවරයා මෙසේ පැවසුවේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙන්ම ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ මූලිකත්වයෙන් පැවැති සාකච්ඡාවකදීය.
මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉදිරිපත් වන තක්සේරු වාර්තාවල ප්‍රගතිය තමාට දැනුම් දෙන ලෙස කතානායකවරයා වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දුන්නේය.
මෑත කාලයේ සිදුවූ මනුෂ්‍ය ඝාතන රැසක් අපරාධ කල්ලි සහ මත්කුඩු ජාවාරම් කරුවන් අතර සිදුවන ගැටුම් වල ප්‍රතිඵල බවත් ඒ සඳහා ප්‍රදේශීය දේශපාලනඥයන් ද සම්බන්ධ බවට හඳුනාගෙන තිබෙන බවත් වැඩබලන පොලිස්පතිවරයා කීය.
ආරක්ෂාව අවශ්‍ය බවට තහවුරුවූ මන්ත්‍රීවරැන්ට අවශ්‍ය ආරක්ෂාව ලබාදීමට කටයුතු කර තිබෙන බවද වැඩබලන පොලිස්පතිවරයා පැවසුවේය.
මෙහිදී විරුද්ධ පාර්ශ්වයේ පක්ෂ නායකයෝ තම පාර්ශ්වයේ මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව සම්බන්ධයෙන් මතුව තිබෙන අවශ්‍යතා ගැන කරැණු ඉදිරිපත් කළහ. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) රාමනාදන් අර්චුනා මහතා අදහස් දක්වමින් පැවසුවේ තමන්ට ආරක්ෂාව ලබාදීම සඳහා පහසුකම් නොමැතිනම් ආරක්ෂාව සලසා ගැනීම සඳහා ගිනි අවි ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවයි
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා අදහස් දක්වමින් පැවසුවේ ආරක්ෂක තක්සේරු වාර්තා ගන්නා තෙක් සම්පුර්ණ ආරක්ෂාව ඉවත් නොකර ආරක්ෂාව අවශ්‍ය යැයි පවසන මන්ත්‍රීවරැන්ට එම ආරක්ෂාව ලබාදීම සුදුසු බවයි
තක්සේරු වාර්තාව ලැබීමෙන් පසු එහි නිර්දේශයන්ට අනුවද කටයුතු කළ හැකිබව ඔවුහු පැවැසුහ.
මේ රැස්වීමට විරුද්ධ පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක යන මහත්වරුන් මෙන්ම විපක්ෂය නියෝජනය කරන පක්ෂවල නායකයින්, ඇමති ආරක්ෂක කොට්ඨාශයේ අධ්‍යක්ෂක සහ ආරක්ෂක අංශවල නිලධාරීහු පිරිසක්ද සහභාගී වූහ.
2025 නොවැම්බර් මස 04
647
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2322
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1721
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මන්ත්‍රීවරුන්ගේ රැකවල් ආරක්ෂක කවුන්සලයට